ජකර්තා අහසේදී අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවේ
පසුගිය දිනකදී අතුරුදන් වූ ඉන්දුනීසියා ගුවන් යානය අනතුරට ලක්වූ ස්ථානය මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන්දුනීසියා වාර්තා පවසන්නේ බෝයිං 737 වර්ගයට අයත් එම යානයේ සුන්බුන් සෙවීම සදහා කිමිදුම් කරුවන් විශාල ප්‍රමාණයක් එම මුහුදු ප්‍රදේශයට යොදවා ඇති බවයි. එමෙන්ම ඊට නැව් දහයක් ද තවත් ගුවන් යානා හතරක් ද ගවේෂණ කටයුතු සදහා සහය දැක්වීමට යොමු කර ඇති බවද වාර්තා වෙයි.
මෙම විමර්ශන කටයුතු හරහා ගුවන් යානයේ තිබූ මළු දෙකක් සොයා ගැනීමට හැකි වූ බවද ජකර්තා පොලිසිය දැනුම් දී ඇත.
මෙම යානය ගුවන් ගත කිරීමෙන් පසු විනාඩි කිහිපයකදි යානය අතුරුදන්වුණු බවත්, එය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් හැට දෙදෙනෙකු පමණ සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් මෙම අතුරුදන්වූ ගුවන් යානය පිළිබද පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වේ.