මගේ භූමිකාව සර්ප්‍රයිස් එකක් -මනිෂා කන්දේකුඹුර

gossiplanka image 1
 

මනිෂා කන්දේකුඹුර කියන්නේ ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිවේදිකාවක්, නිරූපිකාවක් සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. මේ දිනවල බොහෝ දෙනා කතාවෙන ශලනි තාරකාගේ කුලුඳුල් සිනමා නිර්මාණයේ ද මනිෂා රංගන දායකත්වය ලබා දෙනවා. ඒ ගැන වගේම ඇයගේ ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැනයි මේ කතා බහ.


අසන්ධිමිත එකේ මනිෂාගේ භූමිකාව මොකක් ද?


අසන්ධිමිත කියන්නේ ශලනි තාරකා අක්කගේ පුංචි තිරයට එන පළමු තිර රචනාව. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අසන්ධිමිත නාට්‍යය මුල ඉඳන්ම මඟ නොහැර බලන්න ඕනේ නාට්‍ය නිර්මාණයක්. මම මෙතුවක් කාලයකට කරපු නැති වෙනස්ම විදියේ චරිතයක්. මටත් අභියෝගයක් වුණු චරිතයක්. මම මෙතෙක් කළේ ෆැෂන් කරන සල්ලිකාර පවුල්වල චරිත. ඒ නිසා මේ නාට්‍යය මුල ඉඳන් බැලුවොත් මගේ භූමිකාව තේරුම් යයි. ඒක සර්ප්‍රයිස් එකක්.


ප්‍රේමියේ චිත්‍රපටයට ඇරයුම් ලැබුණෙ කාගෙන් ද?


ශාන් ජයරත්නගෙන් තමයි මට ඇමතුමක් ආවේ. මට කිව්වේ මෙන්න මේ දවස් ටික ෆ්‍රී තියා ගන්න කියලා. ඊට පස්සේ ශලනි අක්කා මට කතා කළා.


ප්‍රේමියේ චිත්‍රපටය ඔබේ පළමු සිනමා අත්දැකීමද?


නැහැ. මගේ මුල්ම සිනමා නිර්මාණය හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්. ඒකත් අධ්‍යක්ෂණය කළේ කාන්තා අධ්‍යක්ෂවරියක්. ඒ විනෝෂා කිරිවන්දෙණිය.


ශලනි කියන්නේ මනිෂාගේ හොඳම යාළුවෙක් ද?


අපි දෙන්නා අතර ලොකු වයස් පරතරයක් නැහැ. නමුත් එයා මේ ක්ෂේත්‍රයට ආවේ පොඩි වයසේ දී. ඒ කාලේ ඉඳන් මම එයාගේ ෆෑන් කෙනෙක්. ශලනි තාරකා කියන්නේ දැන් මට යාළුවෙක්ට එහා ගිය සහෝදරියක්. මගේ සතුටේදී වඩා එයා මගේ දුකේදී ළඟින් හිටිය කෙනෙක්. මගේ තිබුණු ඩ්‍රීම් එකක් එයාව හැබැහින් දකින එක. නමුත් අද වෙද්දී එයා මගේ හොඳ යාළුවෙක් වෙලා ඉන්නවා.


පාසල් යන කාලේ ඔබ කලාවට දක්ෂ කෙනෙක්ද?


මම පාසල් යන කාලේ නර්තනයෙන් නාට්‍යය වලින් සමස්ත ලංකා තරගවලට සහභාගි වුණු කෙනෙක්. ලෝක ළමා දිනවලදී පාසල් නාට්‍යය වලින් සහතික ලබා ගත්ත කෙනෙක්. මාව කලාවට යොමු කළේ මගෙ අම්මා, තාත්තා. අම්මා, තාත්තා ආසාවෙන් හිටියේ මම කලාවට එනවට. අද මම ඒ හීනේ සැබෑ කරගෙන තියෙනවා. මට ශක්තියක් වුණු අම්මට, තාත්තට ස්තුතිවන්ත වෙන්න කැමතියි.


කලාවට යොමු නොවුණා නම් කවුරු වෙන්න තිබුණ ද?


Interior design, ෆැෂන් design කෙනෙක් වෙන්න එහෙම නැත්නම් එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න ඉඩ කඩ වැඩියි. එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න මම කැබින් කෘෘ සිලෙක්ට් වුණත් ගෙදරින් මට ඒ ගමන යන්න ඉඩ දුන්නේ නැහැ.


රංගනයේ දී සීමාවන් තියෙනවද?


මුලදී මම මටම පනවා ගත්ත සීමාවන් තිබුණා. නමුත් දැන් මට මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන නිසා සීමාවන් තියා ගන්න ඕනේ නැහැ කියන තැන මම ඉන්නේ. ඒ නිසා රංගනයේ දී සීමාවන් තියාගෙන නැහැ.


එන්න තියෙන නිර්මාණ මොනවද?


අසන්ධිමිත සහ ප්‍රේමියේ තමයි එන්න තියෙන නිර්මාණ. ඒ අතරේ ධනුෂ්ක රත්නායකගේ අලුත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා.


නිළියක් වීම ගැන අද වන විට මොකද හිතෙන්නේ?


නිළියක් වීම ගැන ඇත්තටම සතුටුයි. නිළියක් වීම අම්මාගේ තාත්තාගේ හීනේ සැබෑ කරන්න ලැබීමක් විදිහටයි මම දකින්නේ.අනිත් එත තමයි මට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ. ඒ නිසා අද මම නිහතමානී ආඩම්බරයක් තියෙනවා නිළියක් වීම ගැන.


හෙට දවස ගැන තියෙන බලාපොරොත්තු මොනවද?


රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ආසාවක් තියෙනවා. ඒ එක්කම කවදා හෝ සම්මානයක් ලබන්නත් මම මේ ක්ෂේත්‍රය තුළ කැපවීමෙන් වැඩ කරනවා. ඒ නිසා කලාවේ සාර්ථක ගමනක් යන ගමන් ව්‍යාපාර කටයුතුත් සාර්ථක කරගෙන අම්මා, තාත්තා, මගේ පුතා සහ නංගිවත් බලාගෙන සතුටින් ඉන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post