මෙගා නාට්‍ය රඟපාන්න අදහසක් නැහැ -අවන්ති අපෝන්සු

gossiplanka image 1
 

තමන්ට හිමි වූ චරිතයට හුදු පණ පෙවීමකින් ඔබ්බට ගොස් ඒ හා ආත්මීය ලෙස බද්ධ වෙමින් රසික සිත් සතන් තුළ නොමැකෙන මතක සටහන් තැබූ ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතර අවන්ති අපෝන්සුට හිමි වන්නේ සුවිශේෂි තැනකි.


අවන්ති අපෝන්සු තාත්ත්වික රංගනයක් ඔස්සේ ප්‍රේක්ෂක සිත් වසඟ කරගත් නිළියකි. ඇයගේ රංගන පරාසය කොතෙක්ද යත්, හාස්‍යය, ශෝකය, අසරණකම මෙන්ම තේජාන්විත බවද එක ලෙස නිරූපණය කිරීමට ඇයට ඇත්තේ සහජ හැකියාවකි.


ඇයගේ කලා ගමනේ ආරම්භය සිදුවන්නේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළිනි. වේදිකාව යනු රංගන ශිල්පියකුට අත්හදාබැලීම් සිදු කරන්න අනගි තෝතැන්නකි. පසුව ටෙලිනාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයට පා තබන ඇය, එහිදී නිරූපණය කළ චරිත එකිනෙකට වෙනස් වූ තේමාවන්ගෙන් යුක්ත විය.


සම්භාව්‍ය සිනමා නිර්මාණ මෙන්ම ජනප්‍රිය සිනමා නිර්මාණ සඳහාද ඇය එකලෙස දායක වූවාය. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රූප රාමුවෙන් ඔබ්බට ගොස්, චරිතය ගැඹුරින් හඳුනාගෙන ඊට සාධාරණයක් ඉටු කිරීම ඇයගේ රංගන ශෛලියේ පැහැදිලිවම දක්නට ලැබෙන විශේෂත්වයකි. බොහෝ විට ප්‍රධාන චරිතයකටම නොදෙවෙනි ලෙස උපප්‍රධාන හෝ සහායක චරිත නිරූපණය කරමින් එම නිර්මාණයේ සමස්ත සාර්ථකත්වයට ඇය දුන් දායකත්වය අතිමහත්ය.


“අපේ ගම නුවරඑළියේ මාගස්තොට. මම නුවරඑළියේ පොඩි පාසල් දෙකකටත්, ගාමිණී මහා විද්‍යාලයටත් ගියා. ඒ කාලේ මම පුදුම තරම් ලැජ්ජයි. පාසලේදි කලා කටයුත්තකටවත් සහභාගි වෙන්න බැරි වුණේ මේ ලැජ්ජාව නිසා. මගේ මාමා එඩ්වින් පීරීස් අපේ පාසලේ සිංහල ගුරුතුමා. එහෙම ඉඳලත් කොළඹට එනකම්ම මම කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ,.


මගේ හීනය වුණේ හෙදියක් වෙන්න. මම හරියට පොත් කියවනවා. මේ පොත් අතරේ හෙදියකගේ චරිතයක් තිබුණොත් ඉහවහාගිය සතුටක් දැනෙන්නේ.


කොළඹට ආවට පස්සේ ඒ හීනය එහෙම පිටින්ම බොඳ වුණා.


මට රඟපාන්න එන්න අතදුන්නේ අයියා, ජයසේකර අපෝන්සු මහත්මයා. එයා ලියපු ‘සිටුවරයෝ’ කියන වේදිකා නාට්‍යයේ බයෙන් බයෙන් රඟපෑවා. මාස 6ක් විතර රිහසල් කරලා, හයියෙන් දෙබස් කි⁣යන්න, දෙබස් කට පාඩම් කරන්න වගේම වෙලාවට වැඩක් කරන්න පුරුදු වුණා. අදටත් 3.00ට කිවුවොත් 2.30 ඉඳන් මම එතැන. රූගත කිරීම්වලට යන්න වාහනය එද්දි ඒ අයට කවදාවත් මම එනකම් වාහනය නවත්ව ගෙන බලන් ඉන්න වෙලා නෑ”


83 වසරේ ‘හෙළිදරව්ව’ නාට්‍යයේ උදේනි චන්ද්‍රසිරි සමඟ රඟපාමින් රාජ්‍ය නාට්‍ය උලෙළේ දෙදෙනාම හොඳම නළුවා සහ නිළිය බවට පත්විය. ඉන්පසු පාතාලේ සොල්දාදුවෝ, තටු, උරුවිසි, වැනීසියේ වෙළෙන්දා ආදි වේදිකා නාට්‍ය ගණනාවක රඟපාමින් ප්‍රේක්ෂක සිත්හි නොමැකෙන මතක සටහන් තබන්නට ඇයට හැකි විය. ‘එක මවකගේ දරුවෝ’ ටෙලිනාට්‍යයේ සුරම්‍යාගේ චරිතයත් සමඟින් ඈ රඟපෑ සුදු කළු චරිත බොහොමයක් අපේ සිත්හි තවමත් රැඳී තියේ.


