කථානායක ඇතුළු මන්ත්‍රීවරුන් 15ක් කොරෝනාවට ඍණාත්මකයි


පෙරේදා දින පීසීආර් පරීක්ෂණ සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නැති බව එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව තහවුරුවී තිබේ.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය.

පාර්ලිමේන්තු කටයුතු වල නිරත පිරිස් වෙත මෙසේ පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට හේතුවූයේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර,  අමාත්‍ය වාසුදේව, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමයි.  

කෙසේවෙතත් මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ 448 ක් සදහා මේ දින කිහිපයේම පීසීආර් පරීක්ෂණ සිදුකෙරුණු අතර අද දිනයේ ද තවත් පිරිසකට මෙම පරීක්ෂණයන් සිදුකිරීමට නියමිතය.

Previous Post Next Post