නොවැම්බර් 10 සහ 11 යන දෙදින පුරාවට ග්රීසියේදී මෙම විශේෂිත මංගල උත්සවය සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් ඇතුළු ප්‍රභූ අමුත්තන් රැසක් ග්‍රීසිය බලා පිටත්ව ගොස් තිබූ අතර, එම අවස්ථා දැක්වෙන ඡායාරූපද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබිණි.
සිය ජීවිතයේ සුවිශේෂීම දිනය සනිටුහන් කරමින් අනිරුද් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මංගල ඡායාරූප කිහිපයක්ද එක් කර තිබුණි. “මගේ ජීවිතයට එක්වරක් පමණක් ලැබුණු ආදරය… ජීවිත කාලය පුරාවටම මගේම කරගත් ඒ ආදරය. 11.11" යනුවෙන් ඔහු එහි සටහන් කර තිබුණේ සිය අපරිමිත ආදරය ප්‍රකාශ කරමිනි.
මෙම මංගල දිනයේදී අනිරුද් ඇත්දළ පැහැති (Ivory) කුර්තාවකින් සහ ඊට ගැළපෙන වේෂ්ටියකින් සැරසී සිටි අතර, කාව්‍යා මාරන් ලා රෝස පැහැති (Blush-pink) අලංකාර ලෙහෙන්ගාවකින් සහ ඊට අලංකාරය එක් කළ ආභරණවලින් සැරසී ඉතාමත් සුන්දරව කැපී පෙනුණාය.
ග්රීසියේදී පැවැති මෙම විවාහ මංගල්‍යයෙන් පසුව, ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන් වෙනුවෙන් නොවැම්බර් 21 වන දින චෙන්නායි නුවරදී අති දැවැන්ත මංගල සාදයක් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත. කාව්‍යාගේ දෙමාපියන් වන කලානිධි මාරන් සහ කාවේරි මාරන් විසින් තෙලංගානා ප්‍රධාන අමාත්‍ය ඒ. රේවාන්ත් රෙඩ්ඩි මහතා හමුවී මෙම සාදයට නිල වශයෙන් ආරාධනා කිරීමත් සමඟ එම දිනය තවදුරටත් තහවුරු විය.
ඉන්දියාවේ ප්රමුඛ පෙළේ දේශපාලන නායකයින්, ජනප්‍රිය සිනමා තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකට මෙම චෙන්නායි මංගල සාදය සඳහා ආරාධනා කර ඇති බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.
ENGLISH SUMMARY:
Indian music director Anirudh Ravichander and Sun TV Network Executive Director Kavya Maran officially tied the knot in a grand destination wedding held in Greece on November 11. The two-day celebration, which took place on November 10 and 11, garnered massive attention across the cinema, cricket, and business fraternities. High-profile guests, including superstar Rajinikanth with his family and former Tamil Nadu Chief Minister M.K. Stalin, traveled to Greece to attend the ceremony.
Anirudh shared their special moments on Instagram with the caption, "My once in a lifetime, for a lifetime 11.11." The groom looked elegant in an ivory kurta and matching veshti, while the bride, Kavya, stunned in a blush-pink lehenga paired with exquisite jewelry. Following the destination wedding, a massive grand reception is scheduled to take place in Chennai on November 21. Kavya's parents, Kalanithi Maran and Kavery Maran, personally invited Telangana Chief Minister A. Revanth Reddy, confirming the reception date. Top Indian politicians, film stars, and prominent cricketers are expected to attend the star-studded Chennai event.