මම හරිම කැමැතියි දක්ෂ නිළියක් විදිහට ඉස්සරහට දකින්න ලැබෙනවට -නවිදි රැපියෙල්

gossiplanka image 1
 


රංගනයෙන් එකිනෙකට වෙනස් චරිත හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගනිමින්, තමන්ටම අනන්‍ය වූ ගමනක නිරත වන නවිදි රැපියෙල්, අද වන විට පුංචි තිරයේ කැපී පෙනෙන නවක රංගන ශිල්පිනියකි. රංගනයට මෙන්ම අධ්‍යාපනයටත් එකසේ මුල්තැන දෙමින්, අනාගතය වෙනුවෙන් තමන්ගේම මාවතක් නිර්මාණය කරගන්නා නවිදිට ඇරයුම් කළා ‘හාට්’ අපිත් එක්ක සුන්දර කතාබහකට. Sri Lanka Latest News


නවිදි ඉතින් කොහොමද? මොනවද අලු‍ත් වැඩකටයුතු?

මේ දවස්වල වැඩකටයුතු ගොඩාක් හොඳයි. මම මේ දවස්වල අයි.ටී.එන්. එකේ ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි ඩ්‍රාමා එකත් එක්ක වැඩ කරගෙන යන ගමන් ඉන්නේ.

ඔබ කලාවට සම්බන්ධ වුණු මුල්ම අවධිය මතක් කළොත්?

මං කලාවට සම්බන්ධ වෙන්නෙ මුලින්ම වෙළෙඳ දැන්වීම් හරහා. මට අවුරුදු 7-9 ඉඳන් රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. ඒ වගේම මම මුලින්ම අයි.ටී.එන්. නාලිකාවේ දිව්‍යාදරී ටෙලි ඩ්‍රාමා එකත් එක්ක තමයි ටෙලිඩ්‍රාමාවලට සම්බන්ධ වෙන්නේ.

රංගනය කියන දේ පුංචි කාලේ ඉඳන්ම තිබුණු හීනයක්ද?

ඒක හරිම අහම්බයකින් තමයි වුණේ. මගේ මල්ලී විහඟ රැපියෙල් ඔහු පොඩි කාලේ ඉඳන්ම ටෙලි ඩ්‍රාමාවලට සම්බන්ධ වෙනවා. ඒ අතරේ තමයි ප්‍රදීප් ධර්මදාස අයියා ටෙලි ඩ්‍රාමා එකකට පීනන්න පුළුවන් ගැහැනු ළමයෙක් හොයලා තියෙන්නේ. එතකොට මගේ මල්ලි තමයි මාව යෝජනා කරලා තියෙන්නෙ. ඉතින් ඒත් එක්කම තමයි මම කලාවට සම්බන්ධ වුණේ. ඒ වගේම කියන්න ඔනේ මේක මම හිමින් යන ගමනක් වගේම හරිම හොඳ ගමනක් කියලා.

ඒ විදිහට අහම්බෙන් පටන්ගත්ත ගමන අද වෙනකොට සම්මාන නිර්දේශයක් දක්වා ඇවිත් තියෙනවා. ඔ්‍යෑ ඍග්ගඔ ටෙලි නාට්‍යයේ නශෝමිගේ චරිතයට රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නැගීඑන නිළිය ලෙස නම යෝජනා වුණා?

ඔව්, අයි.ටී.එන්. එකේ විකාශය වූ ඔ්‍යෑ ඍග්ගඔ ටෙලි නාට්‍යයේ නශෝමිගේ චරිතයට රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නැගීඑන නිළියට මගේ නම යෝජනා වුණා. ඉතින් මම හිතන්නේ ආටිස්ට් කෙනෙක් විදිහට මට ඒ නොමිනේෂන් එක ගොඩාක් වටිනවා. ලොකු පිරිසක් අතරින් නොමිනේට් කරන්නෙත් හතර දෙනයි. ඒ හතර දෙනා අතරට එන්න හොඳම ටෙලිනාට්‍යය කිහිපයකින් මාවත් යෝජනා වෙලා තිබ්බ එක ගැන මට හරිම සතුටුයි.




