ආදරය නැතිව ජීවත්වෙන්න අමාරුයි -ඉෂංකා ජහන්වි

gossiplanka image 1
 


තේජා ඉද්දමල්ගොඩ විසින් අධ්‍යක්ෂණය සිදුකළ ආශාවරී සිනමා පටයෙන් තමන්ගේ රංගන ගමන ඇරඹූ ඇය, අද වන විට දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. නිතර ගුවනේ සැරිසරන ඇය කාලෙන් කාලෙට හරි අපූරු චිත්‍රපට වගේම ටෙලිනාට්‍යවලින් දකින්නත් හම්බවෙනවා. නුදුරේදීම සිනමාහල්වලට එන්න හදන අලුත්ම වැඩක මුහුරත් උළෙලදී ඇයව අපිට හම්බවුණා. ගුවනේ සැරිසරන ගමන් ඉෂංකා ජහන්වි ද කොස්තා රඟපෑම් වැඩකටයුතු හරි පරිස්සමට කරන හැටි අපිත් එක්ක කිව්වා.


වරදක් නැහැ. රංගන වැඩකටයුතු වගේම රැකියාවේ වැඩකටයුතු කරගෙන හොඳින් ඉන්නවා.


මොනවාද මේ දවස්වල වැඩකටයුතු?


මේ දවස්වල මගේ අලුත් වැඩකටයුතු ටිකක් කරගෙන යනවා. ඒවත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා.


ළඟදීම අලුත් චිත්‍රපටයකට සම්බන්ධවුණා කියලත් ආරංචියි?


ඔව්. පිස්ZOO කියන චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළා. පිස්ZOO කියන්නේ ලංකාවේ පළමුවැනි වතාවට අධ්‍යක්ෂණය සිදුකරනු ලබන සෙමි ඇනිමේෂන් චිත්‍රපටයක්. ඉතිං මේ චිත්‍රපටය අරුණ ජයවර්ධන මහත්මයා තමයි අධ්‍යක්ෂණය සිදුකරනු ලබන්නේ. අශෝක් ජයකොඩි තමයි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ.


පිස්ZOO සඳහා ආරාධනාව ලැබුණේ කොහොමද?


මට මේ සඳහා ආරාධනාව ලැබුණේ මෙහි අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන මහත්මයාගෙන්. මම ඔහුත් සමග මීට කලින් ටෙලිනාට්‍යයක වැඩකරලා තියෙනවා. ඉදිරියේදී එම ටෙලිනාට්‍ය විකාශයවීමට නියමිතයි. මම ගොඩක් කැමැති අධ්‍යක්ෂවරයෙක්.


පිස්ZOO වෙනස්ම අත්දැකීමක් නේද?


අනිවාර්යයෙන්ම. මේක අනෙක් චිත්‍රපට වගේ නෙමෙයි ඇනිමේෂන් සම්බන්ධ ෆිල්ම් එකක්. ඉතිං ලංකාවේ පළමු වතාවට තමයි මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ. මටත් වෙනස්ම අත්දැකීමක්. ලොකු අභියෝගයක්. ආසාවෙන් මේ නිර්මාණයට සම්බන්ධවෙලා වැඩකටයුතු කරනවා.


මොනවාද අලුත් රඟපෑම් වැඩකටයුතු?


මේ අවුරුද්දේ භාරගත්තු චිත්‍රපට, ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයක් තියෙනවා. ඉතිං ඒවගේ රූගත කිරීම්වලට සහභාගිවීම තමයි මට තියෙන ලොකුම අභියෝගය.


මොකද මම රැකියාවක් කරන ගමන් තමයි මේ දේවල් සිදුකරන්නේ.


රංගන ජීවිතය ගැන මොකද හිතන්නේ?


රංගනය කියන්නේ මම හරි ආදරයෙන් කරන දෙයක්. ඒක මගේ හැකියාව. අනික මම ගොඩක් ආසාවෙන් තමයි රංගනයේ නියැළෙන්නේ. මොකද රඟපෑමත් එක්ක ඉන්නකොට ජීවිතය ගලාගෙන යනවා තේරෙන්නේ නැහැ. ඒ වගේම මම රඟපෑ නිර්මාණයක් නරඹනකොට ජීවිතයට පුදුම සතුටක් දැනෙන්නේ.


ගුවන් සේවිකාවක් විදිහට මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?


