දිනේෂ්” වස්ති” සනුක මගේ ගෝලයෝතාත්තා කිව්වා ඕක නවත්තලා බේකරියේ වැඩ කරන්න කියලාරස්සාවක් කරන්න අදහසක් තිබුණේම නෑ
මම සිංගප්පූරුවට යන්නේ ශබ්ද පරිපාලනය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හදාරන්න’ මගෙත් එක්ක” එක කාමරේ හිටපු මනුරංග විජේසේකර හොටෙල් මැනේජ්මන්ට් ඉගෙන ගන්නවා’ මම ඉගෙන ගත්තේ ශබ්ද පරිපාලනය හින්දා මගේ වැඩේම සින්දු හදන එක’ එහෙම වෙලාවක මම මුලින්ම මෙලඩියක් හැදුවේ දෑසින් පෑ කියන සින්දුවට’ ඒ මෙලඩිය හදලා මනුරංගට පෙන්නුවාට පස්සේ ඔහු දෑසින් පෑ පද ටික ලියලා මේක හොඳයි ද කියලා ඇහැව්වා’ මම ඒ වෙලාවේම කිව්වා ‘රයිට් මරුනෙ කියලා’ ඔන්න ඔහොමයි අපි දෙන්නා සින්දු හදන්න පටන් ගත්තේ’ ඔය කාලේ අපි හිටපු ගෙදර දොළොස් දෙනෙක් විතර නැවතිලා හිටියා’ අන්තිමේ ඔය ගෙදර හිටපු හැමකෙනාගේම අත්දැකීම් එක්ක අපිට සින්දු හදන්න ඉල්ලීම් එන්න පටන් ගත්තා’ අපිට හොඳම ඉල්ලීම ආවේ මලින්ද බණ්ඩාර කලහගේ මිත්‍රයාගෙන්’ එයාගේ හිටපු කෙල්ලට බැණලා තමයි සින්දුව ලියන්න කිව්වේ’ එයා පොඩ්ඩක් මහතයි’ කණ්ණාඩි එහෙම දාලා ඉන්නේ’ එතකොට මනුරංග”
කණ්ණාඩි දැම්මත් නෑ හැඩ වැඩේකවුද මේක භාර ගන්නේ අන්තිමේලොරිභාගේ මට දුන්නත් හුට පටේමෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ
කියලා ඒ ගෑනු ළමයාට බැණලා තමයි ඇත්තටම ලිව්වේ’ ඒ ලියපු පද ටික දැකලා මම කිව්වා මේකේ ඉස්සරහටයි” පස්සටයි පද ටිකක් දාල දීපන් යකෝ කියලා’ ඔන්න ඔහොමයි රම්බරී ලියැවෙන්නේ’ ඒ වෙනකොට රම්බරී” ලාසිංඤ්ඤෝ” ලහිරු පෙරේරා” මියුසික් අවන් තියා කිසිම දෙයක් නෑ’ අපි ඉගෙන ගන්නකොට හිතේ ඇතිවුණ සිතුවිල්ලක් විතරයි ඇත්තටම රම්බරී කියන්නේ’ ඒ සිතුවිල්ල මේ වෙනකොට Concert එකක් බවට පත්වෙලා’
ඔන්න ඔහොමයි මීට කලකට ඉහතදී ලහිරු පෙරේරාට හදපු ‘රම්බරී’’ සින්දුව ලිව්ව මනුරංග විජේසේකරත් හිතන්නේවත් නැති විදිහට හිට් එකක් බවට පත්වෙන්නේ’ දැන් මේ වැඩේ කොන්සර්ට් එකක් බවට පත්වෙන්නයි යන්නේ’ ලහිරුගේ රම්බරී කොන්සර්ට් එක කරන්නේ කොහොමද? ඒක කියන්න පුළුවන් ලහිරුටම විතරනේ’ ආපහු අපි ලහිරුගේ පැත්තට හැරුණා’
“ලහිරු පෙරේරාගේ අවුරුදු විස්සකට ආසන්න වෙන මියුසික් ඉතිහාසයේ කරපු සින්දු ටික ලයිව් ප්ලේ කරන පළමු කොන්සර්ට් එක තමයි රම්බරී කියන්නේ’ මෙච්චර කල් මගේ ගීත අහලා තියෙන්නේ වෙන වෙන බෑන්ඩ් එක්ක වෙන වෙන කොන්සර්ට්වලදී’ මේ කොන්සර්ට් එක වෙන්නේ මම රිසි සේ මගේ විදිහට’ ඔක්තෝබර් 17 වැනිදා මියුසියස් ඔඩිටෝරියම් එකේ තමයි පැවැත්වෙන්නේ’
මේ කොන්සර්ට් එක ඇතුළේදී චාන්ට් කියලා අලුතෙන් බෑන්ඩ් එකක් හඳුන්වලා දෙනවා’ ඔය අතරේ උමාරා අශාන්ති” රයිනි ගේ පන්තිවලට සහභාගිවෙන දරුවන්ගෙන් සමන්විත ක්වාර් එකකුත් එකතු වෙනවා’ මේක කොහෙන්වත් අරගෙන පාස්සපු එකක් නෙමෙයි’
ඔය අතරේ ලහිරුගේ ගෝලයෝ තුන්දෙනෙකුත් මේ වැඩේට එකතුවෙනවා කියලා ආරංචියි’
මෙහෙමයි අපේ සනුක” දිස්නා” වස්ති ලා මගේ ගෝලයෝ’ මේ වැඩේට උදව්වට ඉන්නවා’ මේක වෙනම ආරක වැඩක්’
රම්බරී හදපු කාලේ මේ තරම් ගමනක් යන්න පුළුවන් වේවි කියලා ලහිරුට හිතුණෙත් නැති ලු’
ලොවෙත් නැහැ’ එහෙම හිට් එකක් වෙයි කියලා හිතන්න බැහැනේ’ මේ වගේ හිට් එකක් වෙනවා කියලා හිතුවොත් කොහොමත් වෙන්නේ නැහැනේ’ මට ඕන කරලා තිබුණේ මියුසික් කරලා ජීවත් වෙන්නනේ’ අනික තාත්තාගේ බේකරිය කරන්නේ නැතිව මියුසික් කරන අරමුණ තමයි මට තිබුණේ’ අන්තිමේ සියල්ල වෙනස් වුණා’ මාව ජීවත් කෙරෙව්වේ රම්බරී ගීතයෙන් තමයි’ රම්බරී මගේ විතරක් නෙවෙයි” මනුරංගගේ ආර්යන් වීඩියෝ ටීම් එකත් ලොකු පිටුවක් පෙරළුවා’ එතකොට ඩැඩී සංගීත කණ්ඩායමෙත් අලුත් පිටුවක් පෙරළුණා’
අන්තිමේ හෝටල් කළමනාකරණය කරපු මනුරංගව වෘත්තීය ගී පද රචකයෙක් බවටත් පත්කළානේ’
ඔව්නේ’ මටත් හිතාගන්න බෑ’ ඔහුට වෘත්තීය ගී පද රචකයෙක් වගේම නිවේදකයෙක් වෙන්න හේතුවක් වුණා රම්බරී’
රම්බරී කොන්සර්ට් එකේ මනුරංග එදාට මොනවා කරන්වා ඇතිද’ අපි ලහිරුගෙන් ඒ ගැනත් විමසුවා’
මේක යන්නේ අමුතු විදිහට’ මේකේ කම්පියර් නෑ’ එක කෑල්ලයි කම්පියර් තියෙන්නේ’ ඒකට මනුරංග ඉදිරිපත් වෙනවා’ ඇත්තටම මේකෙ කියන්න බැරි දේවල් ටිකක් තමයි තියෙන්නේ’ කිව්වොත් එහෙම වැඩක් නැතිවෙන දේවල්නේ වෙන්නේ’ ඒක හින්දා රම්බරී ඇවිල්ලාම බලන්න’ඩ මේකෙ තියෙන විශේෂත්වය තමයි ශබ්දය සම්බන්ධයෙන් එන අප්ඩේට් එක’ හයිබ්්‍රඩ් ඕඩියෝ ටෙක්නොලොජි කියන එක ලෝකයේ තියෙන දෙයක්’ හැබැයි ලංකාවේ තවම සජීවී ප්‍රසංගවලදී භාවිතා වෙන්නේ නැහැ’ හැබැයි ඒක ස්ටුඩියෝ වල පාවිච්චි වෙන මට්ටමට තියෙනවා’ එතකොට පළමුවතාවට තමයි මේ තාක්‍ෂණය කොන්සර්ට් එකකදී අහන්න ලැබෙන්නේ’ සාමාන්‍යයෙන් කිව්වොත් මේක ඩිජිටල් ඇනලොග් මික්ස් එකක්’ මේක ලංකාවට අලුත් සද්දයක්’
