වසර විස්සකට පසු ස්පාඤ්ඤය සීතලම දිනය වාර්තා කරයි
අධික හිමපතනයත් සමඟ ස්පාඤ්ඤයට දැඩි සීතල කාලගුණික තත්ත්වයක් උදා වී තිබේ. මේ හේතුවෙන් වසර විස්සකට පසු වැඩිම ශීත කාලගුණයක් එරටින් ඊයේ වාර්තා විය.
එහි අගය සෙල්සියස් අංශක ඝෘණ 25 ක් දක්වා පහල බැස ඇති බව ද ස්පාඤ්ඤ බලධාරින් පෙන්වා දෙයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට මෙම අයහපත් කාලගුණය හේතුවෙන් එරට වැසියන් බොහෝ ප්‍රමාණයක් සිය දෛනික කටයුතු වල නිරත වීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටියි. එමෙන්ම එරට ප‍්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය කාර්යයන් පවා නිසි පරිදි කරගැනීමට මෙම හිමපතනය දැඩි බාධාවක් වී තිබෙන බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම ශීත කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 07ක් ද එරටින් වාර්තා වී තිබේ.
එබැවින් අත්‍යවශ්‍ය සේවා වලට හැර නිවෙස් වලින් පිටවීමෙන් වැළකී සිටින ලෙසත් වැඩිහිටියන් නිවාසවලම රැඳී සිටිය යුතු බවටත් ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ එරට වැසියන්ට උපදෙස් ලබාදී ඇත.