සප්නා මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල නිරූපණ සහ නිවේදන කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මම නීතිවේදය හදාරමින් ඉන්නවා. මේ වනවිට මම අවසාන වසරේ නීති ශිෂ්‍යාවක්. තව මාසයකින් නීතිඥවරියක් ලෙස මගේ උපාධිය සම්පූර්ණ වෙනවා. ඉතින් මේ දවස්වල මගේ වැඩි අවධානය යොමුවෙලා තියෙන්නේ ඒ අධ්‍යාපන කටයුතු සහ නිරූපණ හා නිවේදන කටයුතු දෙකම සමබරව කරගෙන යන්නයි.
නිරූපණය ඔබේ වෘත්තියද?
නිරූපණය වෘත්තියක් විදිහට නෙවෙයි විනෝදාංශයක් විදිහටයි කරන්නේ. මට නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්න අඩිතාලම ලැබුණේ පැජන්ට් තරග හරහා. 2025 මිස් ටීන්ස් ශ්‍රී ලංකා තරගාවලියේ ක්ලම්බු මොඩ්ල් ඇකඩමි නිර්මාතෘ චරිත් ගුණසේකරගේ මෙහෙයවීම යටතේ මගේ පළමු ජයග්‍රහණය ‘හොඳම පෞරුෂය’ කිරුළ දිනාගැනීමෙන් පසුව, 2026 ග්ලෝබල් කුමරා කුමරිය තරගාවලියට සහභාගි වී ජයග්‍රහණය ලබාගත්තා. ඒ හරහා ඉන්ටර්නැෂනල් පැජන්ට් එකත් සම්පූර්ණ කරලා, ලංකාවේ පළමු වතාවට ‘බෙස්ට් බ්‍රයිඩල් මොඩ්ල්’ කැටගරි එකත් දිනාගන්න මට අවස්ථාව ලැබුණා.
ඔබට චරිත් ගුණසේකර හරහා නිවේදනයටත් අවස්ථාව විවර වුණා?
ඔහු තමයි මාව ප්‍රසන්ටින්වලට යොමු කළේ සහ ඔහුගේම ඉවෙන්ට්ස්වලට දැම්මා. ඔහුම තමයි බලෙන්ම ඔයාට හොඳ ටැලන්ට් එකක් තියෙනවා කියලා මාව යොමු කළේ. ඔහුගේ දිරිගැන්වීම නිසා අද වෙනකොට නිවේදනයට ඇවිත් ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගෙන තියෙනවා. මම කවදාවත් නොසිතූ විදිහට තමයි නිවේදනයට පැතිකඩක් විවර වුණේ. අද මම ඔහුගේ නිල නිවේදිකාව විදිහට වැඩ කරනවා. බයෙන් මයික් එක අතට ගත්තු මම අද වෙනකොට මයික් එක කොතැනද මම එතැන. මම රූපවාහිනියේ නිව්ස් ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කළා. අද ෆ්‍රීලාන්ස් ප්‍රසන්ටර්ව් කෙනෙක් විදිහට ක්ෂේත්‍රයේ ඉදිරියට ඇවිත් තියෙනවා. අද වනවිට සීනියස්ලා එක්ක වැඩ කරනවා. රූපවාහිනියේ නිව්ස් ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කළා. සුප්‍රීම් ටීවී එකේ සජීවී ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කළා. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් ද්විත්වයෙන්ම ප්‍රසන්ටින්, කන්ටෙන්ට් ක්‍රියේෂන් යන සියල්ලම කරනවා.
ඔබේ ජීවිතයේ ඔබට විශේෂයෙන්ම සමීප කලා හැකියාවක් තියෙනවාද?
ඔව්, මම චිත්‍ර කලාව හදාරනවා. චිත්‍ර කලාව කියන්නේ මට මගේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක්. මගේ ජීවිතයේ මොනවා හරි ප්‍රශ්නයක් හෝ හිතට බරක් ආවම, මම මුලින්ම අතට ගන්නේ පින්සල. චිත්‍රයක් අඳින එක හරහා මගේ හිත නිදහස් කරගන්නත්, මගේ හැඟීම් වර්ණ තුළින් ප්‍රකාශ කරන්නත් මට පුළුවන්.
රංගනයට ඇරයුම් ලැබිලා නැද්ද?
ඇරයුම් ලැබිලා තියෙනවා. රංගනය වගේ ක්ෂේත්‍රයකට ආවොත් අවුට් ඔෆ් කන්ට්‍රෝල් වෙනවා. දැනට මගේ කැපෑසිටි එකේ තියෙන්නේ නිවේදනය හා නිරූපණය විතරයි. නමුත් ඉදිරියේදී හොඳ නිර්මාණ ආවොත් සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවා.
