ඒ, අලුත උපන් සුරතල් පුංචි දේවදූතියේ පැමිණීමත් සමඟයි.
තමන් අලුතින් ලැබූ ඒ අසීමිත පිය පදවියේ අත්දැකීම සහ සතුට රසිකයින් සමඟ බෙදාගනිමින් දිමුත් සිය මුහුණු පොතට අතිසංවේදී මෙන්ම ආදරණීය සටහනක් එකතු කර තිබුණා.
දිමුත් තැබූ එම ආදරණීය සටහන මෙන්න...
''මම මෙතෙක් අල්ලාගත් පුංචිම අත...ඒත් මගේ ජීවිතයේ දැනුණු ලොකුම ආදරය... ඊයේ මගේ මුළු ලෝකයම සදාකාලයටම වෙනස් වුණා.
පළමු වතාවට මම මගේ පුංචි පැටියාගේ පුංචි අත අල්ලගත්තා. මගේ ජීවිතයේ සෑම සිහිනයක්ම, සෑම කැපකිරීමක්ම සහ සෑම මොහොතක්ම මාව අරන් ඇවිත් තිබුණේ මෙන්න මේ සුන්දර මොහොතට කියලා මට හිතුණා. මෙච්චර පුංචි අතකට මෙච්චර ලොකු ආදරයක් දරන්න පුළුවන් කියලා මම කවදාවත්ම දැනගෙන හිටියේ නැහැ.
මගේ පළමු දරුවා... මගේ විශාලතම ආශීර්වාදය... දිනපතාම හොඳ මනුස්සයෙක් වෙන්න මට ලැබුණු අලුත්ම හේතුව...
මේ ලෝකයට සාදරයෙන් පිළිගන්නවා මගේ පුංචි දේවදූතියේ... ඔයාගේ අත අල්ලගන්න, ඔයාව ආරක්ෂා කරන්න, මඟපෙන්වන්න සහ වචනයෙන් කියන්න බැරි තරම් ආදරය කරන්න තාත්තා හැමදාම ඔයාගේ ළඟින්ම ඉන්නවා.
ඔයා තමයි මට ලැබුණු වටිනාම තෑග්ග..."
ක්‍රිකට් පිටියේ කෙතරම් අභියෝගයන්ට මුහුණ දුන්නත්, සිය පළමු දරුවාගේ පැමිණීමත් සමඟ පියෙකු ලෙස ඔහු ලැබූ ඒ අසීමිත සතුට මේ සටහන පුරාවටම ගැබ්ව තිබෙනවා.
මෙම සටහනත් සමඟම, දිමුත්ට සහ ඔහුගේ ආදරණීය බිරිඳට සුබ පතමින් ක්‍රිකට් ලෝලීන්, සඟයන් මෙන්ම ප්‍රේක්ෂකයින් රැසක් මුහුණු පොත හරහා සිය ආශීර්වාදය පළ කරමින් සිටිනවා