අග්නිජය චිත්‍රපටයෙන් සිනමාවට එන මාංචන තාරක සිය කලා දිවිය ගැන කළ හෙළිදරව්ව

gossiplanka image 1
 ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මෙන්ම කලා ලෝකය තුළද සක්‍රීයව නිරත වෙමින් තිරය පිටුපස සහ කැමරාව ඉදිරියේ එකවර දස්කම් පාන මාංචන තාරක, සිය කුලුඳුල් සිනමා ප්‍රධාන රංගනය වන 'අග්නිජය' චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ඒමට සූදානමින් සිටියි. සිංහල සිනමාවට මෑතකදී අඩුවක් වී තිබූ ක්‍රියාදාම අංග යළිත් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එන මෙම චිත්‍රපටයේ අත්දැකීම් සහ සිය කලා දිවිය පිළිබඳව මාංචන තාරක සිය අදහස් පළ කළේ මේ ආකාරයෙනි.


මාංචන තාරක කියන්නේ කවුද කියලා අපි මුලින්ම කතා කරමු?

මම උපදින විටම මට තැබූ නම තමයි මාංචන තාරක කියන්නේ. එහි තේරුම 'බැබළෙන තරුව' යන්නයි. මගේ පියා ජ්‍යොතිර්වේදියෙකු වූ නිසා ඔහු කවදා හෝ දිනෙක මා කලාවට හෝ සිනමාවට පිවිසෙතැයි සිතා මෙම නම තබන්නට ඇති බව මම විශ්වාස කරනවා. ඒ නිසා මාංචන යන නම කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියටම රැගෙන යාම මගේ බලාපොරොත්තුවයි.


ප්‍රධාන චරිතයක් හරහා කුලුඳුල් සිනමා ආගමනය ඔබේම චිත්‍රපටයකින් සිදු කිරීමට සිතුවේ ඇයි?

මා මීට පෙර චිත්‍රපට දෙකකට සම්බන්ධ වී තිබෙනවා. මා ප්‍රථමයෙන්ම රංගනයට පිවිසෙන්නේ මගේ වයස අවුරුදු අටේදී රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් හරහායි. ඉන්පසුව 'දුර ගමනක්' ටෙලිනාට්‍යයට සහ මියුසික් වීඩියෝ පහළොවකට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. මීට අමතරව 'මිස්ටර් ශ්‍රී ලංකා මෑන් හන්ට්' තරගයේදී 'මියුසික් යූනිවර්ස් ශ්‍රී ලංකා' යන අංශය ජයග්‍රහණය කිරීමටත් මට හැකි වුණා. කෙසේ වෙතත් මා ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට එන පළමු අවස්ථාව වන්නේ 'අග්නිජය' චිත්‍රපටයයි.


ඔබේ කලා ගමනට පියාගෙන් ලැබුණු මගපෙන්වීම කොතරම් දුරට බලපෑවාද?

ඒ ආභාසය මට නිවසින්ම ලැබුණු දෙයක්. දැකපු පුරුද්ද සහ පළපුරුද්ද එකතු වූ විට සාර්ථක නිර්මාණයක් බිහි වෙනවා යැයි මා විශ්වාස කරනවා. මගේ පියාගේ කලාකාමී පසුබිම නිසා මාධ්‍ය සහ කලා ලෝකය මා කුඩා කල සිටම නිරන්තරයෙන් දුටු දෙයක් බවට පත්වුණා. මගේ කලා ජීවිතයේ සාර්ථක ආරම්භයකට මෙන්ම අද මා ගමන් කරන මේ මාවතේ කොඳුනාරටිය බවට පත්වුණේ ඒ මුල්කාලීන ආභාසය සහ මගපෙන්වීම නිසයි.


දැන් අපි 'අග්නිජය' චිත්‍රපටය ගැන කතා කරමු?

'අග්නිජය' චිත්‍රපටයේ මා නිරූපණය කරන චරිතයේ නමත් මාංචන වීම මට බෙහෙවින්ම විශේෂයි. මෙහි මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ චරිතයකට පණ පොවනවා. ඔහු ආදරණීය පෙම්වතෙකු මෙන්ම අසාධාරණයට එරෙහිව නැගී සිටින යහපත් පුතෙකු ලෙස මෙහි නිරූපණය වනවා. සැබෑ ජීවිතයේ මගේ පෞරුෂයටත් යම් තරමකට සමීප වන මෙම චරිතය සිනමා තිරයේ ජීවමාන කිරීම මට විශාල තෘප්තියක් ගෙන දුන්නා. මෙය ප්‍රේක්ෂකයන්ටද වෙනස්ම ආකාරයේ අත්දැකීමක් වේවි යැයි මා සිතනවා.


