එක්සත් ජනපද රජය විසින් මරණීය දණ්ඩනය ලබා දුන් පළමු කාන්තා ෆෙඩරල් රැඳවියා ලීසා මොන්ට්ගොමරි

Wednesday, January 13, 2021 0 Comments

 


ලීසා මොන්ට්ගෝමරී නමැති කාන්තාව 2004 වසරේදී ගැබිණි කාන්තාවක් ඝාතනය කර ඇගේ දරුවා පැහැර ගැනීම සම්බන්ධ චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඇය එක්සත් ජනපදයේ ෆෙඩරල් මරණීය දණ්ඩනය නියම වූ එකම කාන්තා රැඳවියා ලෙසද නම් කෙරිණි.

මේත් සමගම වසර 67ක ඇමෙරිකා මධ්‍යම රජයේ ඉතිහාසය තුළ මරණ දඩුවම නියම වූ පළමු කාන්තාව ලෙසද ඇගේ නම සටහන් විය. 

ඇමෙරිකා වේලාවෙන් අලුයම 1.30ට පමණ 52 හැවිරිදි වියේ පසුවන ලීසා හට විෂ එන්නතක් ලබා දී ඇයට මරණ දඩුවම ලබා දුන් බව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඇය විසින් සිදුකළ වැරදි හේතුවෙන් මීට පෙර අවස්ථා දෙකකදී ඇයට මරණ දඩුවම ලබා දීමට තීරණය කළද විවිධ හේතුන් මත එය ප්‍රමාද විය.

කෙසේවෙතත් මැය මානසික ආබාධයකින් පෙළෙන බැවින් ඇයට මරණ දඩුවම ලබා නොදෙන ලෙස ඇයගේ ඥාතීන් මෙන්ම ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ද ඉල්ලා තිබිණි.