මිල්ටන් මල්ලවආරච්චිගේ ජීවිත කතාව රැගත් “එදා රෑ” 18 වනදා සිට

gossiplanka image 1
 


 


මිල්ටන් මල්ලවආරච්චි නම් සොඳුරු ගායකයාගේ ජීවිත කතාව ඇසුරින්, අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “එදා රෑ” සංගීතමය සිනමා කාව්‍යය සැප්තැම්බර් 18 වැනි දින සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ.


ප්‍රේමයෙන් පරාජිතව විරහ වේදනාවෙන් දැවෙන හදවත් සිසිලසින් නිවාලන මෙම සිනමා නිර්මාණයෙහි මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ජනප්‍රිය ගීත 26ක් ඇතුළත් වේ.


එහි ගීත ගායනයෙන් මිල්ටන් මල්ලවආරච්චි පුත් රනිල්, මුනුබුරන් වන පවන් සහ තාරක මල්ලවආරච්චි සමඟින් උරේෂා රවිහාරි සහ සමිතා මුදුන්කොටුව එක්වී සිටිති. ධම්මික සල්වතුරගේ කතාවකට අනුව සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ තිර රචනයෙන් දායක වූ මෙහි චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්ද, ෂාන් අල්විස් සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන්ද, සුරේෂ් මාලියද්ද සංගීත අධ්‍යක්ෂණයෙන්ද දායක වී තිබේ.


රොෂාන් රවින්ද්‍ර, නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා, ශේෂාද්‍රි ප්‍රියසාද්, විශ්ව කොඩිකාර, කළණ ගුණසේකර ඇතුළු ප්‍රධාන රංගන ශිල්පීන් හැටකට අධික පිරිසක් මෙහි රංගනයෙන් දායක වූහ. ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, රනිල් මල්ලවආරච්චි සහ නිරාශා මල්ලවආරච්චි සම නිෂ්පාදනයෙන් දායක වන මෙම චිත්‍රපටය චමක මංජුලගේ නිෂ්පාදනයක් වන අතර, එය වන් ලයින් ප්‍රඩක්ෂන් සහ එන්ටර්ටේන්මන්ට් ඉදිරිපත් කිරීමකි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post