මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක වූ අවසන් රංගනය රැගත් මොණර විලක් චිත්‍රපටය එළැඹෙන ජූලි 24 වන දින සිට එම්. පී. අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් දිවයින පුරා තිරගතවීමට නියමිතව ඇත.
සනත් ගුණතිලක සමඟින් මාලිනී ෆොන්සේකා එක්ව රඟපෑ අවසන් චිත්‍රපටය මෙන්ම, ආචාර්ය වික්ටර් රත්නායක සමඟින් කලාශූරී ලතා වල්පොල එක්ව ගී ගැයූ අවසන් චිත්‍රපටයද මෙය වෙනු ඇත. එසේම අකාලයේ අප අතරින් සමුගත් චරිතාංග නළු දර්ශන් ධර්මරාජ් රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපට කිහිපය අතරින් ද එකකි .මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ, ආචාර්ය වික්ටර් රත්නායක ගී තනු නිර්මාණය කරමින්, සංගීතය සපයමින් ගීත ගායනයේ නිරත වන අවසාන චිත්‍රපටයද මොණර විලක් වීමයි.
රසික ලියනගේ තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ සිය පළමු සිනමා නිර්මාණය වූ මොණර විලක් සනත් ගුණතිලක, රොෂාන් රණවන, වසන්ත කුමාරවිල, උමයංගනා වික්‍රමසිංහ, ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති