මේ සැරේ මම ලංකාවට ආවේ ටෙලිනාට්‍යක රඟපාන්නමයි - හර්ෂි අංජුමාලා

gossiplanka image 1
 

හර්ෂි අංජුමාලා කියන්නේ කාලෙකට ඉස්සර නිතර දෙවේලෙ පුංචි තිරයෙන් අපේ ඇස ගැටුණු සුන්දර තරුණියක්. නමුත් ඇය විදෙස් ගතවීමත් එක්ක ටෙලිනාට්‍යවලින් දිගු කාලීන විරාමයක් ලබා ගත්තා. ඒත් අවුරුදු හතරකට පස්සෙ හර්ෂි ආයෙත් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයා හමුවට ඇවිත්. ඒ, මේ දිනවල විකාශය වෙන ‘අමුතු සංක්‍රාන්තිය’ ටෙලිනාට්‍යයෙන්. ඉතින් අපි හර්ෂිගෙන් අහලා බැලුවා ඇගේ විස්තර ටිකක්…


කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ?


මේ දවස්වල ගොඩක් හොඳින්, සතුටින් ඉන්නවා. මොකද අලුත් ටෙලිනාට්‍යයක් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒකත් එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නවා.


කොයි කාලෙද ලංකාවට ආවෙ?


ලංකාවට ඇවිත් දැන් මාසෙකට වැඩියි. වැඩි කාලයක් ගත වුණේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක.ටික කාලයක් ලංකාවෙ නිර්මාණවලට දායක වෙන අදහසින්ද ආවෙ?ඔව්. මේ පාර ආවේ ටෙලිනාට්‍යක් එක්ක සම්බන්ධ වෙන්න ඕන කියන අදහසින්මයි. ලංකාවට ඇවිත් සතියකින් ඒ ආසාව හැබෑ කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕන මට මේ අවස්ථාව ලබාදුන්න නිශාන්ත සොයිසා සර්ට. සර් හරහා තමයි මට කපිල සමරකෝන් අයියා අධ්‍යක්ෂණය කරන අමුතු සංක්‍රාන්තිය ටෙලිනාට්‍යට සම්බන්ධ වෙන්න ලැබුණෙ. අවුරුදු හතරකට පස්සෙ මම නැවතත් ප්‍රධාන චරිතයකින් ටෙලිනාට්‍යකට සම්බන්ධ වුණේ. ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්.


ඔස්ටේ්‍රලියාවේ නැටුම් පන්තියක් කළානේ. ඒ වැඩකටයුතු නතර කළාද?


ඔව්. ඔස්ටේ්‍රලියාවේ නැටුම් පන්තිය මම හරි ආසාවෙන් පටන්ගත්ත දෙයක්. මට ලංකාවේ කලාව එක්ක සම්බන්ධ වෙන්න බැරි වුණත් එහේ ආසාවෙන් කරපු දේ තමයි නැටුම් පන්තිය. මම ලංකාවට එන්න ඕන නිසා ටික දවසකට පන්තිය නතර කළා. ඉදිරියෙදි කාලය කළමනාකරණය කරගෙන පන්තිය වෙන විදිහකට කරන්න අදහසක් තියෙනවා.


ආයෙත් ගොඩ කාලෙකට පස්සෙ හර්ෂි අංජුමාලව පුංචි තිරයෙන් දකිද්දි, කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?


මාව ගොඩක් කාලෙකින් පුංචි තිරයෙන් දකිනවා බලන්න ආසාවෙන් හිටපු පළවෙනිම ප්‍රේක්ෂකයා මමමයි. මට මාව නැවතත් ලස්සන නිර්මාණයකින් ටීවී එකේ දකිද්දි හරිම සතුටුයි. ජාතික නාලිකාව එක්කත් මට ලොකු බැඳීමක් තියෙනවා. මට නිවේදිකාවක් විදිහටත් හඬ කැවීම් ශිල්පිණියක් විදිහටත් වැඩ කරන්න අවස්ථාව දුන්නෙ ජාතික නාලිකාව. ඒ වගේම මගේ හස්බන්ඩ්වත් ආදරෙන් මතක් කරන්න ඕන. මොකද ඔහු තමයි මේ සියලු දේ නිදහසේ කරගන්න මට ඉඩ දීලා තියෙන්නෙ. ඒ වගේම මං හැම පාරම ලංකාවට එනකොටම මගේ ප්‍රේක්ෂකයන්ගෙන් මට ආදරේ ලැබෙනවා. මේ පාරත් ඒ ආදරේ ඒ විදිහටම ලැබුණා. ඉතින් හිතනවා මං හරි වාසනාවන්තයි කියලා. ලංකාවෙන් යන්න කලිනුත් මට සකල ගුරු, සිඳු, රාජිණී වගේ ලස්සන නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න ලැබුණා.


ක්ෂේත්‍රය ඇතුළෙ ඉදිරියට එද්දි මුහුණ දෙන්න වුණ විශාලම අභියෝගය මොකද්ද?


