ඇමෙරිකාවේ ජෝ බයිඩන් ජනපති ධුරයේ රාජකාරි අරඹයි
ඇමෙරිකාවේ 46 වන ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් අද දිනයේ සිය නිල රාජකාරි ආරම්භ කරනු ලැබීය.
ඔහු ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති අතර ඇමෙරිකානු නව රජයේ උප ජනාධිපති ධූරය සඳහා ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස් දිවුරුම් දෙන ලදි.
මෙම දිවුරුම්දීමේ උත්සවය සඳහා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් මෙන්ම ගායක ගායිකාවන් සහ නළු නිළියන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටිය ද එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා සහභාගී නොවීම විශේෂත්වයකි. කෙසේවෙතත් හිටපු උප ජනපතිවරයා මේ සඳහා සහභාගී වී තිබේ.
සිය පළමු රාජකාරිය වශයෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීම සිදුකරන බවත් අද දිනයේ සිට දින 100 ක් යනතුරු එන්නත් මිලියන 100 ක් ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් නව ජනපති දැනුම් දී තිබේ.