ලැබෙන චරිතය සීරියස් ද, කොමඩිද කියල ඇයට අදාළම නැහැ. වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරය කියන්නෙත් ඇයට ගෙදර වගේ. මේ දවස්වල ‘ඕ. අයි. සී. ගඩාෆි එක්ක’ රට වටා යන පියුමි බොතේජු එක්ක අපිටත් කතාකරන්න ගොඩක් දේවල් තිබුණා.
පියුමි, මේ දවස්වල ඕ. අයි. සී. ගඩාෆි එක්ක?
ඔව්, ඕ. අයි. සී. ගඩාෆි ගැන එක එක විදිහේ මත ප්‍රකාශ කරන අය ඉන්නව. නමුත් ගොඩක් දෙනෙක් මේකට කැමතියි. මොකද මිනිස්සු කැමතියි හිනාවෙලා සතුටින් ඉන්න. අපිට පේනව මේ දවස්වල චිත්‍රපටය හවුස් ෆුල් වෙනව. ඉතිං ඒ ගැන ගොඩක් සතුටුයි. ඇත්තටම එහෙම වෙන්න ඕන. නිර්මාණයක් බලන්න මිනිස්සු එනව කියන්නෙ අපි මහන්සිවෙලා කරන දෙයක හොඳ ප්‍රතිපලයක් අපි දකිනව කියන එක.
පියුමි කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන්නෙ?
එක දවසක් කෝපරේටිව් ඉවෙන්ට් එකක ඉන්න අතර දවසක් මමයි ප්‍රියන්ත අයියයි ඉන්න තැනකදි රංජන් අයිය කිව්වා උඹලව ගන්නව මගෙ වැඩේට කියල. එතැනින් පස්සෙ දවසක මඩවල අයියා අපිට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කියල කතාකරල කියනව. ‘රන්ජා’ ෆිල්ම් එකෙන් පස්සෙ ඕ. අයි. සී. ගඩාෆි එකේ තමයි මම රංජන් අයියත් එක්ක වැඩ කරන්නෙ.
ගඩාෆි, පිටපත ගැන හිතන්න දෙයක් තිබුණද?
රංජන් අයියගෙ වැඩක් කියන්නෙ කොහොමත් පොඩි ආතල් එකක් තියෙනවමයි. ඒක දන්නව කවුරුත්. එහෙම නැත්නම් ඒ රංජන් අයිය නෙමෙයි. ඒ වගේම එයත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ඒ නිසා එකපයින්ම කැමති වුණා.
පියුමි අක්කට මේ දවස්වල ලැබෙන හොඳම කමෙන්ට් එක මොකක්ද?
මේ දවස්වල නම් මග තොට දකින අයත් අහන්නෙ ඇත්තටම සුදුද කියල තමයි.
ඔව්, මේ ගීතය රූගත කරන්න අපිට දවස් දෙකක් ගියා. එක දවසක් සම්පූර්ණයෙන්ම රිහර්සල් කරල, දෙවැනි දවසෙ ෂූට් එක කළා. මෙතැනදි ධම්මික රත්නායක අයියව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඔහු විශාල මහන්සියක් ගත්තා මේ වැඩේ ලස්සන කරන්න. ඒ ෂූට් එකේදි මම 24 වතාවක් නැටුවා. ගණන් කර කර නටන එකටත් අනිත් අය හිනා වෙවී හිටියා. ඒ තරම් මහන්සි වුණ ෂූට් එක තමයි නිර්මාණයේදි ප්‍රේක්‍ෂකයන්ට ලස්සනට දකින්න පුළුවන් වෙන්නෙ.
පසුගිය දවස්වල ලංකාවේ හිටියෙ නැහැ?
ගොඩක් වෙලාවට ඉවෙන්ට්වලට අපිට පිටරටවලින් ආරාධනා එනව. නමුත් මම බැංකොක් පැත්තෙ රවුමක් ගහල තිබුණෙ නැහැ. ඒ නිසා ලොකු ආසාවකුත් තිබුණා ගිහින් එන්න. ඉතිං නිවාඩුවක් ලැබුණ ගමන් මම ගියා. ඒක මගේ පුද්ගලිත ගමනක්. යුද්ධය නිසා පසුගිය කාලෙම අපිට පිටරටවලට යන්න බැරි වුණා. දැන් ඒ තත්ත්වය ටිකක් පහවෙලා තියෙන නිසා ඩුබායිවල අප්‍රියෙල් මාසයේදි කැන්සල් වුණ අවුරුදු උත්සවයක් පැවැත් වුණා. මමයි ප්‍රියන්ත අයියයි ගිහින් ලස්සනට ඒ වැඩේ කරල ආවා.