“ලලිත් රෝහිතගේ ‘ඉර ගිනි මද්දහන’ ටෙලිනාට්‍යයේ වගේම ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයෙත් මම හරිම ආසාවෙන් රඟපෑවේ. ‘දොරකඩ දෙවොල’ අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වී අවසන් වූවා. ‘ඉරගිනි මද්දහන’ නාට්‍යය මැදකදී මම මියයන ලෙස රඟන්න වුණේ දුවට බබා ලැබෙන්න ඔන්න මෙන්න වගේ තිබුණු නිසා. ලලිත්ගේ මීළඟ ටෙලි නිර්මාණය සඳහාත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ටෙලිනාට්‍ය සඳහා ලැබෙන ඇරැයුම්වල නම් අඩුවක් නැහැ. හොඳ චරිතයක්, හොඳ පිටපතක් වගේම, ගෙවන මුදල ගැනත් හිතන්න වෙනවා. මේ කාරණා තුනම සපිරෙන නිර්මාණ සමඟින් පමණමයි මම අත්වැල් බැඳ ගන්නේ. මෙගා නාට්‍ය රඟපාන්න නම් කොහෙත්ම අදහසක් නැහැ. කොටස් සියයට අඩු ඒවා පමණයි ක්ෂේත්‍ර ‍ෙය් භාර ගන්නේ. දැන් රංගන බහුතරයක් මේ තීරණයට ඇවිත් තියෙන්නේ. එහෙම නොවෙද්දි ප්‍රේක්ෂකයන්ට කතාවත් නීරස වෙනවා. අපිවත් නීරස වෙනවා. අපි යාන්ත්‍රික වෙනවා. මුදල පිළිබඳ පමණක්ම හිතන්න පෙලඹෙනවා. මම රට සංචාරය කරද්දි හොඳටම වැටහෙනවා හරවත් නිර්මාණ, වින්දනයක් ඇති නිර්මාණ රස විඳින්න ප්‍රේක්ෂකයන් තුළ පුදුමාකාර කැමැත්තක් තියෙන්නේ කියලා.“


තමන්ට හිමි වූ චරිතයට හුදු පණ පෙවීමකින් ඔබ්බට ගොස් ඒ හා ආත්මීය ලෙස බද්ධ වෙමින් රසික සිත් සතන් තුළ නොමැකෙන මතක සටහන් තැබූ ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතර අවන්ති අපෝන්සුට හිමිවන්නේ සුවිශේෂි තැනකි.


අවන්ති අපෝන්සු තාත්ත්වික රංගනයක් ඔස්සේ ප්‍රේක්ෂක සිත් වසඟ කරගත් ශිල්පිනියකි.


“චිත්‍රපටයක් සඳහා නම් ළඟදි සම්බන්ධ වුණේම නැහැ. අන්තිමට එක් වුණේ ‘පත්තිනි’ සිනමාපටය සමඟ. චිත්‍රපටවලින් නම් ඉබේටම විරාමයක් ලැබිලා.”


කාලයක් පුරා වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයේම එකසේ දක්ෂතා දැක්වූ ඇය රංගන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස තමන්ගේම සලකුණක් තැබීමට සමත් වූවාය.


“ඔස්ට්‍රේලියාවේ ඉද්දි දොරකඩ දෙවොල නාට්‍යය පටන් ගත්තා විතරයි. ලැබෙන ප්‍රතිචාර නම් හොඳින්ම දැනෙනවා.“


කාලයක් පුරා වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයේම එකසේ දක්ෂතා දැක්වූ ඇය රංගන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස තමන්ගේම සලකුණක් තැබීමට සමත් වූවාය.


“ක්ෂේත්‍රයේ නොයෙකුත් උත්සව, ප්‍රියසම්භාෂණ සඳහා ලැබෙන ආරාධනා නිමක් නෑ. සැමියා සමඟින් පුළුවන් විදිහට මේ හැමදේටම යනවා”


මේ දිනවල ඇය තම එකම දියණියගේ දියණිය රැක බලා ගනිමින් සිටින්නේ පුදුමාකාර සතුටකිනි.


රායා තිලකරත්න පුංචි දියණියගේ සුරතල් බලන්න ඇය මාස 6න් 6ට ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල සංචාරයේ යෙදෙන්නීය. හුරුබුහුටි රායාට දැන් අවුරුද්දකුත් මාස අටකි.


“රායා දුවපැන ඇවිදිමින් පුංචි පුංචි වචන එකතු කරමින් හරි හුරතලේට දඟ වැඩ කරන කාලය මේ ගෙවෙන්නේ. ලංකාවට ආවත් මට මතක් වෙන්නේ එයාගේ කෝලම් ටික. මගේ දුවගේ පුංචි සන්ධියට යන්න ලැබුණා කියලා හිතෙනවා රායාව දකිද්දි “

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post