කැපිලි කෙටිලි මැද තමා ක්‍රවුන් එක ගත්තේ -කෞෂි පෙරේරා

gossiplanka image 1
 


තුර්කියේදී ‘බෙස්ට් මොඩ්ල් ඒෂියා 2021’ කිරුළ හිස පලඳිමින් ජාත්‍යන්තරයම ජයගත් ඇය, ඒ ලැබුණු ඉහළම ජනප්‍රියත්වයත් එක්කම හදිසියේම ෆීල්ඩ් එකෙන් අතුරුදන් වුණා. විවාහයත් එක්ක ඇය නිරූපණයට ආයුබෝවන් කිව්වා කියලයි හැමෝම හිතුවේ. ඒත් ඒ කතා බොරු කරමින් කෞෂි පෙරේරා නැවතත් කරළියට ඇවිත්. රංගනයට ආපු ආරාධනා ප්‍රතික්ෂේප කළේ ඇයි? ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි මැදින් ආපු ගමන මොනවගේද? ඇගේ අලු‍ත්ම තොරතුරු ගැන ‘හාට්’ අපිට කිව්වේ මෙහෙමයි…Sri Lanka Latest News


කෞෂි විවාහ වුණාට පස්සේ නිරූපණ ක්ෂේත්‍රයෙන් සමුගත්තද?

මම නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා නැහැ. මම ගිය අවුරුද්දේ තමයි විවාහ වුණේ. මගේ සැමියා ඇමෙරිකාවේ තමයි වැඩ කරන්නේ. මම ගිය අවුරුද්දේ විවාහය නිසා තමයි ලංකාවට ආවේ. මට දැන් මාස පහක පුතෙක් ඉන්නවා. තව මාස දෙක තුනකින් අපි ඇමෙරිකාවට යනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරපු ගොඩදෙනෙක් අද ජනප්‍රිය තරු බවට පත්වෙලා සිටිනවා. ඔබට ආරාධනා ආවේ නැද්ද?

මට ටෙලිනාට්‍යවල රඟපාන්න ආරාධනා ලැබුණා. මම ඊට ලොකු කැමැත්තක් නැහැ. මම කැමැති නිරූපණ ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යන්න. ගොඩ දෙනෙක් කැමැති නිරූපණ ක්ෂේත්‍රයෙන් ඇවිත් රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න. එහෙම ආපු ගොඩ දෙනෙක් අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු බවට පත්වෙලා ඉන්නවා. අනේ මන්දා මට හිත නැහැ රංගන ශිල්පිනියක් විදියට කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. නිරූපණ ක්ෂේත්‍රයත් කලාවක් තමයි. ඉතින් මේ මගේ තේරීම නිසා මම මේ දෙපැත්තෙන්ම වැඩ කටයුතු කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.


කෞෂිගේ නිරූපණ ක්ෂේත්‍රයට මුලපිරුවේ කොහොමද?

මම පැජන්ට් එකකට සම්බන්ධ වෙන්නේ විශ්ව පෙරේරා හරහා ‘මිස් ටීන් ශ්‍රී ලංකා 2018’ පැජන්ට් එකෙන්. ඊට පස්සේ මම සහභාගි වුණු ‘බෙස්ට් මොඩ්ල් ඒෂියා 2021’ පැජන්ට් එක තිබුණේ තුර්කියේ. මම තමයි ලංකාවෙන් ඒ තරගයට සහභාගි වුණේ. මම ඒ තරගයෙන් ‘බෙස්ට් මොඩ්ල් ඔෆ් ද ඒෂියා’ දිනාගත්තා. ඒ ජයග්‍රහණය ගැන මට පුදුම සතුටක් තියෙන්නේ. මගේ මාතෘ භූමියට ලැබුණු ඒ ජග්‍රහණය ගැන මට ගොඩක් සතුටුයි.

සාමාන්‍යයෙන් පැජන්ට්වල විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඔබට ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණේ නැද්ද?

මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු කාලේ මේ තරම් ප්‍රශ්න මතුවුණේ නැහැ. ඔටුනු වෙනුවෙන් අපි වැඩ කරන කාලේ රණ්ඩු ඇති වුණේ නැහැ. ජග්‍රහණයේ සතුට කාටද, ඒ අය සමග සතුට බෙදාගත්තා. සාමාන්‍යයෙන් පොඩි ප්‍රශ්න කැපිලි කෙටිලි තිබුණා ළඟම ඉන්න අයගෙන්. ඒ කැපිලි මැද තමයි මම තුර්කියේ තිබුණු තරගයට සහභාගි වුණේ.

නිරූපණ ක්ෂේත්‍රයේ ශිල්පීන් ගැන අද කාලේ ඒ තරම් ලොකු පිළිගැනීමක් නැහැ. මේ ගැන ඔබට දැනෙන්නේ මොකක්ද?

පිළිගැනීම් නැතුවාමත් නෙවෙයි. තමන්ගේ වෘත්තිය අවබෝධ කරගෙන ගමනක් යන හොඳ ශිල්පීන් ඉන්නවා. ඔවුන්ට ලංකාවේ විතරක් නෙවෙයි විදේශ රටකට ගියත් හොඳ පිළිගැනීමක් තියෙනවා. හැබැයි දැන් ඉස්සර වගේ නෙවෙයි, දැන් ඇති තරම් නිරූපණ ශිල්පීන් ඉන්නවා. බලන හැම තැනම පැජන්ට් තියෙනවා. ඒ වගේම පැජන්ට්වලට සම්බන්ධ වෙලා විවිධ දේවල් කරනවා. එහෙම වුණාම මේ වෘත්තියට තිබෙන පිළිගැනීම අඩු වෙනවා. ඒ කාලේ නිරූපණ ක්ෂේත්‍රයේ ශිල්පීන් දිහා බලනකොට අද ඉන්න අයට කිට්ටු වෙන්නවත් බැහැ. මොන වෘත්තියකට සම්බන්ධ වෙලා වැඩ කළත් විනය තමයි වැදගත් වෙන්නේ.

ඔබ මේ ක්ෂේත්‍රය තෝරාගැනීම ගැන ගෙදරින් විරුද්ධත්වයක් තිබුණේ නැද්ද?

මම පාසල් කාලයේ ඉඳලම සිහින දැක්කේ නිරූපණ ශිල්පිනියක් වෙන්න. මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු කාලේ ගෙදරින් පොඩි විරුද්ධත්වයක් තිබුණා. පස්සේ ඒ දේවල් ඉබේටම හරිගියා. මට ලැබුණු නිදහස මම හරි විදියට ප්‍රයෝජනයට අරගෙන මේ ගමන ආවා. මම කරන දේ හරි විදියට පිළිවෙළට කරන කෙනෙක්. ඒ නිසා මට මගේ පවුලේ අයගෙන් උපරිම සහාය ලැබුණා. දැන් මගේ පිටුපස මගේ සැමියා ඉන්නවා. ඔහු මට මාරම ශක්තියක් දෙන්නේ. ඒ ලැබෙන ශක්තිය සමග නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට වැඩ කරගෙන යන්න මම නැවත සූදානම් වෙනවා.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post