ජෝ බයිඩන්ගේ දිවුරුම් දීම වෙනුවෙන් ඇමරිකාවේ සියලුම ප්‍රාන්තවල ආරක්ෂාව තර කරයි

Friday, January 15, 2021 0 Comments


 

ඇමරිකාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් මේ වනවිට එරට සියලුම ප්‍රාන්තවල ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම පියවර  ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සමගාමීව  ගත් බවයි. මීට සියලූම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ සහයද ලැබී ඇත. ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමේ නිල උත්සවය එළඹෙන විසි වෙනිදා පැවැත්වීමට නියමිතය.

මීට පෙර අවස්ථාවකදී ද වොෂින්ටන් අගනුවරට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් ගොඩවැදී කලහකාරී ලෙස හැසිරුණු බැවින් නැවතත් වොෂින්ටන් අගනුවර ඇතුලු රටපුරා විරෝධතා පවත්වනු ඇති බවටත්  කලහකාරී තත්ත්වයන් ඇතිවනු ඇති බවටත් එෆ් බී අයි ආයතනය විසින් මේ වන විට අනතුරු අඟවා තිබේ.

මේ හේතුවත් සමග සියලුම ප්‍රදේශ වල ආරක්ෂාව මෙසේ තවදුරටත් තර කිරීමට කටයුතු සූදානම් කර තිබේ. එමෙන්ම අවශ්‍ය වුවහොත් අතිරේක බලඇණි යොදා ආරක්ෂක පියවර තර කිරීමට ද ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සැලසුම් සකස් කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.