බ්‍රිතාන්‍යය විසින් නිපදවනු ලැබූ නවතම කොවිඩ් මර්දන එන්නත වන නෝවාවැක්ස් එන්නත කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සියයට 89% ක ඵලදායීතාවක් පෙන්නුම් කරන බව අනාවරණ වී ඇත.
කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදයට එරෙහිව ඉහළම ඵලදායීතාවක් පෙන්නුම් කළ පළමු එන්නත මෙය වන බවද ඔවුන් පෙන්වා දී තිබේ.
මෙම නෝවාවැක්ස් එන්නත් මාත්‍රා මිලියන 60 ක් පමණ බ්‍රිතාන්‍යයේද නිපදවා ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් ඒ සඳහා බ්‍රිතාන්‍යයේ ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ආයතනයේ අනුමැතිය හිමි වුවහොත් මෙම වසරේ දෙවන භාගයේදී එම එන්නත් ලබාදීමට ඔවුන් අපේක්ෂා කරන බවත් මේ වනවිටත් ෆයිසර් බයෝඑන්ටෙක්, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා යන කොවිඩ් මර්දන එන්නත් 03 සඳහා බ්‍රිතාන්‍යය තුළ හදිසි භාවිතයට අවසර ලබා දී ඇති බවත් බ්‍රිතාන්‍යය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
Tags:
international
