රූ සපුවෙන් ලොවක් දිනූ – නිමේෂා

gossiplanka image 1
 




පිලිපීනයේ පැවැති 12 වැනි ලෝක විවාහක සංචාරක රූ රැජින (Mrs Tourism World – 2026) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ නිමේෂා ප්‍රේමචන්ද්‍ර එහි කිරුළ දිනාගත් අතර ඇය සමග මෙම තරගාවලියට සහභාගි වූ ඇගේ සැමියා හොඳම සහායක සැමියාට (Best Supporting Husband) ලෙස සම්මානයට පාත්‍ර විය. වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සෑම වසරකම ශ්‍රී ලංකා රූමතියක් සහභාගි වූවද ඉතිහාසයේ පළමු වරට මෙම තරගාවලියේ කිරුළ දිනා ගැනීමට නිමේෂාට හැකිවීම විශේෂත්වයකි. ජයග්‍රහණයෙන් අනතුරුව ලංකාවට පැමිණි නිමේෂා අපත් සමග මේ ගමනේ අත්දැකීම් බෙදා හදා ගත්තාය.


“මේ තරගාවලියට රටවල් 35කට අධික ප්‍රමාණයක් සහභාගි වෙන්න නියමිතව තිබුණා. මෙහිදී අපිත් එක්ක රටවල් 20ක් තරග කළා. තරගය පැවැත්වෙන්න තිබුණේ වියට්නාමයේදී. සත්කාරක රටේ ගැටලු කීපයක් හින්දා තරගය වියට්නාමයේ නොවෙයි, පිලිපීනයේ පැවැත්වෙන්නේ කියලා අගෝස්තු 29 වැනිදා දැනුම් දුන්නා. මේ නිසා තරගාවලියට ගොඩක් රටවල්වලට සහභාගි වෙන්න බැරිවුණා. මටත් සහභාගි වෙන්න පුළුවන් වුණේ අවසන් මොහොත්දී. මොකද අපිට වීසා අයැදුම් කරන්න කාලය මදිවෙලා හරියටම 21 වැනිදා සවස තමයි වීසා අනුමත වුණේ. ඒක හින්දා දවස් දෙකෙන් තරගයට සූදානම් වෙලා Mrs Tourism World – 2026 ප්‍රධාන කිරුළ වගේම Ambassador for education. Best in rumway. Best in talent. (Silver) women of infulence award. අනු කිරුළත්, මගේ සැමියාට Most Supporting husband කිරුළත් හිමිකර ගැනීමට හැකි වුණා.


“මගේ සැමියා තමයි මාව මේ තරගාවලියට ඉදිරිපත් කළේ. ඔහු ගොඩාක් ආසාවෙන් හිටියා මගේ ජයග්‍රහණය දකින්න. අපිට දිනන්න පුළුවන් වෙයිද බැරිද කියන්න දන්නෙ නැහැනෙ. නමුත් අපි උත්සාහය අතහැරියේ නැහැ. අවසානයේ අපි ජයග්‍රහණය කළා. අනෙක් රටවල තරගකාරියන් සමග බොහොම සුහදව වැඩ කළා.


නිමේෂා ප්‍රේමචන්ද්‍ර තරගාවලියට ඉදිරිපත් වුණ ආකාරය පිළිබඳවත් සඳහන් කළාය.


“මීට කලින් මම ලංකාවේ Miss සහ Mrs කාණ්ඩ දෙකේම තරගාවලිවලට සහභාගි වෙලා තියෙනවා. රුක්මල් සේනානායක මහත්මා සහ තාරක ගුරුකන්ද මහත්මයා මගේ දක්ෂතා දැකලා මගේ සැමියාට තමයි මේ ගැන මුලින් ම කියලා තිබුණේ. නමුත් මට මුල දී මේ ගැන ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. අවසානයේ මේ තරගාවලියට මම ඉදිරිපත් වුණා. ලංකාවේදී Model with Rubi ආයතනයේ පවත්වපු විශේෂ උත්සවයකදී ක්‍රවුනින් සෙරමනි එක තිබුණා. එතැනදී තමයි (Mrs. Tourism Sri Lanka 2026) කිරුළට නිර්දේශ වුණේ. රුක්මල් සේනානායක තමයි අපේ ජාතික අධ්‍යක්ෂ. ජාතික සංවිධායක සහ පුහුණු උපදේශක තාරක ගුරුකන්ද. Model with Rubi ආයතනයේ හසිනි නංගිත් මේ ගමනට ගොඩක් උදව් කළා.


තරගාවලිය පෙනි පෙනී නිමේෂා අසනීප වෙලා.


“කොන්දේ පේශී ඇදීමක් නිසා සති තුනකට වැඩි කාලයක් මට ඇවිදින්නවත් බැරිව හිටියා. ඒකත් එක්ක අපි දෙන්නා බලාපොරොත්තු අතහැරියා. අන්තිමේ මම කිව්වා නෑ… මම මේක ඔයා වෙනුවෙන් කොහොමහරි කරනවා කියල. මට ඕනෑ වුණේ සැමියාගේ හීනය සැබෑ කරන්න. අපි අභියෝග මැද ඒ ජයග්‍රහණය ලැබුවා.


“මම වෘත්තියෙන් රූපවාහිනී නිවේදිකාවක්. හැබැයි ඒක මගේ ස්ථිර රැකියාව නෙමෙයි. ජාතික රූපවාහිනියට බැඳෙන්න කලින් 2007 වසරේ අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරගයේ 3 වැනි ස්ථානය හිමිකර ගන්න මම එම ආයතනයේම නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. පසුව 2008 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය බවට පත් වෙනවා. ඒත් එක්කම තමයි ජාතික රූපවාහිනියේ මගේ නිවේදක ගමන පටන් ගත්නේ.


ඊට අමතරව මම රංගනයටත් යොමුවුණා. නිරූපිකාවක් විදිහට වෙළෙඳ දැන්වීම් රැසකට සහභාගි වෙලා තියෙනවා.


2012 වසරේ උසස් පෙළ විභාගයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් 14 වැනියා බවට පත් වෙන මම රුහුණු විශ්වවිiාලයට ඇතුළත් වෙනවා. විශ්වවිiාල අධ්‍යාපනය සාර්ථකව අවසන් කරල දැනට ගුරුවරියක් විදිහට රජයේ පාසලක සේවය කරනවා සහ මේ වෙනකොට කොළඹ විශ්වවිiාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හදාරනවා.


ගුරු වෘත්තියට යොමු වෙන්න කලින් මම ගොඩාක් ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒ අතරින් අවසක් වරට විකාශය වුණේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයාගේ ‘සුසුම් රස්තියාදුව’.


ඊට අමතරව රන්තිලි වැව ටෙලිනාට්‍යයේ ප්‍රේමා, නීල පබළු ටෙලිනාට්‍යයේ ආශා වගේ ම ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා.


මේ අවුරුද්දේ රංගනයට වැඩි ඉඩක් වෙන් නොකළේ මට තියෙන නිවාඩු ටික පරිස්සම් කරගෙන ජාත්‍යන්තර තරගය ජයග්‍රහණය කරන්න බැරි හින්දයි. මේ වෙනකොට මට රංගනයට ආරාධනා රැසක් ලැබිලා තියෙනවා. ඉදිරියේ දී මට ගැළපෙන නිර්මාණ


තෝරාගෙන ඒවාට සම්බන්ධවෙන අතරතුර ගුරුවරියක් විදිහට මගේ රැකියාව සාර්ථකව කරගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නෙ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post