ඇත්ත ජීවිතයේ නවිදිට සමාන චරිතයක් තාමත් කරන්න ලැබිලා නැද්ද?

මං හිතන්නේ ඇත්ත ලෝකේ නවිදිට සමීප චරිතයක් මම කවදාවත් කරලා නෑ. මම රඟපාපු හැම චරිතයක්ම, ඒ කියන්නේ ‘දිව්‍යාදරී’ තුෂි, ‘සංසාරිණි’ අමෝදි, ‘සිහිනෙක තනිවෙලා’ ශනුලි සහා ‘මදර් ලංකා’ චිත්‍රපටයේ අංජුගේ චරිතය හාත්පසින්ම එකකට එකක් වෙනස් චරිත. ඉතින් පෙර සූදානමක් කියන්නේ මට තිරපිටපත ලැබෙන්න කලින්ම ඒ චරිතේ ගැන බැක් ස්ටෝරි එකක් මමම හදාගන්නවා. එකේ තියෙන්නේ මා විසින්ම, මට රඟපාන්න ලේසි වෙන්න හදාගන්න දේවල්. එතකොට මට චරිතේ ලැබුණම මගේ පෙර සූදානමක් තියෙන නිසා ඒ චරිතේ කරන්න පහසු වෙනවා.

රංගනයත් එක්කම ඔබේ අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතයත් ඉදිරියට ගෙන යනවා. මේ දෙකම එකට කරගෙන යන එක අභියෝගයක් නෙවෙයිද?

මම පොඩි කාලේ ඉඳන්ම ඉගෙනීමට අමතරව ක්‍රීඩා, ඩ්‍රාමා වගේ දේවල් කළා. මගේ පාසල ඒෂියන් ග්‍රැමස්කූල්. පාසලෙන් ආපු ඒ අත්දැකීම් එක්ක තමයි මේ දේවල් මට සමබරව කරගෙන යන්න පුරුදු උනේ. ඒවගේම සමහර අවස්ථාවලදී මට මේ වැඩවලදී පීඩනයක් දැනෙනවා. ඒත් මන් හිතනවා අපි තරුණ ළමයි විදිහට බාධක ජයගන්න ඔනේ කියලා.

පවුලේ පරිසරයෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?

අපේ පවුලෙන් ලොකූ සපෝර්ට් එකක් ලැබෙනවා. මගේ තාත්තා සංගීතඥයෙක්. ඔහුගෙනුත් මට ලොකූ සපෝර්ට් එකක් හම්බවෙනවා. මගේ හැම දේකටම අම්මයි තාත්තයි තමයි මගේ හෙවණැල්ල වගේ පස්සෙන් ඉන්නේ. ඒ වගේම මගේ මල්ලිත් මට ගොඩාක් සපෝර්ට් කරනවා. ඒ වගේම මතක් කරන්න ඔනේ සීයා තාත්තව. එයා අපේ පවුලේ දැන් නෑ. ඉතින් ඒ හතර දෙනා තමයි මගේ හයිය.

නවිදි කියන්නේ හැම වෙලේම හිනාවෙලා හරිම සරලව ඉන්න කෙනෙක්?

ජීවිතය කියන්නෙ හරිම ලස්සන දෙයක්. ඉතින් ජීවිතය කියන්නෙ කෙටි කාලයක්. මේ කාලසීමාව ඇතුළත කාටවත් කරදරයක් නොවී ඉරිසියා කුහකකම් නොකර පුළුවන් තරම් තමන් තමන්ට අවනත වෙලා ඉස්සරහට යන එක තමයි ජීවිතේ කියන්නේ.

ඉදිරියේදී නවිදිව අපිට දකින්න ලැබෙන්නේ දක්ෂ නිළියක් විදිහට විතරද, නැත්නම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ තලයක කෙනෙක් විදිහටද?

මම හරිම කැමැතියි දක්ෂ නිළියක් විදිහට ඉස්සරහට දකින්න ලැබෙනවට. ඒ වගේම මගේ ඉගෙනීමේ කටයුතුත් මම සිදු කරගෙන යනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.


කවීෂා විජේවර්ධන

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post