ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වැඩකටයුතු වලින් සමුගනී
ඇමෙරිකානු නව ජනාධිපති එම ධුරයේ දිවුරුම් දීමත් සමඟ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වැඩකටයුතු වලින් සමුගනු ලැබීය.
නමුත් මෙම සමුගැනීම සදාකාලික සමුගැනීමක් නොවන බවත් යළි සියලු දෙනා හමුවීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් පසුගිය නොවැම්බර් 3 වනදා පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න් වංචනික ලෙස ජයග්‍රහණය කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කළ අතර ඊට එරෙහිව විවිධ ක්‍රියාමාර්ගයන් ද ඔහු අනුගමනය කරනු ලැබීය.
එහෙත් ඊයේ දිනයේදී ඔහු යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සහ දරනු ඇතැයි පුවත් පලවුණද එවැන්නක් දක්නට නොලැබුණි.
කෙසේවෙතත් ජෝ බයිඩන් නව ඇමෙරිකානු ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් සහභාගී වී නොසිටීම විශේෂත්වයකි.