මේ දවස්වල රසිකයන් අතර දේශානි බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා නේද?
ඇත්තටම මට පුංචි කාලයේ ඉඳලම ඕනෑ කළේ නිළියක් වෙන්නයි. රූපවාහිනියේ විකාශය වූ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට දෙස මම ඇස් පිය නොහළා බලාගෙන හිටියා. ඒ විදිහට නිළියක් වෙන්න සිහින දැකපු මට 2021 වසරේදී 'පාර දිගේ' ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. එතැනින් ආරම්භ වූ මගේ රංගන ජීවිතය අද වනවිට ඉතා සාර්ථක වී තිබෙනවා. මේ දිනවල විකාශය වන 'පාට කුරුල්ලෝ', 'හිරිපොද වැස්ස' සහ 'දෙයියන්ගේම පිහිටයි' වැනි ටෙලිනාට්‍යවල මගේ රංගනයට ප්රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා.
රංගන දිවියේදී ඔබට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග මොනවාද?
'හිරිපොද වැස්ස' ටෙලිනාට්‍යයේ අතරමැදදී 'ආත්මි' ගේ චරිතයට සම්බන්ධ වීම මගේ රංගන ජීවිතයේදී මුහුණ දුන් සුවිශේෂීම අභියෝගයයි. ආත්මිගේ චරිතය ඊට කලින් රඟපෑවේ මගේ හොඳම මිතුරියක් වන මියෝනා විසිනුයි. ඇය එම ටෙලිනාට්‍යයෙන් ඉවත් වූ පසුව අධ්යක්ෂ ප්‍රභාත් රෝෂන් අයියා මට ආත්මිගේ චරිතය සඳහා ආරාධනා කළා. ඒ අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් මාව ආත්මි විදිහට පිළිගනීවිද කියන සැකය මටත් තිබුණා. නමුත් මම අභියෝගවලට මුහුණ දෙන්න ඉතා කැමති කෙනෙක්. ඒ නිසා මගේ උපරිම කැපවීම යොදලා මම එම චරිතයට රංගනයෙන් දායක වුණා. මුලදී ප්‍රේක්ෂකයන් මාව එකවරම ආත්මි ලෙස පිළිගත්තේ නැහැ. නමුත් මගේ රංගනය, හැඟීම් ප්රකාශනය, දෙබස් උච්චාරණය සහ ඇඳුම් පැළඳුම් මගින් මම එම චරිතයට අලුත් වටිනාකමක් එකතු කළා. ඒත් සමගම රසිකයන් මාව ආත්මි විදිහට වැළඳ ගත්තා. අද වනවිට පාරේදී මාව දැක්කත් ඔවුන් කතා කරන්නේ ආත්මි කියලයි.
'හිරිපොද වැස්ස' ටෙලිනාට්‍යයේ ආත්මි කියන්නේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඔබට මවකගේ චරිතයක් රඟපෑම ගැටලුවක් වුණේ නැද්ද?
ආත්මි කියන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන් සටන් කරන ධෛර්යවන්ත තරුණ මවක්. ඒ අම්මාගේ ශක්තිමත් බව දැකලා මගේ හිතෙත් ඒ චරිතය ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ආත්මිගේ චරිතයේ තිබෙන දරු සෙනෙහස සහ ඇය මුහුණ දෙන අභියෝග මගේම කරගෙන මම එම චරිතයට පණ පෙව්වා. ළමා රංගන ශිල්පිනී ඒමි තමයි මගේ දියණිය ලෙස රඟපාන්නේ. ඇය ඉතාම හුරතල් දැරියක්. නාට්‍යයේදී වගේම සැබෑ ජීවිතයේදීත් මම ඇයට ගොඩක් ආදරෙයි.
දේශානි ඉදිරියේදී රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිත මොනවාද?
දේශානි නෙහාරාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් නිරූපණය කරන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා. මේ දක්වා මට ලැබුණු හැම චරිතයක්ම පාහේ මගේ සැබෑ ජීවිතයට යම් තරමකින් සමීප ඒවා වුණා. ඒ නිසා ඉදිරියේදී මම නොවන වෙනස්ම මානයක චරිතයක් රඟපෑම මගේ බලාපොරොත්තුවක්.
