අපේ අම්මාගේ නම් ලොකුම හීනය තමයි මම කසාද බඳින එක -චතුරංග කොඩිතුවක්කු

gossiplanka image 1
 


ජනප්‍රිය රංගන ශිල්පිනි දුෂේනිගේ අතගත් චතුරංග, විවාහය දවස ගැන කියූ කතාව….


”අපේ අම්මාගේ නම් ලොකුම හීනය, තමයි මම කසාද බඳින එක. අම්මාගෙයි තාත්තගෙයි එකම දරුවා මම. තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 16 යි’ අම්මා නැතිවුණේ මීට අවුරුදු පහකට විතර ඉහතදී’ ඉතිං අම්මාට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි එයා නැති කාලෙක මම කොහොමද ජීවත්වෙන්නේ කියන එකයි. එයාගේ එකම හීනය මම හොඳ තැනකින් කසාද බැඳලා හොඳට ජීවත්වෙන එක තමයි. අම්මාට තාත්තට ගොඩාක් පින් මාව මේ තත්ත්වයට හදලා යහමග පෙන්වලා මේ ගමන එන්න පාරකැපුවාට. මට හිතෙන්නේ ඒ දෙන්නා අදටත් ජීවත්වෙනවා කියලා. හැබැයි මම වෙඩින් එක දවසේ ගොඩක් සංවේදී වුණා” ඒ දෙන්නා හිටියා නම් කියලා හිතුණා. ඒ අඩුව දුෂේනි පුරවයි කියලා හිතෙනවා.


මගේ ජීවිතයෙත් ගොඩාක් කඩාවැටීම් ඇතිවෙලා තියෙනවා. අතපසුවීම් ඇතිවෙලා ඇති’ අමාරුවෙන් ගතකරපු කාල ඇති’ ඒවා කවදාවත් නැතිවෙන්නේ නැහැ. ඉස්සරහටත් ඒ ප්‍රශ්න එන්න පුළුවන්’ ජීවිතේ හරියට මැරතන් එක්ක වගෙයි. හයියෙන් දුවන්න ගියොත් මැරතන් එක දුවාගන්න බැරිවෙලා මහන්සියට පත්වෙනවා. හෙමින් දිව්වත් පරදිනවා’ අපි දැනගන්න ඕනෑ ජීවිතය ගාණකට පවත්වාගෙන යන්න’ අපි දෙන්නට ඕනෑ විදිහට විවාහ උත්සවයක් ගන්න පුළුවන් වුණා. ලංකාවේ ගොඩාක් අම්මලාට මාව පේන්නේ එයාලගේ පුතා විදිහට. ඒකට මම ගොඩක් ආදරෙයි.


මමත් සාමාන්‍ය මනුස්සයෙක් කියලා හිතලා තමයි ඇත්තටම ජීවත්වෙන්නේ. ඒ මොකද මමත් පොඩි තැනක ඉඳලා ආපු කෙනෙක්’ අපේ පවුල් මධ්‍යම පාන්තික’ පොඩි කාලේ පයින්, බස් එකේ ඉස්කෝලේ ගිහිල්ලා පුෂ් සයිකලෙන් මෝටර් බයිසිකලයට මාරුවෙලා ඒකෙන් කාර් එකට මාරුවෙලා තමයි මේ ගමන ගියේ.


මම හිතන්නේ අපි කොහොමත් මුල මතක තියාගන්න ඕනෑ. උඩට යන්න යන්න පල්ලෙහා ගැනත් හිතන්න ඕනෑ. මම ගොඩක් බෞද්ධ දර්ශනයත් එක්ක ජීවත්වෙන කෙනෙක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post