සින්දුවක් හදලා හිට් වුණාට පස්සේ ඒ සින්දුවේ නමින් කොන්සර්ට් එකක් කරන්නේ අවුරුදු විස්සකට පස්සේ’ මේ වැඩේ මෙහෙම කරන්න මෙච්චර කල් ඉවසාගෙන හිටියේ කොහොමද කියලත් අපිට අහන්න හිතුණා’
ශබ්ද පරිපාලනය කියන කෑල්ලත් එක්ක තමයි මේකත් එන්නේ’ මම කොන්සර්ට් එකක් කරනවා කිව්වහම ඒක මගේ හිතට සතුටු වෙන්න බැහැ’ මගේ හිත පිරෙන්න ඕනෑ’ මේක ඇවිත් පළමුවැනි වතාව නෙමෙයි’ 2019 තමයි කොන්සර්ට් එකකට ට්‍රයි කළේ’ ඒ තමයි රම්බරීගේ මොට්ටුව’ ඒක මම ගහන්න හිටියේ ඩැඩී බෑන්ඩ් එකත් එක්ක’ පාස්කු ප්‍රහාරයත් එක්ක ඒක යට ගියා’ ඊට පස්සේ මම කරන්න ගියා පරිණාම කියලා කොන්සර්ට් එකක්’ එතකොට ‘’5 Colombo’’ කියලා බෑන්ඩ් එකකුත් හැදුවා’ ඒකත් මට කරගන්න බැරිවුණා’ ඊටත් පස්සේ තමයි ‘චාන්ට්’ කියන බෑන්ඩ් එක හැදෙන්නේ’ මේ චාන්ට් කියන බෑන්ඩ් එක හැදෙනකම් ඉන්න වුණා මට මගේ සද්දයත් එළියට දෙන්න’ මට මේක වෙන බෑන්ඩ් එකකට දීලා කරන්න පුළුවන්’ කිසිම අවුලක් නැහැ’ හැබැයි මගේ කොන්සර්ට් එක එහෙම කරන්න මගේ හිතට එකඟ නැතිවුණා’ ඉතිං දැන් මගේ හිතට සම්පූර්ණයෙන්ම සියයට දාහක් එකඟව කරනු ලබන කොන්සර්ට් එකක්’ මේක ටිකක් ලොකු නිෂ්පාදනයක්’ කොළඹින් පිට තව නගර දෙකක සිදුකරනවා’ ඊට පස්සේ එන මගේ අලුත්ම කොන්සර්ට් එක ‘හිත තමයි’’
රම්බරී ප්‍රසංගයේ මගේ ගීත 24ක් මම ගායනා කරනවා’ ඒකෙ අලුත් ගීතයක් තව ගායනා කරාවි’ ඔයාලා අහලා තියෙන රම්බරී” ලබැඳියේ” දෑසින් පෑ” සුදු ගවුමේ වගේ හැම ගීතයක්ම එදාට අහන්න පුළුවන්’
ඇත්තටම ලහිරු පෙරේරා කියන නම අදටත් මිනිස්සුන්ට අමතක නැහැ’ ඒකටත් ලහිරුට මොකක් හරි සැලසුමක් තිබුණද? අපි සෘජුවම ඔහුගෙන් ඇහැව්වා’
ඇත්තටම ඒක ප්ලෑන් කරලා කරපු වැඩක් නෙමෙයි’ මම මියුසික්වලටත් ආසයි’ මම කරපු දේ හරිම ආසාවෙන් කැපකිරීමෙන් කළා’ එකක්වත් මම අඩුවෙන් කරන්න ට්‍රයි කළේ නැහැ’ ඉතිං මම මිනිස්සු අතර ඉන්නවාද නැතිද කියලා කියන්න දන්නේවත් නැහැ’ මම මගේ වැඩ ටික ඔහේ කරගෙන යනවා’ මට දැන් 42යි’ මම ලොකුවෙලා” මම ආවේ අවුරුදු 27දී’ හරි සතුටුයි මේ ගමනට’ මගේ හැම සින්දුවක්ම මට ආසාවෙන් අහන්න පුළුවන්’
