ඔක්තෝම්බර් මාසයේ සිට අතුරුදන් වූ ජැක්මා ප්‍රසිද්ධියේ පෙනී සිටී

Wednesday, January 20, 2021 0 Comments


පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට අතුරුදන් වී සිටි චීනයේ ප්‍රබල ධනපතියෙකු මෙන්ම අලිබබා සමාගමේ නිර්මාතෘවරයාද වන ජැක් මා පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත.

චීනයේ දෙවන ධනවතා ලෙස නම් කර ඇති මොහු ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ 21වන ස්ථානයේ පසුවේ.‍

පසුගිය මාස කිහිපයේ මොහු පිළිබඳව කිසිඳු තොරතුරක් දැන ගැනීමට හැකියාවක් නොතිබුණද නැවතත් ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීමකට සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙහිදී ඔහු සුපුරදු ලෙස සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේවෙතත් ඔහු එම වීඩියෝ පටිගතකිරීම සිදුකළේ කිනම් ස්ථානයක සිටදැයි හෙළි කරගැනීමට තවමත් නොහැකි වී තිබේ.

කෙසේනමුත් පසුගිය කාලයේ ජැක් මා චීන රජය දැඩි ලෙස විවේචනයට ලක්කළ තිබූ බැවින් ඔහුට විවිධ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවිය. මේ සිදුවීම් සමඟ අතුරුදන්ව සිටි ජැක්මාගේ මෙම නව පැමිණීම සුවිශේෂී අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.