එන්නත් දෙකක් සඳහා බ්‍රසීල රජයේ අනුමැතිය

Monday, January 18, 2021 0 Comments


ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා එන්නත් දෙකක් භාවිත කිරීමට බ්‍රසීල රජය අනුමැතිය ලබා දී තිබේ.

බ්‍රසීල සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෙය හදිසි අවස්ථාවක් ලෙස සළකා භාවිතයට අවසර ලබා දුන් බවයි.

ඔවුන් මෙසේ භාවිතයට අවසර ලබා දී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සිනොවැක් හා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා නම් එන්නත් දෙක සඳහායි. 

චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ලබා ගත් බ්‍රසීල පළමුවැන්නා බවට පත්ව ඇත්තේ  54 හැවිරිදි හෙදියකි. ඇය සාවෝ පොලෝ නගරයේ වැසියෙකි. 

කෙසේවෙතත් එරට ජනාධිපති ජේර් බොල්සොනාරෝ වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි. 

මේ වන විට බ්‍රසීලයේ වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ අසූපහකට ආසන්න වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබේ. එබැවින් මෙම එන්නත්කරණ වැඩසටහන් රට පුරා  ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.