බුලත් කොලේ සත 70 ට පහළ බසී



නාඋල නගරයේ බුලත් පුවක් හා කරුංගා මිල සීඝ‍්‍රයෙන් පහත බැස ඇතැයි තොග වෙළඟුන් සඟහන් කරති.
සති කිහිපයකට පෙර රුපියල් පහක්ව පැවති බුලත් කොලයක මිල ඊයේ (19) වන විට ශත හැත්තෑව දක්වා පහත බැස තිබේ.

පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් බුලත් වගාවේ නව දළු දැමීම හා අස්වැන්න වැඩි වැඩියෙන්

වෙළඳ පොලට පැමිණිම මිල පහත වැටීමට හේතුව  වී ඇතැයි තොග වෙළඳුන් සඟහන් කරති.
දෛනිකව වැඩි වශයෙන් පුවක් අලවි වන නාඋල නගරයේ පුවක් මිල ද මේ වන විට පහත බැස තිබේ.
අමු පුවත් ගෙඩියක මිල රුපියල් දෙකක් දක්වා නගරයේ අලවි වන අතර කරුංගා කිලෝව රුපියල් තුන්සිය පනහ දක්වා පහත බැස තිබේ.
පසුගිය වකවානුවේ අමු පුවක් ගෙඩියක් රුපියල් පහේ සිට රුපියල් අට දක්වා පැවතිනි.
ප‍්‍රදේශයේ බුලත් වගාව බහුලව සිදුකරන බකමූණ,ඇලහැර,නාඋල, යටවත්ත,පල්ළේපොල ආදී ප‍්‍රදේශ වලට අමතරව කුලියාපිටිය ප‍්‍රදේශයෙන්ද බුලත් තොග නාඋල නාගරයට ලැබෙන අතර මිල පහත වැටීම හේතුවෙන් බුලත් වෙළඳාමේ නිරත වන්නන් අසීරුතාවයට පත්ව ඇතැයි ඔවුහු සඳහන් කරති.

(නාඋල - ඉන්දික අරුණ කුමාර)



Previous Post Next Post