රොසා බැන්දාම චතුට හිතුණ දේ (ප්‍රබන්ධ)


රොසා සහ චතු රටම දන්න පෙම් යුවළක් වෙලා තමා හිටියෙ.දෙන්න එකතුවෙල ගේකුත් හැදුවා. ඒත්
බඳින්න හිතක් නෑ. අවුරුදු 7-8 ක් ගතවුණයින් පස්සේ දෙන්නට ටිකක් විතර එකට ඉන්න වෙලාවල් අඩු වුණා. ටෙලි වැඩි වෙද්දි දෙන්නගෙ ජීවත තිබුනෙ ඒ ඒ ලොකේෂන් වල. මේ කාලෙ චතූට වඩාත් සමීප වුණ ගයා
නිසා චතූ වෙනස් වුණා. රොසා ගැන තිබුණ ආසාවත් චතූට නැති වුණා. මේ වෙනස මොකක්ද කියල හොයල බැලුව රොසාට ගයා ගැන ආරංචි වුණා. ගයා දිගටම නෑ නෑ මං එහෙම නෑ කිව්වා. චතූත් මං එහෙම නෑ කිව්වා. ඒත් ඇත්තම කතාව දෙන්නම  නෑ නොවේ ඔව් එහෙමයි.
රොසා චතූගෙ

ප්‍රශ්න මීඩියා වලට කිව්වා. චතූ කලබල වුණා. චතූ ඇත්තටම රොසාව අතෑරියා. ගයාත් නෑ නෑ කියල ඉඳලා චතූ එක්ක එකම වහලක් යටට ගියේ එයාගෙ දරු පවුලත් අතෑරගෙන.
කාලය හෙමීට ගලා ගියා. දෙන්න එකතු වෙලා හදපු ගෙදර අයිතිය රොසා නඩු කියල  තනියෙන් ලබාගන්න උත්සාහ කළා.
 තාම චතූ බැඳල නෑ. ඉස්සරත් චතූ කියන්නෙ අපි හෙට බඳිනවා ලබන අවුරුද්දෙ බඳිනවා කියලයි. අවුරුදු 15 ක් විතර ගිහින් තරුණ කාලෙ ඉවර වෙලත් චතූ තාම කියන්නෙ එහෙමයි.මේක බලා ඉන්න බැරිම තැන සමහර පොටෝ ගහන අය චතූ-ගයා එක්ක තියල වෙඩින් පොටෝ ගහල ප්‍රසිද්ධ කරේ කෝ මුන් දෙන්න අපිවත් බන්දවල ගමු කියන අදහසින්.
රොසාගෙ තනිකම මකන්න විවිධ අය එක් වෙන්නත් උත්සාහ කළා. මාධ්‍යයට සම්බන්ධ කෙනෙක් එක්ක ළඟින්ම ඇසුරු කළත් බැන්දෙ නෑ.අන්තිමට රොසා ළාබාල කෙනෙක් බැන්දා. ඒත්
මේ සියල්ල වෙද්දි චතූ තාම බැඳල නෑ. රොසාගෙ වෙනස ගැන චතූට දුකයි. එත් කොහොම පිට කරන්නද?
චතූ මේ දුක තුනී කරගන්නෙ දිවුල්ගනේගෙ සිංදුවක් අහලා

නෙතට උළෙලක්
විය එදා ඔබ
කඳුලු බිඳුවක්වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක්වුනිද
මන්දා..

ඔබෙන් තොරවූ
ලෝකයක් ගැන
හිතන්නටවත්
නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක
ගෙන එන්න කැන්දා...

ඔබේ රුව රසඳුනක්වූවට
කමක් නැහැ
මට තවත් ඇසකට
නමුදු ඒ රුව
තවත් කෙනෙකුට
අයිතිවනු බැහැ
දරාගන්නට....
Previous Post Next Post