මෙහිදී ඇය හැඳ සිටි රතු පැහැති ඇඳුමේ ඇති කුඩා රිදී පැහැති තරුවක හැඩයෙන් යුත් අංගයක් රසිකයින්ගේ විශේෂ අවධානයට ලක්ව ඇත. මෙම කුඩා තරුව හරහා ඔවුන්ට ඇයගේ 2025 වසරේ ඓතිහාසික 'Met Gala' පෙනී සිටීම පිළිබඳව විශේෂ මතකයක් අවදි වී තිබේ.
2025 වසරේදී කියාරා 'Met Gala' රතු පලස මත ඇවිද ගියේ ගැබිනියක ලෙස සිය පළමු දරුවා කුස දරාගෙනයි. එලෙස ගැබිනි සමයක එම රතු පලසට එක් වූ පළමු ඉන්දීය නිළිය ලෙසද ඇය ඉතිහාසයට එක්විය. එම අවස්ථාවේදී ඇය ඉන්දීය නිර්මාණකරුවෙකු වන ගෞරව් ගුප්තා විසින් නිර්මාණය කරන ලද විශේෂ ඇඳුමකින් සැරසී සිටියාය. මව සහ දරුවා නියෝජනය කරන හදවත් දෙකක් පෙකණිවැලක් ආකාරයෙන් සම්බන්ධ කරමින් නිර්මාණය කර තිබූ එම ඇඳුම, ඇයගේ පළමු ගැබිනි සමය අපූරුවට සමරනු ලැබීය.
'Koffee With Karan' හි කියාරා හැඳ සිටි ඇඳුමේ ඇති තරුව, එදා සරායා කුසෙහි සිටියදී පැළඳි පෙකණිවැල සහ හදවත සිහිපත් කරන බව රසිකයෙකු විසින් ඡායාරූප සටහනක්ද සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දී තිබුණි. කියාරා සහ සිද්ධාර්ත් මේ වන විට සිය දෙවන දරුවා අපේක්ෂාවෙන් පසුවෙයි. ඇයගේ දරුවන් දෙදෙනාම මෙලොවට පැමිණීමටත් පෙරම මේ ආකාරයෙන් විශේෂ විලාසිතාවන් ඔස්සේ රතු පලසේ කතාබහට ලක්වීම ඉතාමත්ම සුවිශේෂී කරුණක් බව රසිකයින් වැඩිදුරටත් අදහස් දක්වා ඇත.
ENGLISH SUMMARY:
Bollywood actress Kiara Advani recently captured attention with her striking red bodycon dress in the promotional video for Karan Johar's popular chat show, Koffee With Karan Season 9. Making their first joint appearance on the show, Kiara and her husband Sidharth Malhotra discussed their married life and romance. However, fans quickly noticed a special silver star detail on Kiara's outfit, connecting it to her historic 2025 Met Gala appearance. During the 2025 Met Gala, Kiara walked the red carpet pregnant with her first daughter, Saraayah, wearing a custom Gaurav Gupta ensemble that featured an umbilical cord-inspired design connecting two hearts. Fans emotionally linked the new star detail to her current pregnancy journey, as Kiara and Sidharth are currently expecting their second child. Admirers expressed joy that both of her children have experienced memorable red carpet fashion moments even before their birth, turning a simple outfit choice into a heartfelt celebration of motherhood.