ඉගිලෙන්නට තටු අහිමි සමනලයින්ට අහස ගැන සිහින දැකීම තවදුරටත් විහිලුවක් නොවේ. දෛවයේ සරදමට මෙන් උපතින්ම දෑත් අහිමි වූ බව ලෝකයා පැවසුවත් තමන්ම තනාගත් අහසේ තමන්ම පියඹන්නට වෙර දැරූ සමනල තටු චිත්‍රපටයේ ඒ පුංචි සමනලිය ඔබට මතකද? තමන්ගේම දෙපයින් අකුරු කරමින් උසස් අධ්‍යාපනයද ජයගනිමින් සමාජයේ ඉහළම තැනක වැජඹෙන්නට පාර කියුවේ සිදී ගිය ඒ අත් තටුම නොවේද? ඉගෙනීම ඉගිලෙන්න ආස අයට අත්තටු දෙන බව පසක් කරන දුලංජලී ආරියතිලකගේ ජීවිත කතාව වැටෙන සෑම අවස්ථාවකම කෙනෙකුට නැවත නැගී සිටින්නට දෙන පාඩම අපූරුය.
දුලාංජලී ඔබට සමනල තටු චිත්‍රපටයට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණේ කොහොමද ?
මට එතකොට අවුරුදු නවයක් විතර. රේණු නැන්දයි සෝම මාමයි චිත්‍රපටයට හොයල තිබුණේ මට වඩා ටිකක් වෙනස් අත් දෙක තියෙන කකුල් දෙක නැති ගැහැණු ළමයෙක්. ඒ දවස්වල මම එඩ්වඩ් ජයකොඩි ගුරු පියාණන් ළඟට සංගීතය හදාරන්න යනවා. මං ගැන එතුමත් කියල තිබුණා. ඊට පස්සේ එයාලා ඇවිත් මට කරන්න පුළුවන් මොනවද කියලා බලලා මට ගැළපෙන විදිහට ිජරසචඑ එකත් වෙනස් කරලා තිබුණා. ඊට පස්සෙ තමයි චිත්‍රපටයට මාව තෝරගත්තේ.
සමනල තටු චිත්‍රපටයෙන් පසුව වෙනත් චිත්‍රපටවලට හෝ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණාද ?
නෑ. චිත්‍රපටයෙන් පස්සේ තමයි මට පාසල් යන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා කෙලින්ම ඉගෙනීම් කටයුතුවලට තමයි සම්බන්ධ වුණේ. ඊට පස්සෙ නිර්මාණවලට ආරාධනා ආවෙත් නෑ මම ගියෙත් නෑ. හැබැයි පාසලේ මම වේදිකා නාට්‍ය ගොඩක් කළා.
මේ දවස්වල ඔබේ ජිවිතය ගෙවෙන්නේ කොහොමද?
මම විදේශීය සමාගමක මාර්ගගත ක්‍රමයට රැකියාවක් කරනවා. මේ දවස්වල මම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබද ශාස්ත්‍රපති උපාධිය හදාරමින් ඉන්නේ. කලාවත් එක්ක දැන්නම් සම්බන්ධ වෙලා නෑ.ළමා කාලය ඔබ ගතකළේ ළමා නිවාසයක.
ඒ අත්දැකීම මොනවගේද?
මම පොඩි කාලෙ ඉදන්ම හැදී වැඩුණේ කළුතර කටුකුරුන්ද මාක්ෂි ළමා නිවාසයේ. ඒක සාමාන්‍ය ළමා නිවාසෙකට වඩා වෙනස් සුන්දර තැනක්. මං වගේ තව ගොඩක් අය ඉන්නවා. අපි පවුලක් වගේ ඉන්නේ. ඒක තමා අපේ ගෙදර. අපේ නිවාසයේ නිර්මාතෘවරිය ගුරිවරියක්. එයාට අපි අම්මා කියලා තමයි කතා කරන්නේ. අම්මායි තාත්තයි නිසා තමා මම අද මෙතන ඉන්නෙ. ඒ වගේම රීටා නැන්දා තමා මගෙ හැමදේම කරන්නේ. හැමෝගෙම සහයෝගය මට පොඩි කාලෙ ඉඳන් ලැබෙනවා.
