නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට පියවර

Wednesday, January 06, 2021 0 Comments



සෞඛ්‍ය අමාත්‍යවරිය හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකළ සාකච්ඡාවකදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට හැකි බවට කරුණු හෙළි විය.

මෙහිදී කෝවිඩ් 19  වෛරසයේ වැඩි අවදානමක් සහිත බස්නාහිර පළාත හැර සෙසු පිට පළාත්වල ක්‍රීඩා තරඟ මෙසේ ආරම්භ කිරීමේ හැකියාවක් ඇති  බව සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු නිලධාරීන් පෙන්වා දෙන ලදි.

බස්නාහිර සහ හුදෙකලා කර ඇති  ප්‍රදේශවල ළමයින් ක්‍රීඩා තරඟ සදහා කිසි ලෙසකින්වත් සම්බන්ධ නොකරගත යුතු බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදි. එමෙන්ම තරඟ පැවැත්වෙන ප්‍රෙද්ශයන්හි වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව එම තරඟ ඉසව් පැවැත්වීම කාලෝචිත බව ද ඔවුන් පෙන්වා දෙනු ලැබීය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ද ඊට එක්ව සිටියහ.