ඔබව ළඟදීම සිනමාවෙන් දකින්න පුළුවන් කියලා ආරංචියි?
ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන අතරතුරේදී මට තිබුණු ලොකුම බලාපොරොත්තුවක් තමයි සිනමාවට සම්බන්ධ වීම. මේ වනවිට එම සිහිනය සැබෑ වී තිබෙනවා. මම රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල පසුගිය දිනවල අවසන් කළා. ඊට අමතරව තවත් චිත්‍රපට දෙකකට මේ දවස්වල මම සම්බන්ධ වී සිටිනවා. ඒ නිසා ඉදිරියේදී පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් මාව දැකගන්න පුළුවන්.
රංගන වෘත්තියට මේ තරම් අවංක වෙන පුරුද්ද ඔබට ඇති වුණේ කොහොමද?
පුංචි කාලයේ ඉඳලම මගේ එකම සිහිනය වුණේ නිළියක් වීමයි. කෙටි මාර්ගවලින් නොගොස් සාධාරණව රඟපෑමේ නිරත වුණොත් රංගන ශිල්පිනියක් ලෙස ඉහළටම ගොස් ප්‍රේක්ෂක ආදරය දිනාගන්න පුළුවන් බව මම විශ්වාස කරනවා. රංගනයට තිබෙන ගරුත්වය නිසාම මම එයට අවංක වුණා. මගේ පෞද්ගලික ප්‍රශ්න කවදාවත් රූගත කිරීම්වලට ගෙනිහින් ටෙලිනාට්‍ය කඩාකප්පල් කරලා නැහැ. වෙලාවට වැඩ කරන, කලබල නැතිව රඟපාන ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයේ සියලු දෙනාම මාව දන්නවා. මගේ පවුලේ අයගේ බල කිරීම මත මම ගුවන් සේවිකාවක් ලෙස රැකියාවට ගියත්, ගුවන් ගමන් අතරතුර ලංකාවට ඇවිත් මහන්සිය නොබලා රඟපෑ අවස්ථා තිබුණා. අවසානයේ රැකියා දෙකම එකවර කරන්න බැරි වූ විට, ලෝකය පුරා සංචාරය කරන්න පුළුවන් ඉහළ වැටුපක් ලැබෙන ගුවන් සේවිකා රැකියාව අත්හැරලා මම රංගනය තෝරා ගත්තා. මම කලාවට ඒ තරමටම ආදරෙයි.
නිළියක් වීමෙන් ඔබේ ජීවිතයට ලැබුණු දේවල් මොනවාද?
මට ලැබුණු වටිනාම දේ තමයි රසිකයන්ගේ ආදරය. ගුවන් සේවිකාවක් ලෙස විදේශ රටවලට ගිය අවස්ථාවලදී පවා ලංකාවේ මිනිස්සු මාව හඳුනාගෙන ආදරයෙන් කතා කළා. විදේශීය ගුවන් කාර්ය මණ්ඩලය ඉදිරියේදී අපේ රටේ මිනිසුන්ගෙන් ලැබුණු ඒ අගය කිරීම ගැන මට දැනුණේ නිහතමානී ආඩම්බරයක්. අදටත් මග තොටේදී සහ ප්‍රසිද්ධ ස්ථානවලදී රසිකයන් මා සමග කතා කරමින් ඡායාරූප ගන්නා විට දැනෙන සතුට වෙන කිසිම දෙයකින් මට ලැබී නැහැ.
සරාගී පෞරුෂයක් තිබෙන නිළියක් ලෙස දේශානි ප්‍රසිද්ධයි. මේ සරාගී බව ගොඩනඟා ගත්තේ කොහොමද?
මට ආවේණික සරාගී සිරුරක් තිබෙන බව මම විශ්වාස කරනවා. එය මට ස්වභාවිකවම ලැබුණු දෙයක් මිසක් කෘතිමව ගොඩනඟා ගත් දෙයක් නොවෙයි. සමහරු හිතන්නේ නිරුවත පෙන්වීම සරාගීකම කියලයි. නමුත් සම්පූර්ණයෙන්ම වැසුණු සංවර ඇඳුමක් ඇන්දත් මගේ සිරුර සරාගී බවයි මට හැඟෙන්නේ. මට ආදරය කරන රසිකයනුත් නිතරම එය පවසනවා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා.