ඔබ එක අවස්ථාවක සඳහනක් කරල තිබුණා ඔබේ ජීවිතය නැති නොකර මව්පියන් ඔබව ළමා නිවාසෙකට බාර දුන්න එක ගැන ස්තුතිවන්ත වෙනව කියලා. ඒ කතාව එහෙම කිව්වෙ ඇයි?
ජීවිතයේ සමහර තීන්දු තීරණ අපිට ගන්න වෙනවා. සමාජයේ ගොඩක්ම දරුවෙක්ව පාරක තොටක දාලා යනවනෙ දකින්න තියෙන්නේ. එයාලට ඕන තරම් ඒ වගේ දේවල් කරන්න තිබුණා. එහෙම නැතුව එයාලා මට උපරිම ආරක්ෂාවක් දෙන්න පුළුවන් කියල හිතෙන තැනකට තමා මාව දාන්න ඇත්තේ. මම නිවාසයේ හිටියේ නැත්තන් කවදාවත් අද මම කරන දේවල් කරන එකක් නෑ.
ඔබේ ජීවිතය ඔබට අභියෝගයක් කියල ජීවිතය අත් හැරදැමීමට හිතුණ අවස්ථා තිබිලා නැද්ද?
සමහර වෙලාවට ඇත්තටම ජීවිතේ හරි අමාරුයි. මගේ ජීවිතෙත් ගොඩක් අමාරු කාලයක් තිබුණා. මම දැන් පොඩි නැහැ. එතකොට වයසත් එක්ක එක එක අවශ්‍යතා ආශාවන් තියෙනවා. ඒවා ඉෂ්ට කරගන්න බැරිවෙනකොට හරි අමාරුයි. ඒ වගේම කොච්චර ඉගෙන ගත්තත් සමාජයේ මිනිස්සු අපි දිහා බලන විදිහ වෙනස්. ඉතින් ඒ වෙලාවට එක එක විදිහෙ හිත් රිදීම් වෙනවා. ජීවිතේ කලකිරුන අවස්ථාත් තිබුණ.ඔබ ජීවිතයේ අභියෝගවලට මුහුණදීලා නැගීසිටිය කෙනෙක්.
තවත් අයෙකු දිරිගැන්වීමට ඔබට ලබාදිය හැකි පණිවිඩය කුමක්ද?
මම ෂබාැචැබාැබඑ කෙනෙක්. හැබැයි ඒ පිටිපස්සෙ මාව බලාගන්න, මට උදව් කරන මට ශක්තියක් වෙන ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේ හොඳ ීමචචදරඑ ිහිඑැප එකක් නැති කෙනෙක්ට කියන්න තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තර ශක්තිය හඳුනාගන්න කියල. තමන්ට ආදරේ කරන්න, තමන් ආස දේවල් කරන්න, හොද යාලුවෝ පිරිසක් හදාගන්න ඕනේ. තමුන් තමුන්ට ආදරේ කරනවටත් වඩා තමන්වම තේරුම් ගත්තම වරදින තැන් හදුනාගන්න ලේසියි.
ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමින් ඔබ කිරීමට බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ දෙයක්ද?
විශේෂ අවශ්‍යතා තියෙන අයගේ ක්‍දපපමබසඑහ එකේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන අය ඉන්නවා. නාමිකව මම සංවිධනවල වැඩ කරන්නෙ නෑ. නමුත් මම කැමතියි මනෝවිද්‍යාත්මකව මේ ගැන කතා කරන්න. මොකද බාහිර දේවල් වගේම මනුස්සයෙක් අභ්‍යන්තර වශයෙනුත් ගොඩනැගෙන්න ඕනේ. ඒ වගේම මං කැමතියි මේ ක්‍දපපමබසඑහ එක මීට වඩා ලොකු වෙනවනම්. මාව මිනිස්සු දන්නේ චිත්‍රපටය නිසා. නමුත් කවුරුත් දන්නෙ නැති සමාජයෙන් හැංගිලා ඉන්න අයගෙ කතා ගොඩක් තියෙනවා. ඉතින් මං හිතන්නේ එයාලට එළියට එන්න අවස්ථාව හදලා දෙන්න ඕනේ. ඒක ආබාධිත අයට විතරක් නෙමෙයි අනෙක් අයටත් පොදු දෙයක්.
සිතාරා එදිරිසිංහ