මෙම පෙම්වතාගේ චරිතයට ඔබ උපරිම සාධාරණයක් ඉටු කළා යැයි සිතනවාද?

'අග්නිජය' චිත්‍රපටය තුළ මා එම පෙම්වතාගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළ බව මා තරයේ විශ්වාස කරනවා.


සැබෑ ජීවිතයේදීත් ඔබ ආදරවන්තයෙක්ද?

සිනමාව තුළ මා සාර්ථක පෙම්වතෙකුගේ චරිතයක් නිරූපණය කළත්, සැබෑ ජීවිතයේදී නම් මා තවමත් ආදරවන්තයෙකු නොවෙයි. මේ දිනවල මගේ මුළු කාලය සහ අවධානය යොමු කර තිබෙන්නේ මගේ කලා කටයුතු සහ ඉදිරි නිර්මාණ සාර්ථක කර ගැනීම වෙනුවෙනුයි.


චිත්‍රපටය සඳහා ශනුද්‍රි වැනි ජනප්‍රිය නිළියක් තෝරා ගැනීමට හේතුව කුමක්ද?

මේ පරම්පරාවේ සිටින ජනප්‍රියම නිළියක් ලෙස මා ශනුද්‍රිව දකිනවා. චිත්‍රපටයේ එන එම චරිතය ඉතා සුන්දර තරුණියකගේ එකක් වන අතර ඊට වඩාත්ම ගැළපෙන රංගන ශිල්පිණිය ශනුද්‍රි බව මට විශ්වාසයි.


ලෝචි වැනි අන්තර්ගත නිර්මාණකාරියක් (content creator) මෙයට සම්බන්ධ කරගත්තේ ඇයි?

ලෝචි කියන්නේ සැබෑ ජීවිතයේදීත් මගේ සමීප මිතුරියක්. විශ්වවිද්‍යාල පරිසරයක් ගත් විට අපට විවිධ චරිත මුණගැසෙනවා. ලෝචි කියන්නේ දුකේදීත් සැපේදීත් එකට සිටින, පණ වුණත් දෙන හොඳ මිතුරියක්. ඒ නිසා ඇයව මේ නිර්මාණයට සම්බන්ධ කරගත යුතු යැයි මා සිතුවා. විශේෂම හේතුව නම්, මෙහි තිරපිටපත ලියන අවස්ථාවේ පවා ඇයගේ චරිතයට අප ලෝචි යන නමම භාවිත කරමින් ඉදිරියට ගෙන යාමයි.


ඉදිරියේදී ඔබෙන් දැකගත හැකි අලුත් නිර්මාණ මොනවාද?

මේ වන විටත් ශනුද්‍රිට සහ මට වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ නව චිත්‍රපට දෙකකට ආරාධනා ලැබී තිබෙනවා. මීට අමතරව තවත් අලුත් වැඩකටයුත්තක් ආරම්භ කර ඇති අතර අනාගතයේදී ඒ පිළිබඳව ප්‍රේක්ෂකයන්ට දැනගැනීමට ලැබේවි.


ENGLISH SUMMARY:

Emerging Sri Lankan actor Manchana Tharaka is set to make his cinematic debut in a lead role with the upcoming action film 'Agnijaya'. Having entered the entertainment industry at the age of eight through a television commercial, Manchana later appeared in the teledrama 'Dura Gamanak' and numerous music videos. He also secured the 'Music Universe Sri Lanka' title at the Mr. Sri Lanka Manhunt competition.


In a recent interview, Manchana revealed that his character in 'Agnijaya', a university student fighting against injustice, closely resembles his real-life personality. The actor credited his father, a well-known astrologer with an artistic background, for guiding him into the entertainment world. Manchana is paired alongside popular actress Shanudrie Priyasad, whom he considers the perfect fit for her beautiful character, and popular content creator Lochana Jayakodi (Lochi), a close real-life friend whose role was specifically written for her. Despite playing a romantic lead, Manchana confirmed he is currently single and entirely focused on his artistic career, teasing two more upcoming film projects alongside Shanudrie.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post