රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් භාරයට ගනී

Monday, January 18, 2021 0 Comments



විෂ ශරීරගතවීම හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වී සිටි රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නැවතත් රුසියාව කරා පැමිණ තිබේ. ඔහු එලෙස පැමිණි අවස්ථාවේදී  ප්‍රශ්න කිරීම් සදහා පොලිස් භාරයට ගෙන ඇත.

විෂ ශරීරගත වීම හේතුවෙන් විපක්ෂ නායකවරයා ඊට ප්‍රතිකාර ලබා ගැනීමට ජර්මනියට ගොස් සිටි අතර ඔහු මාස පහකට වැඩි කාලයක් එහි ප්‍රතිකාර ගනු ලැබීය. 

නවාල්නි නැවතත් මොස්කව් නුවරට පැමිණි අවස්ථාවේදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඒ සදහා ඔහුව රුසියා පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. 

කෙසේවෙතත් හතළිස් හතර හැවිරිදි වියේ පසුවන ඇලෙක්සි නවාල්නි පුටින් පාලනය දැඩි ලෙස විවේචනයට ලක් කළ අයෙක් වන අතර නවාල්නිට වස දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුසියා රජයට විවිධ චෝදනා රැසක් ද එල්ල වී තිබේ.

නමුත් එම කිසිඳු වගකීමක් තමන් භාර නොගන්නා බව එරට රජය සදහන් කර ඇත.