‘ගන්ධාරා’ ගැන කතා කළොත්?
ගන්ධාරා චිත්‍රපටයට මට ආරාධනා කරන්නෙ එහි නිෂ්පාදක වන රියෙන්සි. ඔහුව මම බොහෝ කාලයක පටන් දන්නව. නමුත් ඔහු වැඩකරපු ක්‍ෂේත්‍රයත් එක්ක මම කොහොමටවත් හිතුවෙ නැහැ අපේ ක්‍ෂේත්‍රයේ වැඩක් කරයි කියල. ඉතිං කොහොම හරි ඔහු මට කතාකරල කිව්වෙ, මම වැඩක් කරනව, මේ ෆීල්ඩ් එකේ මුලින්ම දන්නෙ ඔයාව, ඉතිං ඔයා මේ වැඩේ ඉන්නම ඕන කියල. මෙතැනදි මම විශේෂයෙන්ම සතුටු වුණේ දමිළ අධ්‍යක්‍ෂවරයෙක් සමග වැඩකරන්න ලැබීම. ඔහුගෙ පළමු නිර්මාණය ‘අදිරන්’, එකත් ඉතාම ලස්සනයි.
ලලිතා ටීචර්ට නම් රසික ආදරය බොහොමයි?
රංගන ශිල්පිනියක් හැටියට මට තියෙන ලොක-ුම සතුට මම ආසාවෙන් කරන හැම චරිතයකටම ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ආදරය. මෑතකදි පවුලේ සියලු දෙනා එක්ක කතරගම ගිය දවසක වයසක තාත්තා කෙනෙක් මේ අපේ ටීචර්නෙ කියල දෙකට තුනට නැමිල වැන්ද. ඒ වෙලාවෙ නම් මට දරාගන්න බැරිවෙලා ඈතට පැනල කිව්වා, නෑ… නෑ… තාත්තේ ඒක චරිතයක්නෙ කියල.
රංගන වැඩකටයුතුවලිනුත් අඩුපාඩුවක් නැහැ?
දැනට මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් වෙනව. කිසිම කෙනෙක් කියල නැහැ මගෙත් එක්ක වැඩ කරන්න බැහැ කියල. මට තරහකාරයො නැහැ. එහෙම හිටියොත් මම තියාගන්නෙත් නැහැ. මොකද කලාව කියන්නෙ එහෙම වැඩ කරන්න පුළුවන් ක්‍ෂේත්‍රයක් නෙමෙයි. අඩුපාඩුවක් නැතිව මට වැඩත් ලැබෙනව.
ඇත්තම කිව්වොත් මොකක්ද මේ පියුමි ලස්සන වීමේ රහස?
ක්‍රීම් ගාන්න, ඉන්ජෙක්ෂන් ගහන වගේ දේවල්වලට මම හරිම බය කෙනෙක්. ඇත්තම කිව්වොත් මම බියුටි පැත්ත ගැන හිතන්නෙ හරිම අඩුවෙන්. ඒක මට හරිම කම්මැළි දෙයක්. නමුත් මාසෙකට වතාවක් ක්ලීන් අප් එකකට යනව. ඒක තමයි මම කරන එකම දේ.
ලැබෙන චරිත ගැන සෑහීමකට පත්වෙනවද?
රංගන ශිල්පිණියක් කියන තැනදි මම හිතනව අපිට විවිධ වූ චරිත ලැබෙන්න ඕනෙ. විවිධ වූ චරිත රඟපෑමේ හැකියාව තියෙන්න ඕනෙ. මගේ රංගන පරාසය තුළ සීරියස් චරිත වගේම කොමඩි චරිත කරන්නත් පුළුවන් කියල මම දන්නව. ඒක මම ලබපු භාග්‍යයක්. ඉතිං අද දක්වා මට ලැබෙන, ලැබුණ චරිත ගැන මම තෘප්තිමත්.
ප්‍රියන්ත සමග කරන කෝපරේටිව් ඉවෙන්ට් ගැන කතා කළොත්?
ඇත්තටම ඒක වෙනස්ම වැඩක්. ඒ වගේ තැනකට අපිට නිකම්ම යන්න බැහැ. හොඳ සූදානමක් තියෙන්න ඕන. පිටපත ලියන්නෙ ප්‍රියන්ත අයිය. ඊට පස්සෙ අපි ඒක රිහර්සල් කරනව. පැය භාගයක් විතර එක දිගට දෙබස් කටපාඩම් තියෙන්න ඕන. ඒ විදිහට තමයි නිර්මාණය එළියට ගෙනියන්නෙ.