රංගනය සහ ගුවන් සේවිකාවක් කියන්නේ මම පුංචි කාලේ ඉඳලා ආසා කරපු රැකියාවන් දෙකක් තමයි. ඉතිං මම හරිම වාසනාවන්තයි මේ වගේ පුංචි වයසකින් මට අවශ්‍ය ඒ හැම හීනයකටම ළඟාවෙන්න හැකිවීම පිළිබඳව. හැබැයි මේ හැමදෙයක් පිටුපසම තියෙන්නේ මහන්සිවෙලා වැඩකිරීමේ ප්‍රතිඵල. ගුවන් සේවිකාවක් විදිහට මම දැන් අවුරුදු තුනක් තිස්සේ වැඩකරනවා. ඒ අත්දැකීම් මේ ලෝකේ කිසිම රැකියාවකින් ලබන්න බැහැ. මගේ දවස පටන් ගන්නෙත් දවස ඉවරවෙන්නෙත් අහසත් එක්ක. ඉතිං ඒක ඇස්දෙකට දකිනකොටම හරිම සතුටුයි වගේම සුන්දරයි. ගොඩක් මිනිස්සු එක්ක වැඩකරන්න හම්බවෙනවා. ලෝකය වටේ යන්න හම්බවෙනවා වගේම ලෝකයත් එක්ක ගනුදෙනු කරන්නත් හම්බවෙනවා. මේ හැමදෙයක්ම ලැබුණේ මගේ රැකියාවෙන්. ඒ හින්දා මම මගේ රැකියාවට ආදරෙයි.


ආදරය ගැන මොකද හිතෙන්නේ?


ආදරය කියන්නේ හරියටම ලැබුණොත් හරිම සුන්දර දෙයක්. ඉතිං මට නම් ආදරයක් නැතිව ජීවත්වෙන්න අමාරුයි. ඒනිසා මම ගොඩාක් ආදරය හොයන කෙනෙක්. ආදරය කියන්නේ ලස්සන දෙයක්.


රඟපෑම් වැඩකටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?


මට ඇත්තටම ගෙදරින් ලොකු සහයොගයක් ලැබෙනවා. ඇත්තටම මගේ අම්මා තමයි මට ගොඩාක් මහන්සිවෙලා උදව් කරන්නේ. ගුවන් සේවිකාවක් විදිහට වැඩකිරීමේදී පවා අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මාගේ සහයෝගය හින්දයි මේ ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යන්න පුළුවන්වෙලා තියෙන්නේ. මගේ තාත්තත් මට ලොකු ශක්තියක් ලබාදෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.


ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?


ඉදිරි වැඩකටයුතු රංගනය සහ රැකියාව තමයි. ඒත් එක්කම තව තව පොඩි ටාගට් ටිකකට ළඟාවෙන්න තියෙනවා. හැබැයි මේ වෙනකොට මම දැකපු හැම හීනයක්ම වගේ සැබෑවෙලා තියෙනවා.


ටෙලිනාට්‍ය වැඩකටයුතු එහෙම කොහොමද?


ටෙලිනාට්‍යවලට තවම මම අලුත්. ටෙලිනාට්‍ය හරිම පරිස්සමින් තෝරාබේරාගෙන සිදුකරනවා. අත්හදා බැලීමට මම එක ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒ ටෙලිනාට්‍යයෙන් පසුව තවත් ටෙලිනාට්‍ය දෙකකට මම රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඒ ටෙලිනාට්‍ය දෙක ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. තව තවත් හොඳ නිර්මාණවලට දායකවෙන්න ඉදිරියේදී අදහසක් තියෙනවා.


මේතාක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?


හරිම සතුටුයි. මම දැන් රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. ඉතිං ඒ කාලය ඇතුළත මම වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය, චිත්‍රපට යන හැම අංශයක්ම නියෝජනය කරලා තියෙනවා. ඉතිං අදටත් මම ඒ හැම අංශයක්ම නියෝජනය කරනවා. මම ආසා කරන රැකියාව මට හම්බවෙලා තියෙනවා. පුංචිකාලේ ඉඳලා හීන දැකපු දේවල් මට හම්බවෙලා තියෙනවා. මම හිතනවා හරිම කල්පනාවෙන් මගේ ගමන යනවා කියලා. ඉදිරියටත් එහෙම ගමන් කරන්න තමයි සූදානම.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post