ඇමැති ලක්‍ෂමන් යාපා මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසුණු අවස්‌ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය එකතුවීම පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ දැයි කළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව කීය.
ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයාගේ සහ හිටපු දේශපාලනඥයකු වූ ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණිය අතර විවාහ මංගල්‍යය පෙරේදා පැවැති අතර දෙපාර්ශ්වය වෙනුවෙන් අත්සන් කිරීම සඳහා පැමිණ සිටියේ වර්තමාන ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයාය.
මෙහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද කතාබහක් සිදුවිය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්‌වූ රාජපක්‌ෂ මහතා මෙසේද කියා සිටියේය.
''අපි දෙන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මඟුල ගැන කතා නොකිරීමට වග බලා ගත්තා. ඒත් සමහරු හිතන්නෙ අපි පක්‍ෂය ගැන කතා කළා කියල. ඒ ඡායාරූප වලින් සමහරු විවිධ දේවල් හිතන්න පුළුවන්.''
නෝමන් පලිහවඩන (Divaina)
දේශපාලනඥයින් රැසක් හා කලාකරුවන් කිහිපදෙනෙකු සහභාගීත්වයෙන් පැවති එම උත්සවයේ ඡායාරූප එකතුව මෙතතින්
Pix By -Suren Abeysundara ,Wedding Planer -Lasantha (Siritha) ,Dress- Dananjaya Bandara
Tags:
Trending