ධම්මික පැණිය බිවූ රාජ්‍ය ඇමති පියල් නිශාන්තටත් කොරෝනා



රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාට සිදු කළ පීසීආර් පරීක්ෂණය අනුව ඔහු කොරෝනා වෛරසය සඳහා ධනාත්මකවූ බව වාර්තාවේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සභිකයින් අතුරින් කොරොනා ආසාදනයවූ 04 වැනියා ලෙස ඔහු නම් කෙරේ.
පියල් නිශාන්ත මහතා පසුගියදා කතානායක කාර්යාලයේදී ධම්මික ලබාදුන් පැණි සාම්පලය කතානායකවරයා හා සිය හිතවත් මන්ත්‍රීවරු කිහිපදෙනා සමග පානය කර එයට ප්‍රසිද්ධියක් ලබාදීමටද දායකවූ අයෙකි.


Previous Post Next Post