බුලත්විට කාලා කලන්තේ දාලා වැටුණා-චමීර ලියනගේ

gossiplanka image 1
 


ඉතිං මම තමයි යක්බැඳි ගෙදර කුලප්පුවා. හැමෝම අහනවා මීහරක් පිටේ යන්නේ කොහොමද කියලා. සතෙක්ට වුණත් ආදරෙන් සැලකුවොත් එයාලත් අපි කියන දේ අහනවා. එයාලට මං දුන්න ආදරේට පෙරලා එයාලත් මට ආදරේ දුන්නා. ඒ කුලප්පුවාට කීකරු වෙලා එයාලා ඒ වැඩේට උදව් කළේ නැත්නම් කුලප්පුවට මේ වැඩේ ලේසි වෙන්නේ නෑ. ඒ වගේම තමයි අපේ නිෂ්පාදන කණ්ඩායම. ඒකත් අමතක කරන්න බෑ. වැඩේ ලස්සනට කරන්න උපරිම Support එකක් දෙනවා. මේ සටහන අපි හොයාගත්තේ චමීර ලියනගේ මුහුණු පොතෙන්.


මේ දවස්වල අපිට ඔහුව හම්බ වෙන්නේ කුලප්පුවා එක්ක. හැබැයි පසුගිය කාලයේ මෙයාගේ හරි අපූරු වැඩ ටිකක් වෙස්” වලවෙට්ටුවා” රන්නිල් වැව” ඉරගිනි මද්දහන” වීදුරු තිර කියන ටෙලි සිත්තම්වලින් දකින්න ලැබුණා.


ඔය අතරේ නුදුරේදීම සුදේශ් වසන්ත පීරිස්ගේ – රතී” ශාන් ජයරත්නගේ – කන්නගී” ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගේ – මීදුම් තරණය” රොහාන් වැලිවිටගේ – මම තනියම සිනමා නිර්මාණවලින් ද චමීරගේ දස්කම් දැක ගැනීමට හැකිවේවි. ඉතිං මේ වෙලාවේ චමීර කුලප්පුවාගේ චරිතය වෙනුවෙන් මීහරක් සමග ඔට්ටුවෙන නාට්‍යයේ භූමිකාව වෙනුවෙන් මීවිතෙන් ඉඩකඩක් වෙන් කරන්න අපි අදහස් කළා.


යක්බැඳි ගෙදර කුලප්පුවාගේ චරිතය ගැන පිටපත කියවන කොට මොන වගේ රහක්ද ආවේ?


මම නිර්මාණයක් තෝරාගන්න කලින් මුලින්ම ඉල්ලන්නේ පිටපත. පිටපත සම්පූර්ණ කරපු වැඩවලට මම කැමැතියි. අනික මේක කොටස් හැටක විතර ටෙලිනාට්‍යයක්. මහේෂ් රත්සර මද්දුම ආරච්චි අයියගෙ තමයි පිටපත. කියවපු ගමන් ලොකු ගේමක් තියෙන පිටපතක් කියලා හිතුණා. ලොකුවට සද්ද බද්ද නැති වුණාට වැඩවලින් තමයි පෙන්වන්න තියෙන්නේ. වෙලාවකට දෙබස් තිබුණා නම් හොඳයි කියලත් හිතෙනවා.


පිටපතේ හිටපු කුලප්පුවා නිර්මාණය කළේ කොහොමද?


කුලප්පුවාට කවුරුත් නැහැ. උගේ තාත්තා ඌත් එක්ක අමනාපයෙන් ඉන්නේ. ඔක්කොටම ඉන්නේ ආලම්මා විතරයි. හැබැයි ඊට අමතරව ඌට හැම දුකක්ම කියන්න ඉන්නවා යාළුවෝ පිරිසක්. ඒ මීහරක්. එතකොට ඒ මීහරක් එක්ක තමයි කුලප්පුවා ජීවිතය ගත කරන්නේ.


නළුවෙක්ට මී හරක් එක්ක ඔට්ටුවෙන එක නම් ලේසි නැහැ?


ලේසි නැහැ කියන්නේ මෙහෙමයි. මම ඌව යාළුකර ගන්න සති දෙකක් විතර පට්ට ට්‍රයි එකක් දුන්නා. ඇත්තටම මම ඌත් එක්ක ජීවත් වුණා. ඌ ඇත්තටම ගහන්නෙ හොම්බෙන්. කකුල්වල ඉදිමුණු තැන් තවමත් තියෙනවා. මී හරක් එක්ක ඔට්ටුවෙලා තැළුණු අවස්ථා එමටයි. වෙලාවකට මේ සතා කැලෑවල් කඩාගෙන දුවනවා. ඒකට මගෙත් එක්ක දර්ශන තලයේ ඉන්න සියලු දෙනාම සාක්‍ෂි දරාවි.


