පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන ලකුණු

Wednesday, January 20, 2021 0 Comments

 



පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

කෙසේවෙතත් ඔහු ලංකාවට පැමිණියහොත් කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට එන පළමු රාජ්‍ය නායකයා බවටද ඉම්රාන් ඛාන් නම්වනු ඇත.

එමෙන්ම මීට පෙර එනම් 2016 වසරේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ශ්‍රී ලංකාවට පැමිණ ඇති නමුත් ඉන් පසු එරටින් කිසිඳු ප්‍රබල රාජ්‍ය නායකයෙකු මෙරටට පැමිණ නැත. එබැවින් මෙය සුවිශේෂී නිල සංචාරයක් වනු ඇත.