ජනප්‍රියම නළුවා වෙන්න හීන දකින ඉමල්ක ජයසුන්දර

gossiplanka image 1
 

සුන්දර වයඹ පුරවරයෙන් කලා ක්ෂේත්‍රයට අත්පොත් තැබූ යොවුන් රංගන ශිල්පියෙකු වන රසඳුන පිළිසඳරට එක් වෙයි. ඔහු මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි‘ ටෙලි නාට්‍යයේ ‘උපේන්ද්‍ර‘ ගේ චරිතය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගෙන සිටියි.‍


ඉමල්ක අධ්‍යාපනය ලැබුවෙත් කලාකරුවෙක් වෙන්න හිතාගෙනමද?


කලාකරුවෙක් වෙන්න ඕන කියන ආසාව තිබුණට මම පාසලෙදි කලා කටයුතුවලට දායක වුණ කෙනෙක් නෙවෙයි. හැබැයි මම ලස්සනට අඳින්න, කොණ්ඩේ වවන්න එහෙම කැමැතියි. ඒක නිසා ගුරුවරු ඉතින් මට කියනවා අන්න නළුවා කියලා. ඒ වචනත් එක්ක මට නළුවෙක් වෙන ආසාව තවත් වැඩි වුණා. මම පාසල් දෙකකින් අධ්‍යාපනය ලැබුවා. ප්‍රාථමික අධ්‍යාපනය කිතගම රාජසිංහ විද්‍යාලයෙනුත්, උසස් පෙළ දක්වා නික/ශ්‍රී පරාක්‍රම ජාතික පාසලෙනුත් අධ්‍යාපනය හැදෑරුවා. උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් තමයි මම ඉගෙන ගත්තේ.


කවුද ඔබට කලාවට එන්න අත දුන්නේ?


අම්මා තමයි මගෙ ලොකුම හයිය. එයා තමා හැමදේකටම මගෙ පිටිපස්සෙන් ඉන්නේ. පොඩි කාලේ ඉඳන්ම මට ඕන වුණේ ජනප්‍රිය නළුවෙක් වෙන්න. ඒත් මම දැනගෙන හිටියේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා. මම ජීවත් වෙන්නේ කොළඹින් බොහෝ දුර බැහැර. පොඩි කාලේ සිටම ජනප්‍රිය කලාකරුවන්ගේ සම්මුඛසාකච්ඡා වලට සවන් දුන්නා. ඒ විස්තරවලින් මම කලාවට එන්නේ කොහොමද කියලා යම් තරමක් දුරට අදහසක් ගත්තා.


අම්මා හැමවෙලේම මට කීවේ උසස් පෙළ විභාගය හොඳට කරගන්න ඊට පස්සේ ඕන දෙයක් කරන්න කියලා. උසස් පෙළ විභාගයෙන් පස්සේ මගේ පින්තූර ටිකක් දැකලා ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් වන රවීන්ද්‍ර විජේරත්න මහත්මයා සහ තරංග දිසානායක මහත්මා කතා කළා.


ඒ හිරු ටීවි එකේ විකාශය වුණු‘හිච්චි‘ටෙලි නාට්‍යය සඳහා.


‘හිච්චි‘ තමා මම රඟපාපු පළවෙනි ටෙලි නාට්‍යය. ඊට පස්සේ ගයාන් හෙට්ටිආරච්චි සර් මට තව නාට්‍යයකට කතා කළා. ප්‍රසන්න මහගමගේ සර් යටතේ ඉගෙන ගත්තා.


පළවෙනි ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණු අතීතය ඔබට මතකද?


ඔව්, රවීන්ද්‍ර විජේරත්න සර් මට කතා කරලා කීවේ තව දවස් තුනකින් ‘හිච්චි‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් පටන් ගන්නවා. ඉමල්ක ඔයා එදාට එන්න හොරණට කියලා. මම ඒ වෙනකන් මගේ ගම් ප්‍රදේශයේ ඉඳලා කුරුණෑගලටවත් තනියම බස් එකේ ගිහින් තිබුණේ නැහැ. ඉතින් මට මේක ලොකු අභියෝගයක් වුණා.