මම මේ සතා එක්ක කොච්චර කිට්ටුවෙන් හිටියත් ඌගේ ගැහැණු සතා දැක්ක ගමන් ඌ කඩාගෙන දුවනවා. මම තවම දැකලා නැහැ මීහරකා රැළේ ඉන්න කොට උගේ පිටට පැනලා රඟපාන නළුවෙක් ඉන්නවා කියලා.


මහන්සියේ ප්‍රතිඵල විදිහට ලැබෙන ප්‍රතිචාරවලින් කාන්සිය නිවී යනවාද?


ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඕනෑම මනුස්සයෙක් කරන කැපකිරීමට ඒකට පෙරලා ප්‍රතිචාරයක් ලැබෙනවා නම්” ඒ වෙච්ච මහන්සිය ගාණක් නැති වෙනවා. ඒ ඇගැයීම තියෙනවා නම් මාර වටිනවා. අපේ කවුරුවත් ඇගැයීමක් දෙන්න කැමැති නැහැනේ. ඒක මාරම දෙයක්. හැබැයි මට මේ චරිතයට ප්‍රවීණයන්ගෙන් වගේම හැමෝගෙන්ම මාර වටිනාකමක් ලැබුණා. ඒක මාර ශක්තියක්.


බුලත්විට කන්නත් මාර ගේමක් දුන්නා කියන්නේ ඇත්තද?


මම සාමාන්‍ය ජීවිතයේ බුලත්විට කන කෙනෙක් නෙවෙයි. මම බුලත්විට කන එක සතියක් විතර පුරුදු වුණා. අනික මගේ ගම කඩවත. ඇත්තටම මේ චරිතයත් මීහරකෙක් වගේ නේ. සමහර දර්ශනවලට බුලත්විට හත් අට පාරක් විතර කන්න වෙනවා. බුලත්විට කාල කලන්තෙ දාලා වැටුණු වාර අනන්තයි. පස්සෙ පස්සෙ මම බුලත්විට ගෙදරින් හදාගෙන යනවා. බුලත්විටක් කන එක මම හිතුවේ මාර ආතල් වැඩක් කියලා. නෑ. ඒක මාර අමාරු වැඩක්. දවස් දහයක් දොළහක් ෂූටින් ගිහිල්ලා ආවට පස්සේ බුලත්විට කහට යවාගන්න තව දවස් හතක් විතර දත් මදින්න ඕනෑ. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනෑ ඉරේෂ් අයියා. ඔහු මට මාර සහයෝගයක් ලබාදෙනවා.


එදා ලැබුණු පිටපත ගැන අද වෙනකොට දැනෙන හැඟීම?


ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මොකද මගේ ජීවිතයේ මම කිසිම ගේමක් අතහරින්නේ නැහැ. මම උපරිම මහන්සි වෙනවා. හැමෝම කියනවා ආරක්‍ෂා වෙන්න කියලා.


චරිතයක් වෙනුවෙන් ජීවිත අවදානමක් අරගෙන මේ තරම් කැපවෙන්නේ ඇයි?


මෙහෙමයි. මම බය නෑ. සතෙක්ට බය වුණොත් වැඩේ කරගන්න බෑ. ඕනෑම සතෙක් මෙල්ල කරන්න බෑ බයනම්. බය නැතිව මීහරක් එක්ක ගෙවන ජීවිතය සුන්දරයි. කුලප්පුවා තවම කුලප්පු වුණේ නැහැ. ඉස්සරහට තමයි හොඳම ටික බලාගන්න පුළුවන් වෙන්නේ. මම සාමාන්‍ය මනුස්සයෙක්. මාව වෙස්ගන්වන්න මධුසංක මල්ලිට පැය එකහමාරක කාලයක් ගතවෙනවා. ඔහු මම වෙනුවෙන්ම වෙනම මේකප් සෙට් එකක් අරගෙන එනවා. එච්චර කැපකිරීමක් කළ මෙහි නිෂ්පාදන කණ්ඩායම වන සුසන්ත අයියා ඇතුළු පිරිසට ස්තූතිවන්ත වෙනවා. චන්දන අයියටත් ස්තූතියි. ප්‍රසන්නයි” වලස්මුල්ල අයියයි සහය අධ්‍යක්‍ෂවරු විදිහට ලොකු සහයෝගයක් ලබාදෙනවා. මීහරක් පට්ටිය අයිති ෂෙල්ටන් මාමත් අහනවා මීහරක් එක්ක කොහොමද ඉන්නේ කියලා. මේක ටීම් වර්ක් එකක්.