සංගීතය නොකර ගෙදර ව්‍යාපාර කටයුතු කරන්න කියලා මුලදී බාධාවක් එහෙමත් ලහිරුට තියෙන්න ඇතිනේ’ ඒ ගැනත් අපි විමසුවා’
මම සිංගප්පූරු ගිහිල්ලා ඕඩියෝ ඉංජිනියරින් ඉගෙනගෙන
ඇවිල්ලා මේවා කරනවා කිව්වට පස්සේ කිසිම ප්‍රතිඵලයක් නැහැනේ’ තාත්තා කිව්වා ඇවිල්ලා බේකරියේ වැඩ කරන්නකෝ කියලා’ එතකොට මම රම්බරී හදන්න දීලත් ඉවරයි’ මට එදා පුදුම දුකක් ඇතිවුණා’ මම මෙච්චර කල් මේ දේවල් ඉගෙනගෙන ආවේ බේකරියක් කරන්නද කියන මානසිකත්වයට ආවා’ ඉතිං මම රම්බරී කරලා දැම්මට පස්සේ තාත්තා ආපහු මට එවැනි ඉල්ලීමක් කළේ නැහැ’ ඒක මට ලොකු දෙයක්’ තාත්තා මාව නිදහස් කරපු හින්දනේ ලහිරු පෙරේරා කියලා කෙනෙක් බිහිවුණේ’ මගේ ජීවිතයේ හැම දෙයක්ම මම ආස විදිහට තමයි කරලා තියෙන්නේ’
ලහිරු පෙරේරාව හොයාගෙන ඒ කාලේ මියුසික් අවන් එකට හරි අපූරු චරිත එනවා’ අද ඔවුන් එක්ක ලහිරු එකම වේදිකාවේ ඉන්නවා’ ලහිරු සවුන්ඩ් ඉංජිනියරින් වැඩේ වෙනස් විදිහට කරන්නට හිතුවේ ඇයි කියලත් අපිට කිව්වා’
ඉස්සෙල්ලාම ඕනෑ වුණේ මටම කියලා සින්දුවක් හදාගන්න’ දැන් මේක ඉගෙන ගන්නකොට ‘ඩැඩී’ ලාත් මාත් එක්ක එකතු වෙනවා’ එනකොට ලයිව් බෑන්ඩ් එකක සද්දේ ගන්න ඕඩියෝ ඉංජිනියරින් කෑල්ල හරියටම ඉගෙන ගන්න වෙනවා’ ඒ සද්දෙ එතකොට ලංකාවේ කවුරුවත් අරගෙන තිබුණේ නැහැ’ මම මගේ සද්දෙයි ‘ඩැඩී’ ලාගෙ සද්දෙයි රෙකෝඩ් කරන්න ඉගෙන ගන්නවානේ’ එතකොට එහෙම එකක් ලංකාවේ තිබිලා නැහැ’ ඊට පස්සේ තමයි මා ළඟට කට්ටිය එන්නේ’ ඉතිං දන්න දේවල් හැමෝටම කියල දීලයි තියෙන්නේ’
දිනේෂ් ගමගේ” සනුක වික්‍රමසිංහ” වස්ති ගැන ලහිරු අදවෙනකොට හිතෙන දේ’’’
මේ ළමයි කොහොමටත් ජනප්‍රිය වෙන ළමයි’ ඒ ගොල්ලො මං ළඟට ඇවිත් ගියඑකට මට සතුටක් තියෙන්නේ’ දවසක් මම සිනමන් ලේක්සයිඩ් එකේ ප්‍රයිවෙට් පාර්ටි එකක ඉන්නකොට පල්ලෙහා වායෝ ප්ලේ කරනවා’ සනුක ඇවිල්ලා ප්ලේ කරද්දී කෙළින්ම හොටෙල් එක උඩ යනවා’ ‘සරාගයේ’ තමයි කිව්වේ’ ඒ වෙලාවේ මට ඇතිවෙන හැඟීම වචනයකට පෙරළන්න පුළුවන්නම් ඒවා හැඟීම් නෙමෙයි’ මේ පිරිස අපිත් එක්කම එකට තමයි ඉන්නේ’ එකට ජීවත්වෙන මිනිස්සු ටිකක් විදිහට තමයි මට දැනෙන්නේ’
La singnore ලත් එදාට ඉන්නවාද කියලත් අපි ඇහැව්වා….