හෙට දවස ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ?
නිවේදන කටයුතුවල ඉහළම තැනකට යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම නියැළී සිටින මේ එන්ටර්ටේන්මන්ට් ක්ෂේත්‍රය තුළ මොඩ්ල් කෙනෙක්, ප්‍රසන්ටර් කෙනෙක් සහ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට මට යන්න පුළුවන් උපරිම දුර යන එක මගේ ලොකුම බලාපොරොත්තුවක්. කවදාහරි මගේ ගමන දිහා ආපස්සට හැරිලා බලනකොට, මම මගේ උපරිමයෙන් උත්සාහ කරලා, මට සතුටු වෙන්න පුළුවන් හොඳ ගමනාන්තයක් කරා ඇවිත් තියෙනවා නම්, ඒ මට ඇති.
ෆොටෝ ෂූට් එකක් කළ පමණින් මොඩ්ල් කෙනෙක් වෙන්න පුළුවන්ද?
ලස්සන මොඩ්ල්ස්ලා ඕනෙ තරම් ඉන්නවා. නමුත් මොළයක් තියෙන මොඩ්ස්ලා ඉන්නේ හරිම අතළොස්සක්. ෆොටෝෂූට් එකක් කළ සැණින් මොඩ්ල් කෙනෙක් වෙන්නේ නැහැ. තමන්ට හොඳ දැනුමක් තියෙනවා නම් මට වගේ හොඳ මගපෙන්වීමක් ලැබුණා නම් මට හිතෙනවා හොද මොඩ්ල් කෙනෙක් වෙන්න පුළුවන් කියලා.
ෆැෂන් ගැන ඔබේ අදහස මොකක්ද?
තමන්ගේ පෙනුම ලස්සනට තියෙනවා නම් ෆැෂන් කරන එකේ වරදක් නැහැ. නමුත් අපි ජීවත් වෙන්නේ අපේම සංස්කෘතියක් එක්ක. ඒ සංස්කෘතියට ගරු කරමින්, තමන්ගේ මොළය පාවිච්චි කරලා ෆැෂන් කරන්න පුළුවන් නම් ෆැෂන් කළාට කමක් නැහැ.
නීතිඥවරියක් වූ පසු ඔබ කලාවෙන් ඉවත්වෙයිද?
නැහැ. දැනටමත් ජනාධිපති නීතිඥවරියක් යටතේ වැඩ කරනවා. නිරූපිකාවන් වුණු නීතිඥවරු, දොස්තරවරු පවා ඉන්නවා. ඒ අය එයාලගේ වෙලාව ඒවාට වෙන් කරගෙන තියෙන්නේ. කලාවයි නීතියයි දෙක පටලගන්නේ නැතුව වැඩ කරගෙන ඉන්න පුළුවන් නම් මම අයින් වෙන්නේ නැහැ.
නිරූපණය නිසා ඔබට කටකතා හැදුණොත් ඔබට ඒවාට මුහුණ දීමේ හැකියාවක් තියෙනවද?
මම ස්විම් වෙයාර් ඇඳගෙන ස්ටේජ් එක උඩදි රැම්ප් කරලා තියෙනවා. ඒවා කරනවා නම් කටකතාවලට ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. තමන් කරන්නේ හොඳ දෙයක් නම් වරදක් නෙමෙයි නම් ඒක පවුලේ අයට ප්‍රශ්නයක් නෙමෙයි නම් ලෝකයා මොනා කිව්වත් වැඩක් නැහැ.
ඔබේ පවුලේ අයත් කලාවට සම්බන්ධයිද?
නැහැ. මගේ අම්මා විදුහල්පතිනියක්. තාත්තා කළමනාකරුවෙක්. අක්කා දොස්තර කෙනෙක්. මම තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්නේ.
සප්නා තවම ප්‍රේමය හොයනවද? ප්‍රේමය ලැබිලද තියෙන්නේ?
මම ප්‍රේමය හොයා යන කෙනෙක් නෙමෙයි. නමුත් මම ළඟට ප්‍රේමය ආවොත් භාරගන්නවා.
අවසාන වශයෙන් ඔබ මේ අද ඉන්න තැනට එන්න හයියක් වුණු පිරිසවත් මතක් කරමු?
මගේ අම්මා තමයි මුල්ම හේතුව. අද මේ මම ඉන්න තැනට එන්න හයියක් වුණු සහ මගේ පවුලේ අය. ඒ වගේම චරිත් ගුණසේකර සහ ඉසුරු ගුණසේකර ඇතුළු කණ්ඩායම සහ වචනයකින් හරි මට උදව් කරපු හැම දෙනාවම මතක්