රූප සම්පත්තිය නිසා අනෙක් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වෙන අවස්ථා වැඩි නැද්ද?
ඔව්. මගේ සිරුර සහ මම කරන විලාසිතා ගැන සමහර අවස්ථාවලදී වෙනත් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වෙලා තිබෙනවා. හැබැයි මම ඒ දේවල් ගැන හිතන්නේවත්, ඊර්ෂ්‍යා කරන අයට වෛර කරන්නේවත් නැහැ. මට මම ගැන සතුටුයි. ඊර්ෂ්‍යා කරන අය අතරේම මගේ සම, කොණ්ඩය සහ සිරුරේ හැඩය අගය කරමින් ලස්සනට ඉන්නේ කොහොමද කියලා අහන ගැහැනු ළමයිනුත් ඉන්නවා. මම කිසිම පැකිලීමකින් තොරව ඔවුන්ටත් ලස්සන වෙන විදිහ ගැන කියලා දෙනවා.
ඉසුරු සමග ගෙවන පවුල් ජීවිතය කොහොමද?
ඉසුරු අයියා එක්ක ගෙවන ජීවිතය හරිම සුන්දරයි. බිරිඳක් වුණාම ලොකු වගකීම් සමූහයක් පැවරෙනවා. මේ වනවිට ඒ වගකීම්වල බැරෑරුම්කම මට හොඳින් තේරෙනවා. නමුත් මම ඒවායින් පැනලා යන්නේ නැතිව බිරිඳක් විදිහට ඉසුරු අයියට ආදරයෙන් සලකනවා. ජීවිතයේ විවිධ ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න විසඳාගෙන හරියාකාරව ජීවත් වෙන්නයි අපි නිතරම උත්සාහ කරන්නේ. විවාහයේදී ඉසුරු අයියාගේ අල්ලගත්ත අත මරණ මංචකය දක්වාම අත්නොහැර එකට ඉන්නයි මම ප්‍රාර්ථනා කරන්නේ.
ජීවිතයේ විවිධ හැලහැප්පීම් සමග නිර්මාණය වන කටකතා ගැන ඔබේ අදහස මොකක්ද?
කටකතාවල ඇත්තක් තිබෙනවා නම් එය කටකතාවක් නොවී ප්‍රවෘත්තියක් වෙන්න ඕනේ. එයින්ම තේරෙනවානේ ඒවා බොරු කතා කියලා. මගේ පවුල් ජීවිතයේ වැඩකටයුතු එක්ක දැන් මට කටකතා ගැන හිතන්නවත් කාලයක් නැහැ. කටකතා හදන අයට ඒවා හදාගන්න ඉඩදීලා මම ඉසුරු එක්ක මගේ පවුල් ජීවිතය සතුටින් ගත කරනවා.
සාකච්ඡා සටහන: ලක්ෂාන් ජයසූරිය
ENGLISH SUMMARY:
Sri Lankan actress Deshani Nehara recently opened up about her successful acting career and her beautiful married life with popular actor Isuru Lokuhettiarachchi. Speaking about her professional journey, Deshani shared how her childhood dream of becoming an actress became a reality with her debut in the teledrama 'Paara Dige' in 2021. She is currently starring in hit teledramas like 'Paata Kurullo', 'Deiyangema Pihitai', and 'Hiripoda Wassa'. Taking over the character "Aathmi" from her friend Miona in 'Hiripoda Wassa' was a significant challenge for her, but her dedication won the audience's hearts alongside child actress Amy.
Deshani also revealed that she completely gave up a highly-paid career as an international air hostess to pursue her true passion for acting. Addressing public perceptions about her bold and attractive personality, she confidently stated that her sexy physique is entirely natural. She gracefully handles jealousy regarding her looks and enjoys sharing beauty tips with young girls who admire her. Speaking affectionately about her husband Isuru Lokuhettiarachchi, Deshani emphasized her commitment to her responsibilities as a wife, stating her ultimate wish is to hold his hand until the very end, while completely ignoring baseless industry rumors.