ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් මෙරටට පැමිණීමට පෙර පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි

Wednesday, January 13, 2021 0 Comments

 



ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් විසින් අනුගමනය කළ යුතු අතිරේක ක්‍රියාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරටට පැමිණෙන සියලුම විදෙස්ගත ලාංකිකයින් සහ විදේශ ගමන් බලපත්‍ර දරන්නන් මෙරටට ඇතුළුවීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ අදාළ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති සේවාවන් මගින් පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි. එවැනි අනුමත මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ලෙස අදාළ ගුවන් සමාගම් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා තිබේ.

මේ වසරේ ජනවාරි 6 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන සියලු මගීන්ගේ අනුමත කිරීම් විද්‍යුත් තැපැල් ලිපිනයක් හරහා හසුරවනු ලැබේ. එබැවින් මෙම අනුමැතීන් සඳහා එම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කරන මෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

එමෙන්ම මගී අනුමැතිය යනු වීසා බලපත්‍ර ලබාදීම නොවන බවත් මෙම වැඩපිළිවෙල  ක්‍රියාත්මක කර ඇත්තේ කොරෝනා තත්ත්වය හේතුවෙන් පමණක් වන බවත් එම අධිකාරිය වැඩිදුරටත් පවසා තිබේ.

මගී අනුමැතිය සඳහා වෙන්වූ විද්‍යුත් තැපැල් ලිපිනය - [email protected]