ශකීරා මයිකල් ජැක්සන්ට සමවීම

gossiplanka image 1
 

කොලොම්බියානු ගායිකා ශකීරා ඇගේ සංගීත දිවියේ නව සන්ධිස්ථානයකට පැමිණ තිබේ.ඒ අන් කිසිවක් නිසා නොව ‘Ciega Sordomuda’ නැරඹුම් මිලියන 400 ඉක්මවා ගොස් ඇති නිසාය.


‘Ciega Sordomuda’ (සිංහල අර්ථය -‘අන්ධ, බිහිරි සහ ගොළු’) යනු කොලොම්බියානු ගායිකා ශකීරාගේ සිව්වන ස්ටුඩියෝ ඇල්බමය වන Donde Estan los Ladrones? (1998) හි ඇතුළත් ගීතයකි. මෙහි පද රචනය ශකීරා විසින් සිදු කර ඇත. ගීතයේ සංගීතය ශකීරා සහ එස්ටෙෆානෝ විසින් එක්ව නිර්මාණය කර ඇති අතර, නිෂ්පාදන කටයුතු ෂකීරා සහ ලෙස්ටර් මෙන්ඩෙස් විසින් සිදු කර ඇත. යූ ටියුබ් සංගීතය ප්‍රමුඛ වේදිකාවක් බවට පත්වීමට බොහෝ කලකට පෙර මෙම ගීතය නිකුත් කළද, එහි වීඩියෝව නැරඹීම් මිලියන 400 ඉක්මවීම හරහා කියන්නේ මේ ගීතය පරම්පරා ගණනාවක රසිකයන් ආදරයෙන් වැලඳගෙන සිටින බවයි. එසේම මෙම ගීතය ශදමඔමඉැ හි ලබා ඇති සාර්ථකත්වය විශේෂ වැදගත්කමක් උසුලයි; මන්ද එය නිකුත් වූ සමයේ සංගීත ප්‍රවර්ධනය ප්‍රධාන වශයෙන් රඳා පැවතියේ ගුවන් විදුලිය, රූපවාහිනිය සහ භෞතික මාධ්‍ය මත බැවිනි. කොලොම්බියානු මාධ්‍ය වාර්තා කරන දත්තවලට අනුව, 2022 වසරේදී එය නැරඹුම් වාර මිලියන 31ක් පමණ ද, 2025 වසරේදී මිලියන 67ක් පමණ ද ලබා ගෙන ඇති අතර, මෙම ප්‍රවණතාවය 2026 ඔක්තෝබර් මාසයේදී එම සුවිශේෂී සන්ධිස්ථානය කරා ළඟා වීමට ඉවහල් විය. ”Ciega, Sordomuda˜ ගීතය අත්කර ගත් මෙම සුවිශේෂී ජයග්‍රහණයට තවත් වැදගත්කමක් ඇත. එනම්, මීට පෙර මයිකල් ජැක්සන් සතු වූ වාර්තාවක් සම කිරීමට ශකිරාට හැකි වීමයි. ශකිරාගේ නිර්මාණ අතරින් මෙම සන්ධිස්ථානයට ළඟා වූ පළමු සංගීත වීඩියෝව මෙය වන අතර, ඒ හරහා දශක හතරක් පුරා නිකුත් වූ ඇයගේ නිර්මාණ ශක්තිය තහවුරු වී තිබේ.


ශකිරා ඉසබෙල් මෙබරක් රිපෝල් කොලොම්බියානු ගායිකාවක, ගීත රචිකාවක, නර්තන ශිල්පිනියක සහ සංගීත නිෂ්පාදකවරියක ලෙස ලොව ප්‍රකටය. ඇය ‘ලතින් සංගීතයේ රැජින’ ලෙස හැඳින්වෙන අතර ඇය නිසාම ලෝකයේම සංගීත ක්ෂේත්‍රය වෙනසක් ඇති කර තිබේ. ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවල සංගීතය ලොව පුරා ජනප්‍රිය කිරීමට ඇය දායක වූ අතර, එමගින් ලොව පුරා ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගන්නා සහ භාවිතා කරන පිරිස වැඩි වීමට ද හේතු විය. එසේම, වෙනත් ලතින් ඇමරිකානු කලාකරුවන්ට ජාත්‍යන්තර ජනප්‍රිය සංගීත වෙළෙඳපොළ වෙත පිවිසීමට මග පාදා දුන් අයකු ලෙස ද ඇය පිළිගැනීමට ලක්ව ඇත. ඇය ග්‍රැමී සම්මාන හතරක් සහ ලතින් ග්‍රැමී සම්මාන පහළොවක් දිනාගෙන තිබේ.


ශකිරා හැදී වැඩුණේ මධ්‍යම පාන්තික පවුල් පසුබිමක වුවද, ඇයට වයස අවුරුදු අටක්ව තිබියදී ස්වර්ණාභරණ වෙළෙන්දෙකු වූ ඇගේ පියා බංකොලොත් විය. ඇගේ දෙමාපියන් ඇයව ලොස් ඇන්ජලීස් හි සිටින නෑදෑයන් වෙත යැවූ අතර, ඇය එහි යම් කාලයක් ගත කළාය. ඇය නැවත නිවසට පැමිණි විට, ඔවුන් සතුව තිබූ මෝටර් රථ දෙක, ගෘහ භාණ්ඩ සහ වර්ණ රූපවාහිනිය විකුණා තිබූ අතර, ඇයට සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව යථාර්ථයකට මුහුණ දීමට සිදුවිය. ‘මැජියා’ (Magia) ඇල්බමය නිකුත් කිරීමෙන් පසු ලැබුණු මුදලක් උපයෝගී කරගනිමින්, ඇයට වයස අවුරුදු 14 දී තම දෙමාපියන් වෙනුවෙන් මෝටර් රථයක් ලබා දීමට හැකි විය. දෙදරු මවක් වන ශකිරා 90 සිට ගීත ගයයි. ශකිරා වයස අවුරුදු 14 දී ‘සෝනි මියුසික් කොලොම්බියා’ (Sony Music Colombia) හරහා සිය පළමු පටිගත කිරීම සිදු කළාය. දශක හතරක් පුරා අංක එකේ ස්ථානයට පත්වූ ඇල්බම හිමි කරගත් පළමු කාන්තාව බවට ඇය පත්වූවාය. මේ වන විට ශකිරා සතු ධනය ඩොලර් මිලියන 350 ඉක්මවා තිබේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post