නිල්මානෙල් මලෙන් ලොවක් දිනා හඳුන්කූරු දන්සැල් දුන් අපේ නිළිය

gossiplanka image 1
 


නයෝමි තක්ෂිලා කියන්නේ  අනුරාධපුරය පූජනීය නගරයේ ඉඳන් ගමෙන් කොළඹට යන්න ඕනෑ කොළඹින් ලෝකයට යන්න ඕනෑ  කියන සිතුවිල්ලෙන් කොළඹට ඇවිත් නිළියක් වුණ ලස්සන කෙල්ලක්.


වේදිකාව ,ටෙලිනාට්‍ය, සිනමාව කියන කලා ශානර ත්‍රිත්වයම ජයගත් නයෝමි ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වුණේ පන්සල් ගිහින් වඳිද්දි පූජා කරන්න වගා කරපු මහනෙල් මල් නිසා.


අද ඇය රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් මහනෙල් මලින් කරන එම නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය කරගත් දක්ෂ රංගන ශිල්පිනියක් .


පසුගිය වෙසක් පෝය වෙනුවෙන් ඇය අනුරාධපුරයේ වන්දනාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් හඳුන්කූරු දන්සැලක් දුන්නා.


නයෝතා හඳුන්කූරු -එය ඇගේම නිෂ්පාදනයක්.ඒ ගැන ඇය මුහුණු පොතට එක්කර තිබුණේ මෙහෙම සටහනක්.


රුවන්වැලි සෑ අභියස දී පැවැත් වූ නයෝතා හඳුන්කූරු දන්සැල පෙරේදා දවසේ ඉතා සාර්ථක ලෙස අවසන් වුණා. 


අපේ නිල් මානෙල් වගාවෙන් උපත ලැබු නයෝතා සන්නාමයේ ශක්තිය තමයි මේ ඉන්නේ. මේ තමයි මගේ ව්‍යාපාරයේ ශක්තිය. දන්සැලටත් කලින් නයෝතා හඳුන් කූරු මේ අත් වලට දෙන්න ඕන වුනේ මගේ ලෝකයේ දෙවියන් බුදුන්ටත් වඩා ඉහළින් ඉන්නේ මේ දෙන්න නිසා. 


අම්මගේ තාත්තාගේ ශක්තියයි අශිර්වාදයයි තියෙනවනම් මොනවද කරනන් බැරි. 


අද ඉදන් “සිත් බැඳෙන සුවඳ “ නයෝතා හඳුන් කූරු ඔයාලට භාරයි.


දහස් ගනන් පන්සල් වලට දහස් ගනන් කෝවිල් වල දහස් ගන්න ගෙවල් වල  නයෝතා සුවඳ දැන් ඉදන් පැතිරෙයි. Nayotha. නයෝතා නිෂ්පාදන ආදරයෙන් වැළදගත්ත ඔබට මගේ ස්තුතිය


ඉතින් නයෝමි ජීවිතය දිනන්න හරි පාරක යන ඔයාට සාරවිට සුබ පැතුම්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post