මම හරි ආඩම්බර අම්මා කෙනෙක් – උදාරි වර්ණකුලසූරිය

gossiplanka image 1
 


ජනප්‍රිය රංගන ශිල්පිනි උදාරි වර්ණකුලසූරිය කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්නේ..


ඇය Ceylon one වැඩසටහනකට එකතු වෙලා ඇගේ දරුවා ගැන ඇය කතා කරන්නේ හරිම ආඩම්බරයෙන්..


ඉතිං හරි ලස්සනට දරුවාව හදාගන්න විදිය ඇය කතා කරන්නේ ඇස්වල නලියන සතුටු කදුළු එක්කයි…


අම්මලා එහෙමයි දරුවෝ ගැන හරි ආඩම්බරෙන් කොයි වෙලෙත් කතා කරන්නේ..


දියණිය ඉපදුනේ සිංගප්පූරුවේ. එයාට අවුරුදු 7 සම්පූර්ණ වෙනකන් ඇය ලංකාවේ තියාගෙන ලංකාවේ සංස්කෘතිය, භාෂාව, ආගම ධර්මය ගැන දුවට කියලා දෙනවා.


දියණියට අදත් හොඳට සිංහල කතාකරන්න පුළුවන් උදාරි නිසයි. ඇය දුව ගැන හරි අපූරු කතාවක් කියනවා, අදටත් නින්දට යද්දී අම්මට තාත්තට වඳින ගාථාව කියලා අපිට වැඳලා කිස් එකක් දීලා නිදාගන්නේ.


උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා කන්න කලින් බුද්ධ පූජාව තියනවා, දවල් ඉස්කෝලේ ඇරලා ඇවිත් කන්න කලින් බුද්ධ පූජාව තියනවා ගිලන්පස තියනවා එයා.


දරුවෙක් අධ්‍යාපනික පැත්තෙන් ධාර්මික පැත්තෙන් දියුණු වෙනවා දකිනවා තරම් සතුටක් දෙමාපියන්ට තවත් නෑ. මම හරි ආඩම්බර අම්මා කෙනෙක් කියලා…


අම්මා කෙනෙක්ට තව මොනාද ඕනි ඉතිං…තමන්ගේ දරුවා තමන්ගේ ඇස් ඉස්සරහ හරි ලස්සනට සුන්දරව වගේම ගතිගුණ අතින් හොඳ විදියට හැදෙනවා කියන්නේ ඒ ඇති අම්මලාට සතුටු වෙන්න…

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post