හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ චෝදනා 3 කට වැරදිකරුවෙයි

Friday, January 29, 2021 0 Comments




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතට අනුව චෝදනා 3 කට වැරදිකරු බවට සනාථ වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත. ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ දීර්ඝ විභාගයකින් අනතුරුව ඔවුන් මේ බව දන්වා ඇත.

2019 වසරේ නොවැම්බර් මාසයේදී අයි සී සී දූෂණ මර්දන පනත යටතේ ඔහුට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබූ අතර ඔහුට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම ද තවදුරටත් වලංගු වන බවද ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.  

එමිරේට්ස් ක්‍රිකට් ආයතන දූෂණ මර්දන පනතේ වගන්ති 3 ක් උල්ලංගණය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම 2017 වසරේ පැවති අබුඩාබි ටී - ටෙන් තරගාවලියට අදාළව මෙම චෝදනා ගොණුකර ඇති අතර  ඊට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව ද ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ. 

කෙසේවෙතත් මෙම වැරදි වලට ඔහුට එරෙහිව ඉදිරියේදී දඩුවම් පමුණුවන බවද ඔවුන් නිවේදනය කර ඇත.