La singnore 2’0 කියන්නේ මේ බෑන්ඩ් එකත් එක්ක එදාට ප්ලේ කරන්නේ’ La singnore කියන්නේ ලහිරු පෙරේරාගේ නම වෙනස් වෙලා කියලා තවම කට්ටියට තේරෙන්නේ නැහැ’ ඒ කියන්නේ La singnore කියන්නේ ලහිරු පෙරේරා Sing කරන නම කියලා තේරෙන්නේ නැහැ’ වෘත්තීයමය ජයග්‍රහණයක් විදිහට සලකන්න තියෙන්නේ La singnore තමයි’ ලහිරු පෙරේරා කියලා ඇවිත් La signore කියල බ්‍රෑන්ඩ් එකක් හදලා අදවෙනකොට ෆර්පියුම්ද අරවාද මේවාද දාලා තියෙනවනේ’ La singnore ගැන තේරෙන්නේ නැති කට්ටිය තමයි ඒකට තරහ ගිහිල්ලා ඉන්නේ’ ලහිරු පෙරේරා රම්බරී ඉඳලා දෑසින් පෑවෙනකම් ලහිරු පෙරේරානේ හිටියේ’ ඒ මිනිස්සුන්ට පස්සේ ඉපදුණ මිනිස්සු ඉන්නවානේ අන්න ඒ මිනිස්සු ලොකුවෙන්නේ La singnore කළාට’ මේක එක එක කට්ටිය එක එක විදිහට පිළිගන්නවා’
ජීවිතයේ ආපස්සට හැරුණහම ඉතාම සතුටුයි’ පසුතැවීම් බිංදුවයි’ වෙච්ච හැමදෙයක්ම අත්දැකීමක් විදිහටයි හැම වෙලාවේම පේන්නේ’ දැනුත් එහෙමයි’ කවදාවත් මියුසික් අතහරිනවා කියලා හිතුවේ නැහැ’ දන්න කියන කාලේ ඉඳලා ඔට්ටු වුණේ සද්දෙත් එක්ක මට පුළුවන් ඒකමනේ’ මට ඒක අතහැරලා කරන්න දෙයක් නැහැ’ රස්සාවක් නම් ලොවෙත් කරන්න වෙන්නේ නැහැ’ තාත්තාගේ බේකරියේනේ පුංචි කාලේ ඉඳලා හැදුණේ’ එතකොට බේකරිය මගේ කියලානේ කතාව යන්නේ’ එතකොට පොඩි කාලෙ ඉඳලා රස්සාවක් කරන්න ඕනෑ නැහැ කියලා මට අදහසක් තිබුණා’ කවදාවත් රස්සාවක් කරනවා කියන තැන හිටපු නැති හින්දා මගේ දෙයක් මම කරන්න ඕනෑ කියලා හිතපු හින්දා මියුසික් කරන්න ගත්තේ’ ඒක හින්දමයි ‘රම්බරී’ කියලා කොන්සර්ට් එකක් එන්නේ’