සිංහයෙක් එක්ක රඟපෑවා-කලණ ගුණසේකර

gossiplanka image 1
“ඒක තමයි මේකෙන් හිනාවෙලා ආලේ එකත් අරන් කාමර 106 ට ඇවිත් සත්‍ය සිදුවීමක ඛේදවාචකය විඳගෙන ඔබේ කුඩා දරුවා එක්ක මයි සිම්බා බලලා සත්ව ලෝකයේ දයාව, කරුණාව හිතේ තියන් ගෙදර යන්න එන්න කියලා ප්‍රේක්‍ෂක ඔබට ආරාධනා කරනවා”


මේ කතාව අපට හමුවුණේ මුහුණු පොතේ ඉහළ පහළට යනකොට කලණ ගුණසේකරගේ වෝල් එකෙන්. ඒක දැකපු ගමන් කලාට කතා කරලා පුංචි චැට් එකක් දාන්න වෙලාවක් හදාගත්තා. මොකද මේ වේලාවේ ඔහුගේ චිත්‍රපට තුනක් තිරගත වෙනවා.


ඇත්තටම මේක ෆුල් ආලේ වෙලාවක්. මොකද දන්නවාද? සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂණය කරපු චිත්‍රපට දෙකක් වගේම න්‍ණ සුරේෂ් අධ්‍යක්‍ෂණය සිදුකළ ‘ඵහ සිම්බා’ චිත්‍රපටයත් තිරගත වෙනවා. ඔන්න ඔහොමයි කලණ කතාව පටන් ගත්තේ.


ඇත්ත සිංහයෙක් එක්ක කරපු චිත්‍රපටය ගැන තමයි දැන් මේ කියන්න හදන්නේ.


අම්මෝ ඒක ඇත්තටම ලොකු අභියෝගයක්. ඔටිසම් කැරැක්ටර් එකක් තමයි මම රඟපාන්නේ. එක වෙලාවකදී මම බය කියන එක අතහැරලා දැම්මා. මොකද දන්නවද? බය කියන එක තියාගෙන මේ වැඩේ කරන්න බැහැනේ. කනවා නම් සිංහයා කාපුදෙන් කියලා බය අතහැරලා අන්තිමේ මම ඇක්ට් කළා. නැතිනම් ඒක කරන්න බැහැ.


ඇත්තම සිංහයෙක් ගෙනැල්ල පළමු වතාවට කලණගේ ළඟ තිබ්බහම ආපු අදහසත් අපිට කිව්වා.


බය කියන එක තියාගත්ත නම් ඇත්තටම මේ වැඩේ වෙන්නේ නැහැ. නැතිනම් මේ වැඩේ අතහැරලා දාන්න වෙනවා. බල්ලෙක්ද සිංහයෙක්ද කොටියෙක්ද මැස්සෙක්ද කියලා හිතන්නේ නැතිව වැඩේ කළා. මම හිතුවේ චරිතය ගැන විතරයි. මොකද ඒ චරිතය අනෙක් චරිත වලට වඩා අමාරුයි. මොකද ඔටිසම් චරිතයක්නේ. එක් ඔළුවේ තියාගෙන වැඩේ කරපු හින්ද ද කොහෙද සිංහයාට පිංසිද්ධ වෙන්න සිංහයා මාව කෑවේ නැහැ.


හෝල් එක ඇතුළට ආපු කාමර අංක 106 ගැන කලණ කියන්නේ මේ වගේ අදහසක්,


ඇත්තටම සුරංග ද අල්විස් මගේ ගෙදරටම ඇවිල්ලා පිටපත අතට දීලා තමයි වැඩේ ගැන කතා කළේ. ඒක වෙනස්ම චරිතයක්. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සුනෙත් මාලිංග කියන පිටපත් රචකයා ලියපු වෙනස්ම පිටපතක්. මට මේ චිත්‍රපටයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චිත්‍රපටයේ බිමල් අයියා, දමිතා අක්කා, ප්‍රියන්ත අයියා සුපිරියටම රඟපානවා.


සුරංග ද අල්විස්ගේ ‘ඒක තමයි මේක’ කියන යූටියුබර්ස්ලා හත් දෙනෙක් එක්ක කරපු වැඩේ භාරගත්තේ මෙන්න මේ හේතුව හින්දලු…


ඒකෙදි මට ඕනෑ වුණේ වෙන අත්දැකීමක් ගන්න. ජනයි – ප්‍රියයි, ලකයි – සිකයි වගේම ඒ සියලු දෙනාම අපි සෝෂල් මීඩියාවල බලලා විඳින කට්ටිය. ඉතිං ඔවුන් සමග වැඩ කිරීමත් වෙනස්ම අත්දැකීමක්. මම හිතනවා ‘ඒක තමයි මේක’ හින්දා කියලා. සුරංගගේ චිත්‍රපට දෙකෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ මොන චිත්‍රපටයටද කියලත් අපි කලණගෙන් ඇහැව්වා.


මම හිතන්නේ Room No. 106 ට තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ. හැබැයි මම ‘ඒක තමයි මේක’ සිනමා නිර්මාණයේ වැඩිපුර කාල වේලාවක් තිරයේ රඟපානවා. නමුත් Room No. 106 මම වැඩිපුර රඟපෑවේ නැති වුණාට ප්‍රතිචාර එමටයි. අනික එහි රංගනයත් මට සුවිශේෂයි. සුරංග ද අල්විස් කියන්නේ විවිධාකාරයෙන් වැඩකරන්න පුළුවන් අධ්‍යක්‍ෂවරයෙක්. ඇත්තටම මම පුද්ගලිකව ඔහුගේ Room No. 106 චිත්‍රපටයට තමයි ආසම.


