ස්පාඤ්ඤයේ දැඩි හිම පතනය හේතුවෙන් ගමනාගමනයට බාධා

Monday, January 11, 2021 0 Comments

 


ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයට මේ වන විට දැඩි හිම පතනයක් පතිත වෙමින් පවතින අතර ප්‍රදේශයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ හේතුවෙන් මැඩ්රිඩ් නගරය තුළ ඇති මහාමාර්ගයන්හි බොහෝ ස්ථානවල වාහන එක්තැන සිර වී ඇති ආකාරයක්ද දක්නට ලැබේ. එමෙන්ම මාර්ග වල සිර වී සිටින රියදුරන් සඳහා ආහාර රැගෙන යාමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ද කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා පළ කරයි. 

කෙසේවෙතත් මෙම දරුණු අයහපත් කාලගුණය හේතුවෙන් මැඩ්රිඩ් ගුවන්තොටුපොළද වසා දැමීමට එරට බළධාරීන් පියවර ගෙන ඇත. 

එබැවින් අත්‍යවශ්‍ය නොවන ගමන්බිමන්වල යෙදීමෙන් වළකින ලෙස එරට රජය ජනතාවට දැනුම් දී තිබේ.

ස්පාඤ්ඤයේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුවටත් අඩු අගයක් ගන්නා බවත් උතුරු ස්පාඤ්ඤයේ ලියෝන් ප්‍රදේශයේ උෂ්ණත්වය සෘණ අංශක තිස්පහ දක්වා අඩු වී ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කරයි.