ඉරගිනි මද්දහනේ මහතුන් වගේම වීදුරු තිර ගැනත් කතා නොකරම බැහැනේ?


ඉරගිනි මද්දහන ලලිත් රෝහිත අයියාගේ අධ්‍යක්‍ෂණයක්. තරංගා දිසානායක අක්කාගේ පිටපත් රචනයක්. මහතුං චරිතයට මාව තෝරා ගත්තාට ඔවුන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මහතුං ගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. මට ලැබෙන චරිතය ලොකු ද පොඩි ද කියලා අදාළ නැහැ. ඒකට උපරිම සාධාරණය කරන්න තමයි බලන්නේ. ලලිත් රෝහිත කියන්නේ මාර සංවේදී මනුස්සයෙක්. ඒ සංවේදී මනුස්සයා අධ්‍යක්‍ෂණය කරන කොට මගෙන් මොන තරම් සංවේදී දර්ශන ඕනෑද කියන කාරණාවේදී මම ඔහුට පෙරලා ඒක ලබාදෙන්න සූදානමින් ඉන්නෙ. මිනිස්සුන්ගේ ජීවිතවල පෙලක් තැන්වල පොඩි පොඩි දුක්මුසු තැන් තියෙනවා. ඒ දුක්මුසු තැන් මිනිස්සුන්ට දැනුනාට පස්සේ සමාජයටත් දැනෙනවා. ඒ අවස්ථා දැනෙන්න කරන එක තමයි නළුවාගේ වගකීම.


චරිත වෙනුවෙන් චමීර කැපවුණාට සම්මාන උළෙලවලදී ඔබව ගොඩාක් දෙනකුට අමතක වෙනවා?


අනිවාර්යයෙන්ම. මාව කිසිම ටෙලි සම්මාන උළෙලක ජූරියේ පොඩි සම්මානයකටවත් නිර්දේශ වෙන්නේ නැහැ. මෙහෙම නේ. සම්මාන උළෙලක ජූරියට උපරිම ඉන්නේ පහයි” හයයිනේ. හැබැයි මේ ලංකාවේ ප්‍රේක්‍ෂකයෝ කෝටි දෙකක් විතර ඉන්නවා. ඉතිං ඒ ප්‍රේක්ෂකයෝ මට ලබාදෙන ප්‍රතිචාරය අර සම්මානයට වඩා වටිනවා. ඒ විශ්වාසයේ තමයි මම ඉන්නේ. සම්මානයක් ලබාදුන්නොත් මම සතුටින් භාරගන්නවා.


වීදුරු තිර කියන්නේ ශලනි තාරකාගේ කතා සංකල්පයක්. ගයනි අසිංසලා අක්කාගේ තිර පිටපතක්. ශාන් ජයරත්නගේ අධ්‍යක්‍ෂණයක්. ඒක මම භාරගන්න කොට හිතුවේ ආයේ මට පාරේ බැහැලා යන්න බැරිවේවි කියලා. හැබැයි මම බය නෑ. මම ඒ චරිතය හරහා සමාජයට වැරදි ආදර්ශයක් දුන්නේ නැහැ. ඒකෙන් අපි සමාජයට දුන්නේ හොඳ ආදර්ශයක්. මුලදී මිනිස්සු ඒක වැරදියට තේරුම් ගත්තා. හැබැයි පසුව එහි සත්‍යතාවය මොකක්ද කියලා හැමෝටම වැටහුණා.


මෑත කාලයේ චමීරට හරි අපූරු චරිත ලැබෙනවා. ඒ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?


මට ලැබෙන ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නෙත් නැහැ. ලොකු කමකට කියනවා නෙමෙයි. අපි ජීවත් වෙන්නේ මේකෙන්. අපිට එක ටෙලි නාට්‍යයක් කරලා ලංකාව වගේ රටක ජීවත් වෙන්න බැහැ. ඒක අපි හැමෝම පිළිගන්න කාරණාවක්. ඒක හින්දාම හොඳ චරිතයක් එනකම් බලාගෙන ඉන්නවා. තවත් හොඳ නිර්මාණ දෙකක් එන්න තියෙනවා. ඒ දෙක ආවට පස්සේ ඔයා වුණත් කතා කරලා අහයි මල්ලි” උඹ මොකක්ද බං මේ කළේ කියලා. ඒ චරිත කළේ උපරිම මහන්සි වෙලා.


චමීරගේ සිනමා ගමන ගැනත් මේ කතාවේදී අපිට යමක් පැවැසුවොත්?


සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගේ – රතී” ලක්‍ෂ්මන් පුෂ්පකුමාර අයියාගේ – මීදුම් තරණය” රොහාන් වැලිවිට සර්ගේ – මම තනියම” කියන චිත්‍රපට තුන තියෙනවා. ඔය අතරේ මේ දිනවල කලණ ගුණසේකර අයියාගේ ‘අක්වැස්ස. චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙනවා. සිතුම් අයියා තමයි අක්වැස්ස චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ.


චමීර ලියනගේ තමන්ගේ ජීවිතය ගැන පසු විපරමක් සිදු කළොත්?


ලොකු සතුටක් තියෙනවා. මේ ක්‍ෂේත්‍රයේ මගේ පවුලේ කවුරුවත් නැහැ. සාමාන්‍ය පෙළ හදාරලා තරු මංසලට ගිහිල්ලා ඊට පස්සේ අවුරුදු තුනක් විතර පසුබිම් ශිල්පියෙක් විදිහට එක දෙබසක් කියාගෙන තමයි මේ ගමන ආවේ. අනික මම ම තනියම සම්බන්ධතා හදාගත්තේ. මම උඩින් පාත්වෙච්ච මනුස්සයෙක් නෙමෙයි. මේ ගමන එන්න ගෙදර අම්මා” තාත්තා” අයියා” අක්කා” මල්ලිගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඉතිං ඒ දෙන සහයෝගය හින්දයි අද චමීර ලියනගේ කියන නළුවා බිහිවෙලා තියෙන්නේ.


රඟපෑම අතහරින්න ඕනෑ කියලා හිතුණ අවස්ථා එහෙමත් ඇතිනේ?


අතහරින්න අවස්ථා ආවත් මම කිසිම තැනක අතහරින්නේ නැහැ. මට මගේ ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එක ගැහැව්වා කිව්වත් මේක අතහරින්නේ නැහැ. නළුවෙක් වුණහම චරිතනේ නිරූපණය කරන්නේ. එක එක චරිත එකිනෙකට වෙනස්. එක එකට සමානකම් තියෙන චරිත කරනවා හරි අඩුයි. මම සත්තුන්ට ගොඩක් ආදරෙයි. ඒ හින්දා සත්තු මට පෙරලා ආදරය දෙනවා. මම වැරැද්දක් කරන්නේ නෑ. අනික මම සත්තු ආරක්‍ෂා කරන්න උත්සාහ කරනවා.


යක්බැඳි ගෙදර ෂූටින් ගියහම චමීර කාවන්තිස්ස බලන්න අමතක කරන්නෙත් නැහැ කියලා ආරංචියි?


ඔව්. කාවන්තිස්ස පාර මාරුවෙන තැනට ගිහිල්ලා අපි බලාගෙන ඉන්නවා. ඒ සද්දන්තයා නැති වෙන්න සති දෙකකට කලිනුත් අපි දැක්කා. අපිටම පුදුමයි යකෝ එහෙම මැරෙනවාද? අලි කියලා. ඒවාට නම් මිනිස්සු තමයි වගකියන්න ඕනෑ. අලියකුට වෙඩි තියෙනවා කියන්නේ සාපරාධී ක්‍රියාවක්. ඔවුන්ට ස්වභාව දහමෙන් දඬුවම් ලබාදෙන්න ඕනෑ. යක්බැඳි ගෙදර දර්ශන තලයට අලි කරදර එමටයි. මේ ළඟකදී නූලෙන් බේරුණේ.


අපිට චමීරව මේ විදිහට මුණගැසුණේ නැති නම් මේ වෙනකොට මොනවා කරාවිද?


සිවිල් ඉංජිනේරු විෂය හදාරල මොකක් හරි සයිට් එකක් කරගෙන හිඳීවි. ඇත්තටම දැන් ප්‍රේක්‍ෂකාගාරයක් මට හැදිලා ඉන්නවා චමීර ලියනගේ නාට්‍යයක් බලන්න කියලා. ඒ ගැන ඇත්තටම සතුටුයි. ප්‍රේක්‍ෂකයෝ හින්දනේ නළුවෙක් බිහිවෙන්නේ. ඒක හින්දා මම ප්‍රේක්‍ෂකයන්ට හිසනමා ආචාර කරනවා” මට මේ දෙන සහයෝගයට. යක්බැඳි ගෙදර මාධනී අක්කා” ලෝචනා සමග චින්තක වාස් අයියා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. අපි එක පවුලක් වගේ තමයි වැඩ කරන්නේ. ඉරේෂ් අයියාට” මහේෂ් අයියාට” නිෂ්පාදකවරුන්ට” වේෂ නිරූපණ ශිල්පියා ඇතුළු හැමෝටම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා” කුලප්පුවාට සාධාරණයක් ඉෂ්ට කරන්න මහන්සිවීම සම්බන්ධයෙන්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post