ලංකාවෙ හිටපු කාලෙ මගේ අධ්‍යාපන කටයුතුත් කරනගමන් තමයි මම රංගන කටයුතුවලත් නිරත වුණේ. නමුත් මම ඒ දෙකම බැලන්ස් කරගෙන කරගත්තා. දැන් තියෙන ලොකුම අභියෝගය තමයි ලොකු කාලයක් ලංකාවෙ රැf​ඳන්නෙ නැති නිසා ලංකාවෙත් ඉන්න ගමන් කොහොමද කලා නිර්මාණයකට දායක වෙන්නෙ කියන එක. ඒක කොහොමද කරන්නෙ කියලා මේ දවස්වල මම එක්ස්පීරියන්ස් කරනවා.


මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබේ හදවතට සමීපතම චරිතය මොකද්ද? ඒ ඇයි?


මේ වෙනකල් කරලා තියෙන හැම චරිතයක්ම ගොඩක් විශේෂයි මට. හැම චරිතෙකටම මම ගොඩක් ආදරෙයි. ඒ හැම චරිතෙකින්ම මම රංගනය ගැන ඉගෙනගත්තා. නමුත් ඔයා අහන්නෙ මගේ ජීවිතේට සමීපම චරිතය නිසා, මම එකක් තෝරගන්නවා. ඒ තමයි අවසාන වශයෙන් මම කරපු ‘රාජිණී’ ටෙලිනාට්‍යයේ අභීගේ චරිතය. ඒ චරිතය මගේ ජීවිතේටත් සමීප චරිතයක්. මොකද ඒක ඩාන්සර් කෙනෙක්ගේ චරිතයක්.


කලාවේ අනාගත සැලසුම් එහෙම තියෙනවද?


දැනටනම් ‘අමුතු සංක්‍රාන්තිය’ නාට්‍යයේ රූගතකිරීම් ඉවර කරන එක තමයි ඔළුවෙ තියෙන්නේ. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා සහ කතා කරගෙන යනගමන් තියෙන්නෙ. තව ලස්සන නිර්මාණවලින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයි.


හර්ෂි එක්ක වගේම අපි ඊළඟට කතාබහ ආරම්භ කළේ ඇගේ ආදරණීය මව සමඟ…හර්ෂි අංජුමාලාව රටම දන්නෙ නිළියක් විදිහට වුණත්, ඇය දුවෙක් විදිහට මොන වගේ චරිතයක්ද?


මගේ දුව හරිම ආදරණීය චරිතයක්. ඒ වගේම හැබැයි කටකාරයි, දඟයි. මගේ දුවට රටම ආදරේ කරන නිසා මට දුව ගැන තියෙන්නෙ ලොකු ආඩම්බරයක්.පොඩි කාලෙ හර්ෂි හරි දඟයි කියන්නෙ ඇත්තද?අම්මේ ඔව්. එයා ගොඩක් දඟයි. මොන්ටිසෝරි කාලෙ ඉඳන්ම කළේ දඟ වැඩම තමයි. මෙයාගෙ දඟ වැඩ කියන්න බැරි තරම් තියනවා මට. අදටත් ඒ දඟයෙනම් අඩුවක් නෑ.


අම්මා හර්ෂිගේ දකින හොඳම ගුණාංගය මොකද්ද?


මම දකින හොඳම ගුණාංගය තමයි එයාට මං ගැන තියෙන ආදරණීය හැඟීම් සහ ආදරය. මං ගැන එයා නිතරම හොයලා බලනවා. මගේ හිතට මගේ දුව ගැන ගොඩක්ම දැනුණු දේ තමයි ඒ.


දුව දැන් ලංකාවට ඇවිත් නිසා ගොඩක් සතුටු ඇති නේද?


ඇත්තටම මට ගොඩක් සතුටුයි. දුව ඇවිත් දැන් මාසයක් වෙනවා. හැබැයි ඒ මාසෙ ගියා දැනුණෙවත් නෑ. ඉතින් මේ කාලෙ මම දුව එක්ක එයාගෙ වැඩවලට යනවා. එයා රඟපානවා මං බලාගෙන ඉන්නවා. ඒ දිහා බලාගෙන ඉන්න එකත් මට ලොකු සතුටක්. මගේ දුව ලංකාවට එනකල් මම මග බලාගෙන හිටියේ.කොහොමද අම්මා ඇඟේ වැඩවලට පුංචි කාලෙ උදව් කළේ?මගේ දුවගෙ යම් දක්ෂතාවයක් මම පොඩි කාලෙ ඉඳලම දැක්කා. ඒ දක්ෂතාවය ඔප්නංවාගන්න මං එයාට ගොඩක් උදව් කළා. ඒ උදව් කරපු එකෙන් එයා ලොකු ප්‍රයෝජනයක් ගත්තා.


ඇය වෙනුවෙන් අම්මා විදිහට කරපු ලොකුම කැපකිරීම මොකද්ද?


මගේ දුව වෙනුවෙන් මම කරපු කැපකිරීම් ගොඩක් තියෙනවා. ඒ අතරින් ලොකුම දේ, මගේ මහන්සිය සහ කාලය ගැන නොහිතා මම එයාව හැමතැනම එක්කගෙන ගිය එක. මම මං ගැනවත් බලන්නෙ නැතුව අදටත් දුව එක්ක හෙවනැල්ලක් වගේ එහෙ මෙහෙ යනවා.එරංදි කෞශල්‍යා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post