ඒත් රඟපාන්න තියෙන ආසාවට මම ඒ අභියෝගය භාර අරන් තනියම කොළඹට ගිහින් එතැනින් මතුගමට ගියා. උදේ අට වෙනකොට තමයි මට ඒ පන්සලට එන්න කියලා තිබුණේ. ඒත් මට ඒ වෙලාවට යන්න බැරි වුණා බස් එක මඟදි කැඩුණ නිසා.


මම ඒ පන්සලට යද්දි වෙලාව දවල් දොළහට විතර ඇති. ඒ වෙලාවේ ගිවන්ත අර්ථසාද් අයියාගේ රූගත කිරීමක් තිබුණේ. සාමාන්‍යයෙන් ශිල්පීන්ට සෙට් එකක කෑම දෙනවා කියලාවත් මම එතකොට දන්නේ නැහැ. අම්මා පාන්දරම මට හදලා දුන්න බත් එක දිග ඇරලා බලද්දි ඒක පිළුණු වෙලා. අපි අතරින් වියෝ වුණු ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහත්මයා, ජනක් ප්‍රේමලාල් මහත්මයා, හර්ෂණ බෙත්මගේ, ගිවන්ත අර්ථසාද් අයියලා දෙන්නා සහ සහය අධ්‍යක්ෂක දිනේෂ් හග්ගල්ල අයියා ඒ වෙලාවෙ හිටියා. මල්ලි කෑම එක නරක් වෙලා නේද කියලා අහලා සෙට් එකට හදපු කෑම එකක් මට දුන්නා. ඊට පස්සේ මට මුලින්ම රූගත කිරීමක් විදිහට කරන්න තිබුණේ ඩබ්ලිව්. ජයසිරි මහත්මයා කතා කරන දිහා බලන් ඉන්න සීන් එකක්. ඊට පස්සේ මට දෙබස් හතක් අටක් විතර කියන්න තිබුණේ. ඒත් ඒක මට වටිනා අවස්ථාවක් වුණා නළුවෙක් විදිහට ඉස්සරහට යන්න.


මේ වෙනකොට ඔබ කරලා තියෙන ටෙලි නිර්මාණ මොනවද ?


නමක් තියෙන චරිතයක් විදිහට මට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණේ ‘අනෝරා වැස්සක්‘ කියන මිචෙල් ෆොන්සේකා සර්ගේ ටෙලි නාට්‍යයේ. ඒ ටෙලි නාට්‍යය ඉදිරියේදී ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන්න නියමිතයි. දිලුක ප්‍රසාද් අයියගේ අධ්‍යක්ෂණයක් වන ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා‘ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ධනුෂ්ක රත්නායක අයියා අධ්‍යක්ෂණය කරපු ‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි‘ නාට්‍යය. ඒ නාට්‍යයේ ‘උපේන්ද්‍ර‘ ගේ චරිතය නිරූපණය කරන්නේ මම. මට ඒ චරිතය සඳහා ප්‍රේක්ෂකයින්ගේ හොඳ ප්‍රතිචාර මේ වෙනකොට ලැබෙනවා.


වෘත්තීමය නළුවෙක් වෙන්නද ඔබේ බලාපොරොත්තුව ?


දැන් මම ව්‍යාපාරික අංශයට අත ගහලා ඉන්නේ. ඒවත් දියුණු කරගෙන රංගනය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම වුණත් මට මේ ගමන එන්න අත දුන්න බොහෝ දෙනෙක් ඉන්නවා. මම ඉගෙන ගත්තේ කිතගම රාජසිංහ විද්‍යාලයෙනුත්, උසස් පෙළ දක්වා නික/ශ්‍රී පරාක්‍රම ජාතික පාසලෙනුත් අධ්‍යාපනය හැදැරුවා. උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් තමයි මම ඉගෙන ගත්තේ.


අපේ පවුලෙවත්, පාසලේවත් මට පෙර, මේ වෙනකන් රංගන ශිල්පියෙක් බිහි වෙලා නැහැ. පුංචි කාලේ ඉඳලම මම ලස්සනට අඳින්න, කොණ්ඩේ වවන්න එහෙම කැම­ැතියි. පාසලේ ගුරුවරු මට කිව්වේ ‘නළුවා‘ කියලා. මට මේ තැනට එන්න අත දුන්න හැම කෙනෙක්වම ආදරයෙන් මතක් කරනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post