විටක විනිසුරුවරියක් ලෙසත් තවත් විටෙක ආයුර්වේද වෛද්‍යවරියක් ලෙසත් ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ ඇය පසුගිය කාලයේ තාවකාලිකව කලාවෙන් ඈතට යනවා කියලා ප්‍රකාශයක් සිදු කරලා තිබුණා.
ඒ ඇගේ ආදරණීය මව නොසිතූ මොහොතක දැඩි ලෙස රෝගාතුර වූ නිසයි.
මව ගාව මේ අවස්ථාවේ සිටිය යුතු නිසා ඇය ඇයගේ ව්‍යාපාර කටයුතු මෙන්ම කලා කටයුතුවලිනුත් ඈත් වුණා.
කෙසේ නමුත් ඇයගේ මවගේ රෝගී තත්ත්වය පිළිබඳව ඇසූ බොහෝ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඇය ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කොට තිබුණේ පහත ආකාරයෙනි.
“පහුගිය දවස් ටිකේ හැමෝම මගෙන් අහපු, උත්තර දෙන්න අමාරුම වුනු ප්‍රශ්නෙ.අම්මට මොකද වුනේ? ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කාලය හොයා ගන්න බැරි වුනාට සමාවෙන්න. අම්මට දැන් හුගක් සනීපයි… ආදරණීය Doctor Professor Anuradha Dasanayaka, Doctor Jayananda Horadugoda මේ දෙවිවරුන්ට,මගේ අම්මා වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කළ ආදරණීය ඔබට, අපේ අසල්වැසියන්ට, වචනයකින්වත් අම්මාට ,මට කරදරයක් නොකළ බුද්ධිමත් ඔබට, විශ්වයට ස්තූතියි!!! “