ඉන්දීය ජනතාව වෙත කොවිඩ් මර්දන එන්නත හිමිවේ
ඉන්දියාව විසින් නිපදවූ කොවිඩ් මර්දන එන්නත රට පුරා බෙදාහැරීම මේ වන විට ආරම්භ කර තිබේ.
අද දිනය තුළ පූනේ නගරයේ සිට ප‍්‍රධාන නගර 13 ක් වෙත ගුවන් මගින් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 56 ක් බෙදාහැරීමට ඉන්දීය බලධාරීන් සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් අද උදෑසන සේරම් සමාගමේ සිට පූනේ ගුවන් තොටුපොල වෙත ගෙන් වූ එන්නත් තොගය උෂ්ණත්වය පාලනය කළ ට‍්‍රක් රථ යොදා ගනිමින් අදාළ ස්ථාවයන් වෙත ප‍්‍රවාහනය කොට එන්නත්කරණය සඳහා ඔවුන් සූදානම් වන අයුරු දක්නට ලැබිණි.
මෙහි පළමු අදියරේදී සෞඛ්‍ය සේවකයන් හා අනෙකුත් ප‍්‍රමුඛ කාර්යමණ්ඩල සේවකයන් මිලියන තිහකට සහ වයස අවුරුදු 50 ට වැඩි මිලියන දෙසිය හැත්තෑවක පමණ පිරිසකට මෙම එන්නත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.
කෙසේවෙතත් ඉන්දියාවේ කි‍්‍රයාත්මක මෙම එන්නත්කරණ වැඩසටහන ලොව විශාලතම එන්නත් ලබාදීමේ මෙහෙයුම ලෙසද බොහෝ දෙනෙක් නම්කර තිබේ.