ලෝක සිනමාවේ දැවැන්තම සහ සුවිශේෂීම අධ්‍යක්ෂවරයකු වන ක්‍රිස්ටෝපර් නෝලන්, ඔහුගේ .’Oppenheime’ චිත්‍රපටයේ අතිවිශාල සාර්ථකත්වයෙන් පසුව නැවතත් ලෝක සිනමාව උඩුයටිකුරු කරන්නට සූදානම් වේ. හෝමර්ගේ සුප්‍රකට ග්‍රීක මහා කාව්‍යයක් ඇසුරින් නිර්මාණය වන “The Odyssey” එපික් ෆැන්ටසි ක්‍රියාදාම චිත්‍රපටය දැවැන්ත ජාත්‍යන්තර ආරම්භයක් සනිටුහන් කළ අතර, එහි මංගල සති අන්තයේදී ගෝලීය ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ඩොලර් මිලියන 264.1ක ආදායමක් උපයා ගත් බව Universal Pictures ආයතනය පසුගිය ඉරිදා තහවුරු කළේය. මෙම ආරම්භක ආදායමට එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සිනමාහල්වලින් ලැබුණු ඩොලර් මිලියන 124.5ක මුදලක් ද ඇතුළත් විය. හෝමර්ගේ පුරාණ ග්‍රීක කාව්‍යය සිනමාවට නැඟූ මෙම නිර්මාණයේදී, ට්‍රෝජන් යුද්ධයෙන් පසු සිය නිවෙස් බලා යන අන්තරාදායක ගමනේ යෙදෙන පුරාවෘත්තීය වීරයා වන ඔඩිසියස්ගේ චරිතයට මැට් ඩේමන් (Matt Damon) පණ පොවයි. හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු ඇකඩමි සම්මාන රැසක් දිනාගත් 2023 වසරේ නිකුත් වූ ‘Oppenheimer’ (ඔපන්හයිමර්) චරිතාපදාන චිත්‍රපටයෙන් පසුව නෝලන්ගේ සිනමාහල් වෙත පැමිණි පළමු චිත්‍රපටය මෙය වේ.
දත්ත නිරීක්ෂණ ආයතනයක් වන Rentrakහි දත්තවලට අනුව, මෙම චිත්‍රපටය දේශීය සහ ජාත්‍යන්තර සති අන්ත බොක්ස් ඔෆිස් (box office) ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත්තේය. ප්‍රවේශපත්‍ර මිලදී ගත් අයගෙන් අඩක්ම වයස අවුරුදු 18ත් 34ත් අතර පසුවන්නන් වීම තුළින් මෙම චිත්‍රපටය පුළුල් පරාසයක ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් බව Universal හි දේශීය සිනමාහල් බෙදාහැරීම් අංශයේ සභාපති ජිම් ඕර් (Jim Orr) ප්‍රකාශ කළේය.
මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 250ක් විය. CinemaScore නිරීක්ෂණ ආයතනය හරහා මූලික ප්‍රේක්ෂකයින් විසින් චිත්‍රපටයට ‘A’ ශ්‍රේණියක් ලබා දුන් අතර, Rotten Tomatoes හි සමස්ත ප්‍රේක්ෂක ඇගයීම 97%ක් විය.
ට්‍රෝජන් යුද්ධයෙන් පසුව Ithaca හි රජු වන ඔඩීසියස් සිය ආදරණීය බිරිඳ පෙනෙලෝපී හමුවීමට යන දීර්ඝ හා භයානක ගමන සහ එහිදී ඔහුට මුහුණ දීමට සිදුවන විවිධ සිදුවීම් පිළිබඳ කතාව චිත්‍රපටය තුළින් දිගහැරේ.
සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන “The Odyssey” සම්පූර්ණයෙන්ම IMAX 70 mm සිනමා කැමරාවලින් පමණක් රූගත කළ ලොව පළමු විශේෂාංග චිත්‍රපටය වන නිසාවෙන්. මේ වෙනුවෙන්ම දෙබස් පටිගත කරන අවස්ථාවලදී
කැමරාවේ ශබ්දය අවම කිරීම සඳහා විශේෂිත ශබ්ද රෝද නිර්මාණය කිරීමට නෝලන්ට සිදු වේ. මුහුදු දර්ශන සහ සටන් දර්ශනවල සැබෑ ස්වභාවය ප්‍රේක්ෂකයාට සමීප කිරීම සඳහා අඩි මිලියන 2කට වඩා වැඩි IMAX සිනමා පට ප්‍රමාණයක් මේ සඳහා භාවිත කර තිබේ.
කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකක්ද මේ IMAX 70mm (නැතහොත් 15/mm) කියන්නේ කියලා. මේක තමයි ලෝකයේ තියෙන ඉහළම දෘශ්‍ය ගුණයෙන් (visual quality) යුතු සිනමා තාක්ෂණය. ඉහළම පැහැදිලි බව මූලික කාරණාවක්. සාමාන්‍ය සිනමා පටවලට වඩා මෙහි එක පින්තූර රාමුවක් ගොඩක් විශාලයි. මෙහි පැහැදිලි බව 18K අගයකට සමාන වේ. (එය සාමාන්‍ය ඩිජිටල් සිනමාවට වඩා 10 ගුණයකටත් වඩා වැඩියි). විශාල තිරය තවත් සුවිශේෂීත්වයකි. මෙහි රූප රාමුව සාමාන්‍ය සිනමාවට වඩා 40%ක අමතර කොටසක් තිරයේ උඩින් සහ යටින් පෙන්වයි. එමගින් මුළු තිරයම පිරී යන අත්දැකීමක් ලබා දෙනවා. ඒ වගේම මෙය ඩිජිටල් නොවන සැබෑ සිනමා පටයක් නිසා ඉතා ඉහළ වර්ණ සහ තාත්වික බවක් ලබා දෙනවා.
ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක දැවැන්ත පිරිවැයකින් නිපදවෙන මෙය නෝලන්ගේ සිනමා ජීවිතයේ මිල අධිකම චිත්‍රපටය කීවොත් නිවැරදියි. මෙහි දර්ශන වඩාත් තාත්වික කිරීම සඳහා චිත්‍රපට කණ්ඩායම මොරොක්කෝව, ග්‍රීසිය, ඉතාලිය, ස්කොට්ලන්තය, අයිස්ලන්තය, බටහිර සහරාව සහ මෝල්ටාව වැනි රටවල අතිශය මනරම් මෙන්ම අභියෝගාත්මක ස්ථානවල මෙහි රූගත කිරීම් සිදු කර ඇත. විශේෂයෙන්ම සටන් දර්ශන සඳහා සැබෑ ප්‍රමාණයේ වයිකින්ග් නැව් පවා භාවිත කර තිබෙන ආකාරයක් දැකගත හැකි වේ.
චිත්‍රපටයේ සංස්කරණ කටයුතු ජෙනිෆර් ලේම් විසින් සිදු කරන අතර, දෘශ්‍ය ප්‍රයෝග DNEG සමාගම විසින් මෙහෙයවා තිබේ. මෙහි සංගීතය ඔස්කාර් සම්මානලාභී ලුඩ්විග් ගොරන්සන්ගෙනි. සාම්ප්‍රදායික වාද්‍ය වෘන්ද වෙනුවට වෙනත් වාද්‍ය භාණ්ඩ සහ පුරාණ ග්‍රීක බටනළා, වීණා වර්ග භාවිත කරමින් ඔහු ඉතාමත් අපූර්ව පසුබිම් සංගීතයක් නිපදවා තිබේ. සුප්‍රකට ඉලෙක්ට්‍රොනික සංගීතඥ ජේම්ස් බ්ලේක් ද මෙයට ගායනයෙන් දායක වීම තවත් විශේෂත්වයකි. සිනමා විචාරකයන් පවසන්නේ මෙය මේ වසරේ නැරඹිය යුතුම සිනමා නිර්මාණයක් ලෙසයි.