අනුෂ්කාට දුවෙක්
ඉන්දීය සුපීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි හා ඉන්දීය සුපිරි නිළි අනුෂ්කා ෂර්මා මවුපිය පදවිය ලබා ඇත. ඒ බව පෙරේදා (11දා) තහවුරු කරමින් ඔවුන්ගේ සිඟිති දියණියගේ කෙටි වීඩියෝවක් විරාත් කෝලිගේ සොහොයුරා වූ විකාස් අන්තර්ජාලයට මුදාහැර තිබිණි. ඒ සතුට උතුරා යනවා, නිවසේ දේවදූතිය’ ලෙසින් නම් කරමිනි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය උසුලන කෝලි පිය පදවියට සුදානම්වීම නිසා මේ දිනවල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු සංචාරය අතරමැදදී ඉන්දියාවට නැවත පැමිණ ඇත. සිය දියණිය පිළිබඳ අන්තර්ජාලයේ සටහනක් තබමින් කෝලීද පවසන්නේ මව හා දියණිය සුවයෙන් පසුවන බවයි.