'අභිසාරි' ඡායාරූප ප්‍රදර්ශනය
- ජූලි 24 වැනිදා සිනමා ශාලා ආක්‍රමණය කරන 'අභිසාරි' සිනමාපටයට සමගාමීව කොළඹ පුරා යන සුවිශේෂී ජංගම කලා කලාපය මෙන්න
දේවා ජයවර්ධනගේ කැමරා ඇසට පබෝධා සංදීපනී මෙරට කලා ඉතිහාසයේ පෙරළිකාරම අනාවරණයකට හැඩවෙයි; අද (ජූලි 14) සිට දින 8ක් පුරා ක්‍රියාත්මක වන සම්පූර්ණ වීදි කාලසටහන
ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ සැබෑ ජීවන අරගලය, ඔවුන්ගේ සංස්කෘතිය සහ අතීතයේ පටන් කොළඹ නගරය තුළ ඔවුන් ගැවසුණු රහසිගත භූගෝලීය වටපිටාව සමාජගත කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද පෙරළිකාර "අභිසාරි" වීදි ඡායාරූප ප්‍රදර්ශනය අද (ජූලි 14) කොළඹ මහජන පුස්තකාලය අසල ග්‍රීන්පාත් (Green Path) පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ විය.
මෙම ප්‍රදර්ශනය එළඹෙන ජූලි 24 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිත "අභිසාරි" සිනමාපටයට සමාන්තරව, සාම්ප්‍රදායික සංස්කෘතික රාමුවෙන් ඔබ්බට ගිය කලාත්මක දිගහැරුමක් ලෙස මහජනතාව සඳහා නොමිලේ විවෘත වේ.
පබෝධාගේ පෙරළිකාර නිරූපණය සහ කැමරා ඇස
ලාංකීය සමාජය තුළ තවමත් කතා කිරීමට මැලිවන මාතෘකාවක් සිනමාව සහ නිශ්චල ඡායාරූප කලාව ඔස්සේ කලාත්මකව ස්පර්ශ කිරීමට මෙහිදී නිර්මාණකරුවන් උත්සාහ කර තිබේ.