2026 වසරේදී කලණගේ චිත්‍රපට රැසක් තිරගත වුණා. ඒ ගැන කලණට තියෙන්නේ මේ වගේ අදහසක්.


ඇත්තටම මාර සතුටුයි. මොකද අපි කරපු වැඩ බලන්න හම්බ වෙනවා. ඒ වැඩ ප්‍රේක්‍ෂකයෝ බලලා ඉවර වෙලා අපිට ඇතිවෙන ආදරයක් තියෙනවා. ඒ ආදරයට මම පෙරේතයි. මම මේ ඇත්තම කතාව තමයි කියන්නේ. මිනිස්සුන්ගේ ආදරයට මම කොහොමත් පෙරේතයි. ඒකත් එක්ක ගත්තහම මේ වෙලාවේ මරු මූඩ් එකක් තියෙන්නේ.


කලා වැඩිපුර ටෙලිවල රඟපාන්නේ නැත්තේ ඇයිද කියන කාරණාවත් මේ කතාබහ ඇතුළේ කතාබහ වුණා.


මම කොහොමටත් ඉස්සර ඉඳලා අවුරුද්දකට එකක් හෝ දෙකක් තමයි ටෙලි නාට්‍ය භාර ගන්නේ. ඒක ඉතාම සීමිතව තමයි සිද්ධ වෙන්නේ. අන්තිමටම රඟපෑවේ අනුර ඒකනායකගේ ‘රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලියේ. ඊට පස්සෙ එකක් කළේ නැහැ.


කලණ අලුත් ටෙලි පිටපත් අතට ආවට භාරගන්නේ නැතිද? එහෙමත් නැතිනම් සිනමාවටමද කැමැති. ඒ ප්‍රශ්නයට ඔහුගෙන් හරි අපූරු උත්තරයක් අපිට ලැබුණා.


මම වැඩිපුර කැමැති ෆිල්ම්වලට. ඒකට හේතුව අපිට හොඳ මානසික සුවයෙන් රඟපාන්න පුළුවන්. මොකද පැය දෙකක් වගේ කාලයක වැඩක් නේ තියෙන්නේ. එතකොට ඒ චරිතය මූලික කරගෙන රඟපාන්න පුළුවන්. ටෙලිනාට්‍යවල ඒක අඩුයිනේ. මම කොහොමත් මෙගා ටෙලිනාට්‍යවලට යන්නෙත් නැත්තේ ඒ මානසික නිදහස නැති හින්දා. අනික ටෙලිනාට්‍ය කරලා චැනල්වලට දාන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැනේ.


කොටස් දහය දහය වගේ ෂූට් කරපු ටෙලි නාට්‍ය තුනක් විතර තියෙනවා. මේ තුනම ඉතිං ප්‍රශ්න. ඕවායේ ආපහු ෂූටින් පටන් ගන්න කොට කන්ටිනිව් ප්‍රශ්න වෙනවා. ඕවා කල්පනා වෙන කොට චිත්‍රපටයක් කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතෙනවා.


කලණ කියන පිටපත් රචකයාට ඇත්තටම මොකද වුණේ කියලත් අපි ඔහුගෙන් ඇහැව්වා.


ඇත්තටම ඔහු ඉන්නවා. මම චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය සිදුකළා ‘සඳරාමුවක’ කියලා. එහි ශලනි, දමිතා, කසුනි කාවින්දි, මම, සංජීව දිසානායක ඇතුළු පිරිසක් ඒකෙ රඟපානවා. මට ඕනෑ වුණා ඇත්තටම ඒ අත්දැකීම ගන්න. දැන් එහි පසු නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා. මම ලියපු පිටපත් තියෙනවා. කාට හරි ඕනෑනම් මා ළඟ බඩු තියෙනවා. ඒක මම ගොඩාක් වේලාවට කාලය ගෙවා ගන්න කරන වැඩක්. කලණ ගුණසේකර කියන මනුස්සයා මැරෙන කම් රචකයා මැරෙන එකක් නැහැ. මොකද ඒකෙන් තමයි ඔහු නඩත්තු වෙන්නේ.


කලණ රඟපෑ තවත් චිත්‍රපට අටක් හෝ දහයක් විතර තිරගත වෙන්න තියෙනවා. ඔය අතරේ කලණ ගුණසේකර රඟපෑමට ආවේ නැතිනම් මේ වෙනකොට කරන දේ ඔහුටත් හිතාගන්න බැරිලු.


Room No. 106 මේ දිනවල තිරගත වෙනවා. ඔබට බලන්න බැරි වුණා නම් අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම My සිම්බා මම කරපු වෙනස්ම හැඩයක චිත්‍රපටයක්. ඒකට මම මාර මානසික මහන්සියක් ගත්තු වැඩක්. ඒක ඔබේ දරුවාත් එක්ක ඇවිත් නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. ඔය අතරේ හැම චිත්‍රපටයක්ම බලන්න කියලත්, සිනමා රසිකාගාරයෙන් කලා ඉල්ලීමකුත් සිදුකළා.


දිනේෂ් විතාන

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post